පළවෙනි කොරින්ති
6 සහෝදරයෙක් එක්ක ප්‍රශ්නයක් ඇති වුණාම+ ඔයාලා යන්නේ උසාවියටද? අධර්මිෂ්ඨ මිනිස්සු ඉස්සරහටද? ඔයාලා ඒ වගේ දෙයක් කරන්නේ කොහොමද? සභාවේ ඉන්න ශුද්ධ තැනැත්තන් ඉස්සරහට නේද ඔයාලා යන්න ඕනේ? 2 ඔයාලා දන්නවා ශුද්ධ තැනැත්තන් තමයි ඉස්සරහට මේ ලෝකේ විනිශ්චය කරන්නේ කියලා.+ ඉතින් ඔයාලා ලෝකේ විනිශ්චය කරන්න යනවා නම් මේ පොඩි පොඩි ප්‍රශ්න විසඳගන්න ඔයාලට බැරිද? 3 අපි දේවදූතයන්වත් විනිශ්චය කරන්න යනවා+ කියලා ඔයාලා දන්නේ නැද්ද? එහෙමනම් දැන් ඇති වෙන සාමාන්‍ය ප්‍රශ්න ඔයාලට විසඳගන්න බැරි ඇයි? 4 මේ ජීවිතේ ඇති වෙන ප්‍රශ්නයක් විසඳගන්න ඔයාලට උදව් ඕනෙ කියලා හිතන්න.+ ඒ වගේ වෙලාවට ඇයි ඔයාලා සභාවට අයිති නැති විනිශ්චයකරුවන් ළඟට ඒ නඩුව අරගෙන යන්නේ? 5 මං මේ දේවල් කියන්නේ ඔයාලාගේ හිතේ ඔයාලා ගැනම ලැජ්ජාවක් ඇති කරන්නයි. සහෝදරයන් අතරේ ඇති වෙන ප්‍රශ්න විනිශ්චය කරන්න තරම් බුද්ධියක් තියෙන එක් කෙනෙක්වත් සභාවේ නැද්ද? 6 සහෝදරයන්ගේ උදව් ගන්නවා වෙනුවට ඔයාලා ඔයාලාගේ සහෝදරයන්ව උසාවියට අරගෙන යනවා. සභාවට අයිති නැති අය ඉස්සරහට නඩුව අරගෙන යනවා.
7 ඔයාලාගේ සහෝදරයෙක්ට විරුද්ධව නඩු කියන එකෙන් වෙන්නේ ඔයාලා ඔයාලටම ලැජ්ජා කරගන්න එක. වෙච්ච අසාධාරණේ ඉවසන එක ඊට වඩා හොඳ නැද්ද?+ වෙච්ච පාඩුව දරාගන්න එක හොඳ නැද්ද? 8 ඒත් ඔයාලා මොනවාද කරන්නේ? ඔයාලාගෙම සහෝදරයන්ට අසාධාරණකම් කරනවා, වංචා කරනවා.
