යෙසායා
මම ආදරේ කරන කෙනාට සාරවත් කඳු බෑවුමක මිදිවත්තක් තිබුණා.
2 ඔහු බිම කොටලා ගල් ඉවත් කරලා
හොඳම වර්ගයේ රතු මිදිවැලක් එතන හිටෙව්වා.
ඔහු මිදිවත්ත මැද මුරකොටුවකුත් ඉදි කළා.
ගල හාරලා වයින් යන්ත්‍රයකුත් හැදුවා.+
ඒ මිදිවැලෙන් හොඳ පලදාවක් ලැබෙයි කියලා ඔහු බලාපොරොත්තු වුණා.
ඒත් හැදුණේ වල් මිදි විතරයි.+
3 ඉතින් ඔහු මෙහෙම කිව්වා. “යෙරුසලමේ වැසියෙනි, යූදාවල සෙනඟෙනි,
මමයි, මගේ මිදිවත්තයි දිහා බලලා තීන්දුවක් දෙන්න.+
මම හොඳ පලදාවක් බලාපොරොත්තුවෙන් හිටියා.
එහෙමනම් ඒකේ වල් මිදි හැදුණේ කොහොමද?
5 මගේ මිදිවත්තට මම කරන්න යන දේ දැන් ඔබට කියන්නම්.
මම වත්ත වටේට තියෙන වැට අයින් කරලා දානවා.
කටු පඳුරු සහ වල් පැළවලින් ඒක වැහිලා යයි.+
එක වැහි පොදක්වත් ඒකට දෙන්න එපා කියලා මම වලාකුළුවලටත් අණ කරනවා.+
7 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාට අයිති මිදිවත්ත නම් ඊශ්‍රායෙල් ජාතියයි.+
මම ආදරේ කරපු මිදිවත්ත නම් යූදාවල සෙනඟයි.
ඔවුන් යුක්තිය ඉටු කරයි කියලා මම බලාපොරොත්තු වුණත්+
හැම තැනම තිබුණේ අයුක්තිය.
ඔවුන් ධර්මිෂ්ඨ විදිහට වැඩ කරයි කියලා මම බලාගෙන හිටියත්
හැම තැනින්ම ඇහෙන්නේ පීඩිතයන්ගේ අඬා වැලපීම විතරයි.”+
8 තමන් විතරක් දේශයේ ඉන්න හිතාගෙන
අනිත් අයට කිසිම ඉඩක් ඉතුරු නොකර
ගේකට ගෙයක් ඈඳගන්න+
ඉඩමකට ඉඩමක් යා කරගන්න+ අයට මොන තරම් විපතක් වෙයිද!
9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දිවුරලා මෙහෙම කියනවා මට ඇහුණා.
ගොඩක් ගෙවල් මාලිගා වගේ ලස්සනට හදලා තිබුණත්
ඒවාට වෙන දේ දැක්කාම මිනිස්සු පුදුම වෙයි.
ඒ ගෙවල්වල ජීවත් වෙන්න කිසිම කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ.+
11 මත්පැන් බොන්න උදේ පාන්දරින්ම නැඟිටලා
රෑ බෝ වෙන කල් හොඳටම බීලා වෙරි මතින් ඉන්න අයට මුහුණ දෙන්න වෙන විපත මොන තරම්ද!+
12 වීණාවේ, කුඩා වීණාවේ, බටනළාවේ සහ රබන්වල හඬ ඔවුන්ගේ උත්සවවලදී ඇහෙනවා.
ඔවුන් වයින් බීලා සතුටු වෙනවා.
ඒත් ඔවුන්ට යෙහෝවා කරන දේවල් ගැන ගාණක්වත් නැහැ.
ඔහුගේ අතින් කරන කිසිම දෙයක් ගැන ඔවුන් හොයලා බලන්නේ නැහැ.
13 මගේ සෙනඟට නිවැරදි දැනුමක් නැති නිසා+
ඔවුන්ව වහලුන් විදිහට අරගෙන යයි.
ඔවුන් ගෞරවයෙන් සලකන අය හාමතෙනුත්+
ඔවුන්ගේ සෙනඟ පිපාසයෙනුත් පෙළෙයි.
14 ඇගේ උත්තමයන්වයි, විනෝදයෙන් ඝෝෂා නඟන, උමතුවෙන් කෑගහන සෙනඟවයි
ඇදගන්න බලාගෙන ඉන්න මිනී වළ
තවත් විශාල වෙලා,
කට අසීමිත විදිහට ඇරගෙන ඉන්නවා.+
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙන විනිශ්චය නිසා ඔහු ගෞරවයට පත් වෙයි.
සැබෑ දෙවියන් වන ශුද්ධ තැනැත්තා+ ධර්මිෂ්ඨව වැඩ කරන නිසා ඔහු ශුද්ධයි කියලා පැහැදිලි වෙයි.+
17 බැටළු පැටව් උන්ගෙම තණබිමක ඉන්නවා වගේ නිදහසේ තණ කයි.
