හබක්කුක්
3 මේ, අනාගතවක්තෘ හබක්කුක් විලාප ගීයක ස්වරයෙන් කරපු යාච්ඤාවක්.
2 යෙහෝවා දෙවියනි, ඔබ කරපු දේවල් ගැන මං අහලා තියෙනවා.
යෙහෝවා, ඒවා ගැන අහද්දී මට ඔබ ගැන ඇති වෙන්නේ ලොකු ගරුබියක්.
දෙවියනි, නියමිත කාලයේදී* ඒ වගේ පුදුම දේවල් ආයෙත් කරන්න.
නියමිත කාලයේදී* මිනිසුන්ට ඒවා ගැන දැනගන්න සලස්වන්න.
ඒත් ඔබ මහත් කැලඹීමක් ඇති කරද්දී අපිට දයාව පෙන්වන්න අමතක කරන්න එපා.+
ඔහුගේ තේජසින් මුළු අහස්තලයම වැහිලා ගියා.+
ඔහුට ප්‍රශංසා කරන හඬ පොළොව පුරාම පැතිරිලා ගියා.
4 ඔහුගෙන් විහිදෙන තේජස සූර්යාලෝකය වගේ.+
ඔහුගේ දෑතින් විදුලි සැර විහිදුණා.
ඔහුගේ ශක්තිය සැඟවිලා තියෙන්නේ ඔහුගේ දෑතෙයි.
6 ඔහු නතර වුණාම පොළොව දෙදරුම් කෑවා.+
ඔහුගේ එක බැල්මකින් ජාතීන් තිගැස්සුණා.+
අතීතයේ ඉඳන් තිබුණ කඳු සුනුවිසුනු වෙලා ගියා.
පුරාණයේ ඉඳන් පවතින කඳු බෑවුම් කඩන් වැටුණා.+
ඔහු ඇවිදින්නේ ඔහු අතීතයේ ඉඳන් ගමන් කරපු මාර්ගවලමයි.
7 කූෂාන් දේශයේ කූඩාරම් ඇතුළේ විඳින දුක් පීඩා මම දැක්කා.
මිදියන් දේශයේ කූඩාරම් කැලඹුණා.+
8 යෙහෝවා දෙවියනි, ඔබේ උදහස ඇවිළෙන්නේ ගංගාවලට විරුද්ධවද?
ඔබ කේන්තියෙන් ඉන්නේ ඇළදොළ ගංගා එක්කද?
ඔබ ඔබේ දැවෙන කේන්තිය පිට කරන්නේ මුහුදට විරුද්ධවද?+
9 ඔබේ දුන්න පිටතට ඇදලා විදින්න ලෑස්ති කරලයි තියෙන්නේ.
ගිවිසුමකින් ආයුධවලට* කාර්යයක් පවරලයි තියෙන්නේ.* (සීලාහ්)
ඔබ ජල ධාරාවක් එවලා පොළොව දෙබෑ කළා.
10 ඔබව දැක්කාම කඳු වේදනාවෙන් දැඟලුවා.+
ධාරානිපාත වර්ෂාවක් ඇද හැලිලා ජල කඳ දේශය මැදින් ගලාගෙන ගියා.
ගැඹුරු දිය උල්පත් මහත් හඬින් ඝෝෂා නැඟුවා.+
ඒවා පොළොව බිඳගෙන ඉහළටම නැග්ගා.
11 හිරුත් සඳුත් ඉහළ අහසේ නතර වුණා.+
ඔබේ ඊතල විදුලි සැර වගේ නික්මුණා.+
අකුණකින් නික්මෙනවා වගේ ආලෝකයක් ඔබේ හෙල්ලයෙන් නිකුත් වුණා.
12 ඔබ පොළොව හරහා ගමන් කළේ කේන්තියෙන්.
ඔබ කෝපයෙන් ජාතීන්ව පාගලා දැම්මා.
13 ඔබේ සෙනඟව බේරගන්න ඔබ පිටත් වුණා.
ඔබේ අභිෂේක ලත් තැනැත්තාව ඔබ බේරගත්තා.
දුෂ්ටයන්ගේ අධිපතියාව ඔබ පාගලා දැම්මා.
ඔවුන්ගේ නිවසේ වහලේ ඉඳන් අත්තිවාරම වෙන කල්ම විනාශ කරලා දැම්මා. (සීලාහ්)
14 මාව පන්නලා දාන්න ඔහුගේ භටයෝ ආවේ සුළිසුළඟක් වගේ.
ඒත් ඔබ ඔවුන්ගෙම ආයුධ අරන් ඔවුන්ගේ හිසට ඇන්නා.
මොකද හැංගිලා ඉඳන් අසරණයන්ට පහර දෙන එකෙන් ඔවුන් ලැබුවේ ලොකු සතුටක්.
15 ඔබේ අශ්වයන් අරගෙන ඔබ මුහුද මැදින් ගමන් කළා.
කැලඹුණු ජල ධාරා හරහා ගියා.
16 ඒ ගැන දැනගත්තාම මම බයෙන් වෙවුලන්න පටන්ගත්තා.*
මගේ තොල් වෙවුලුවා. මගේ ඇටකටු දිරලා ගියා.+
මගේ කකුල් ගැහෙන්න පටන්ගත්තා.
ඒත් විපත්ති දවස එන කල් මම නිහඬව බලන් ඉන්නවා.+
මොකද ඒ දවසට හිතන්නේ නැති වෙලාවක අපේ සතුරන්ට මුහුණ දෙන්න වෙනවා.
17 අත්තික්කා ගහේ මල් හටගත්තේ නැතත්
මිදිවැල සහ ඔලීව ගහ පල නොදැරුවත්
කෙත්වලින් අස්වැන්න නොලැබුණත්
බැටළු රැළේ සහ ගව රැළේ සතුන් නැති වෙලා ගියත්
18 යෙහෝවා නිසා මම සතුටින් ඉපිල යනවා.
මට ගැලවීම ලබා දෙන දෙවියන් නිසා+
මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්.
19 මගේ ශක්තිය ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවායි.+
ඔහුගේ උදව්වෙන් මම මුවෙක් වගේ දුවනවා.
උස් තැන්වල ඇවිදින්න ඔහු මට උදව් කරනවා.+
සංගීත අධ්‍යක්ෂක වෙත. මගේ තත් භාණ්ඩ වාදනය කරමින් ගායනා කරන්න.