9 ඔයාලා දන්නේ නැද්ද වැරදි දේවල් කරන අයට* දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ+ කියලා? රැවටෙන්න එපා! ලිංගික දුරාචාරයේ* යෙදෙන අයටවත්+ රූපවලට නමස්කාර කරන අයටවත්+ අනාචාරයේ* යෙදෙන අයටවත්+ සමලිංගික* අයටවත්+ 10 හොරුන්ටවත් කෑදර අයටවත්+ බේබද්දන්ටවත්+ අනිත් අයට නින්දා කරන අයටවත් හොර බොරු වංචා කරන අයටවත් දෙවියන්ගේ රාජ්‍යය උරුම වෙන්නේ නැහැ.+ 11 ඒත් ඔයාලාගෙන් සමහරදෙනෙක් කලින් ඒ වගේ දේවල් කළා. දැන් ඔයාලව හෝදලා පවිත්‍ර කරලයි තියෙන්නේ.+ ශුද්ධ අය විදිහට ඔයාලව වෙන් කරලයි තියෙන්නේ.+ ඒ වගේම ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නමින් සහ දෙවියන්ගේ බලය මාර්ගයෙන් ඔයාලව ධර්මිෂ්ඨ අය විදිහට ප්‍රකාශ කරලයි තියෙන්නේ.+
12 ඕනෙම දෙයක් කරන්න මට අවසර තියෙනවා. ඒත් ඒ හැම එකක්ම ප්‍රයෝජනවත් කියලා කියන්න බැහැ.+ ඕනෙම දෙයක් කරන්න මට අවසර තියෙනවා. ඒත් ඒ කිසිම දේකට මං වහල් වෙන්නේ නැහැ. 13 කෑම තියෙන්නේ බඩ වෙනුවෙන්. බඩ තියෙන්නේ කෑම වෙනුවෙන්. ඒත් ඒ දෙකම දෙවියන් නැති කරනවා.+ ශරීරය හදලා තියෙන්නේ ලිංගික දුරාචාරයේ* යෙදෙන්න නෙමෙයි. ස්වාමීන් වෙනුවෙන් සේවය කරන්න.+ ස්වාමීන් ශරීරයට අවශ්‍ය දේ ලබා දෙනවා. 14 දෙවියන් ස්වාමීන්ව නැවත නැඟිට්ටෙව්වා.+ ඒ වගේ ඔහු අපිවත් ඔහුගේ බලය පාවිච්චි කරලා+ මරණයෙන් නැඟිට්ටවයි.+
15 ඔයාලාගේ ශරීර අයිති ක්‍රිස්තුස්ට කියලා ඔයාලා දැනන් හිටියේ නැද්ද?+ ක්‍රිස්තුස්ට අයිති දෙයක් අරගෙන ගණිකාවකට සම්බන්ධ කරන එක හරිද? කවදාවත් එහෙම වෙන්න බැහැ. 16 කෙනෙක් ගණිකාවක් එක්ක ලිංගික සම්බන්ධකම් පවත්වද්දී ඒ දෙන්නා එක ශරීරයක් වගේ වෙනවා කියලා ඔයාලා දැනන් හිටියේ නැද්ද? මොකද දෙවියන් මෙහෙම කියලා තියෙනවා. “එයාලා දෙන්නා එක් කෙනෙක් වගේ වෙනවා.”+ 17 ඒත් කෙනෙක් ස්වාමීන් එක්ක එකට බැඳිලා ඉන්නවා නම් ඒ කෙනා හිතන්නේ ස්වාමීන් හිතන විදිහටමයි.+ 18 ලිංගික දුරාචාරයේ* යෙදෙන්න එන පෙලඹීම්වලින් පැනලා දුවන්න.+ වෙන කිසිම වරදක් නිසා කෙනෙක්ගේ ශරීරය ඒ තරම් අපවිත්‍ර වෙන්නේ නැහැ. ලිංගික දුරාචාරයේ යෙදෙන කෙනෙක් කරන්නේ තමන්ගේ ශරීරයට විරුද්ධව බරපතළ වරදක්.+ 19 ඔයාලාගේ ශරීර දේවමාලිගාවක් වගේ+ කියලා ඔයාලා දන්නේ නැද්ද? ඒ මාලිගාව තියෙන්නේ දෙවියන්ගේ බලයට වැඩ කරන්න. ඒ බලය දෙවියන් ඔයාලා එක් එක් කෙනාට දීලා තියෙනවා.+ ඔයාලා අයිති ඔයාලට නෙමෙයි.+ 20 මොකද දෙවියන් ඔයාලව මිල දීලා ගත්තේ හරිම වටින දෙයක් දීලයි.+ ඉතින්, දෙවියන්ට ගෞරවයක් ගේන්න+ ඔයාලාගේ ශරීර පාවිච්චි කරන්න.+