විදේශිකයන් තර කරපු සතුන් හිටපු, පාළුවට ගිය තැන්වලට ඇවිත් බඩ කට පුරවගනියි.
18 බොරු කියන අයට ලැබෙන්නේ දුක විතරයි. ඔවුන්ගේ වංක වැඩ නිසා පාපයත් ඔවුන් යන යන තැනට යනවා.
හරියට කරත්තයකට ගැටගහලා තියෙන සතෙක් වගේ.
19 ඔවුන් මෙහෙම කියනවා. “ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා තීරණය කරලා තියෙන දේ* කරපුදෙන්.
අපිටත් ඕනෙ ඒක දැනගන්න.+
දෙවියන් කරන දෙයක් ඉක්මනින්, පමා නොවී කරපුදෙන්.
අපිත් ආසයි ඒක බලන්න.”
20 යහපතට නපුර කියලත් නපුරට යහපත කියලත්+
අඳුරට ආලෝකය කියලත් ආලෝකයට අඳුර කියලත්
තිත්ත දේට පැණි රස කියලත් පැණි රස දේට තිත්ත කියලත් කියන අයට මොන තරම් විපතක් වෙයිද!
21 තමන් ප්‍රඥාවන්තයි කියලා හිතන අයටත්
තමන් හරිම බුද්ධිමත් කියලා හිතන අයටත්+ මුහුණ දෙන්න වෙන විපත මොන තරම්ද!
22 වයින් බොන්න උපන් හපන්කමක් තියෙන අයටත්
මත්පැන් වර්ග එකට මිශ්‍ර කරලා* බොන්න අතිදක්ෂ අයටත්+ මොන තරම් විපතක් වෙයිද!
23 අල්ලසක් අරගෙන දුෂ්ටයෙක්ව සුද්ද කරන අයත්+
ධර්මිෂ්ඨයෙක්ව වරදකරුවෙක් විදිහට තීන්දු කරන අයත්+ අද්දකින්නේ දුක විතරයි.
24 ඒ නිසා ඔවුන් ගිනිදැල්ලකට අහු වෙන පිදුරු ගහක් වගෙත්
වේළිලා ගිය තණකොළ ගහක් වගෙත් පිච්චිලා යයි.
ඔවුන්ගේ මුල් කුණු වෙලා ගඳ ගහයි.
මල් වේළිලා දූවිලි වගේ හුළඟට ගහගෙන යයි.
ඔවුන් ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නීතිය* ගාණකටවත් ගත්තේ නැහැ.
ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාගේ වචනයට ගෞරව කළේ නැහැ.+
25 ඒ නිසයි යෙහෝවාගේ කේන්තිය ඔහුගේ සෙනඟට විරුද්ධව ඇවිළිලා තියෙන්නේ.
ඒ නිසයි ඔහුගේ අත ඔවුන්ට විරුද්ධව දිගහැරලා ඔහු ඔවුන්ට පහර දෙන්නේ.+
කඳු දෙදරුම් කයි.
මළ මිනී කුණුකසළ වගේ පාරවල්වල හැම තැනම තියෙයි.+
සෙනඟගේ අකීකරුකම නිසා ඔහුගේ කේන්තිය නිවිලා ගිහින් නැහැ.
ඔහු තවමත් අත දිගහැරගෙන පහර දෙන්න සූදානමින් ඉන්නවා.
26 දෙවියන් දුර ඈත ඉන්න ජාතියක්ව ගෙන්නන්න සංඥාවක් දෙනවා.*+
පොළොවේ ඈත කෙළවරවල ඉඳන් එන්න කියලා ඔවුන්ට අඬගහනවා.+
ඔවුන් හරිම වේගයෙන් එන විදිහ බලන්න!+
27 ඔවුන් අතරේ දුර්වල අයවත් වෙහෙසට පත් වුණ අයවත් නැහැ.
කිසිම කෙනෙක් විවේක ගන්නෙවත් නිදා වැටෙන්නෙවත් නැහැ.
ඔවුන්ගේ ඉඟපටි ලිහිලවත්
පාවහන්වල පටි කැඩිලවත් නැහැ.
28 ඔවුන්ගේ ඊතල හරිම තියුණුයි.
ඔවුන් දුනු සූදානම් කරගෙන ඉන්නවා.
ඔවුන්ගේ අශ්වයන්ගේ කුර ගිනිගල් වගේ.
අශ්ව රථවල රෝද සුළිසුළඟක් වගේ කැරකෙනවා.+
ගොරවලා ගොදුර ඩැහැගෙන ඒක කැමති තැනකට ඇදගෙන යනවා.
උන්ගෙන් ඒක බේරගන්න කාටවත් බැහැ.
දේශය දිහා බලන හැමෝම දකින්නේ හරිම භයානක අන්ධකාරයක් විතරයි.
අහසත් අඳුරු වලාවලින් වැහිලා යයි.+