ශෙපනියා
3 කුරිරු, කැරලිකාර, දූෂිත නගරයට දුක් වෙන්න වෙයි!+
2 ඇය කාටවත් කීකරු වෙන්නේ නැහැ.+ හික්මවීම් පිළිගන්නේ නැහැ.+
ඇය ඇගේ දෙවි යෙහෝවාව විශ්වාස කළේවත්+ ඔහුට ළං වෙන්න උත්සාහ කළේවත් නැහැ.+
3 ඇගේ පාලකයන් ගොරවන සිංහයන් වගේ.+
ඇගේ විනිශ්චයකරුවන් රාත්‍රියේ සැරිසරන වෘකයන් වගේ.
ඔවුන් ඊළඟ දවසට කන්න මස් කට්ටක්වත් ඉතුරු කරන්නේ නැහැ.
4 ඇගේ අනාගතවක්තෘවරු ද්‍රෝහිකම් කරන, අහංකාර අය.+
හිරු නොවරදවාම උදා වෙනවා වගේ
ඔහු හැම උදෑසනකම ඔහුගේ විනිශ්චයන් ඔවුන්ට දැනුම් දෙනවා.+
ඒත් අධර්මිෂ්ඨ අය වැඩ කරන්නේ කිසිම ලැජ්ජාවක් නැතුව.+
6 “මම ජාතීන්ව විනාශ කළා. ඔවුන් උසට හදපු මුරකොටු පාළු වෙලා ගියා.
මම ඔවුන්ගේ මංමාවත් විනාශ කරලා දැම්මා. ඒ නිසා ඒවාත් පාළුවට ගියා.
ඔවුන්ගේ නගරවල කිසිම කෙනෙක් ඉතුරු වුණේ නැහැ. ඉතුරු වුණේ නටබුන් ගොඩක් විතරයි.+
7 ‘මං ගැන ගරුබියක් ඇති කරගෙන මගේ හික්මවීම* පිළිගන්න’ කියලා මම ඇයට ආයාචනා කළා.+
මං එහෙම කළේ ඇගේ හැම වරදකටම දඬුවම් නොකර
ඇගේ වාසස්ථානය විනාශ වෙන එක වළක්වන්න ඕනෙ නිසයි.+
ඒත් ඔවුන්ගේ හිත දුෂ්ට දේවලට තව තවත් ඇදිලා ගියා.+
8 ඒ නිසා යෙහෝවා මෙහෙම කියනවා. ‘මම සතුරන්ට විරුද්ධව නැඟී ඉඳලා
ඔවුන්ගේ වටිනා දේවල් පැහැරගන්න දවස එන කල්* බලාගෙන ඉන්න.*+
ජාතීන් සහ රාජ්‍යයන් එක් රැස් කරන්නත්
මගේ දැවෙන කෝපය ඔවුන් පිටට සම්පූර්ණයෙන්ම වගුරුවන්නත් මම තීරණය කළා.+
ගින්නක් වගේ ඇවිළෙන මගේ කේන්තිය නිසා මුළු දේශයම* දැවිලා යයි.+
9 ඒ කාලයේදී මම ජනයාට පවිත්‍ර භාෂාවක් කතා කරන්න උගන්වනවා.
එතකොට ඒ හැමෝටම යෙහෝවා වන මගේ නමට අයැදින්නත්
11 ඔබ මට විරුද්ධව කැරලිගහලා හුඟක් වැරදි කරලා තිබුණත්
ඒ දවසේදී ඔබට ඒවා ගැන ලැජ්ජා වෙන්න ඕනෙ වෙන්නේ නැහැ.+
මොකද උඩඟු විදිහට පුරසාරම් දොඩපු අයව මම ඒ වෙද්දී ඔබ අතරින් අයින් කරලා තියෙයි.
ඔබ ආයේ කවදාවත් මගේ ශුද්ධ කන්දේදී උඩඟු විදිහට හැසිරෙන්නේ නැහැ.+
12 මම ඔබ අතරේ ඉන්න ඉඩ දෙන්නේ යටහත්පහත්, නිහතමානී අයට විතරයි.+
ඔවුන් යෙහෝවා වන මගේ නම ඔවුන්ගේ රැකවරණය කරගන්නවා.
13 ඊශ්‍රායෙල්වරුන් අතරින් ඉතුරු වෙන අය+
කිසිම අධර්මිෂ්ඨ දෙයක් කරන්නෙවත්+ බොරු කියන්නෙවත් නැහැ.
අනිත් අයව රවට්ටන කිසිම කෙනෙක් ඔවුන් අතරේ ඉන්න යන්නෙත් නැහැ.
ඔවුන් හොඳින් පෝෂණය වෙලා සුවෙන් කල් ගෙවයි.
කවුරුත් ඔවුන්ව බයගන්වන්නේ නැහැ.”+
14 සියොන් දියණිය, සතුටින් කෑගහන්න!
ඊශ්‍රායෙල්, ජය නාද නඟන්න!+
යෙරුසලම් දියණිය, මුළු හදවතින්ම ප්‍රීති වෙන්න!+
15 යෙහෝවා දෙවියන් ඔබට දුන්න දඬුවම දැන් අවසන් වෙලා.+
ඔහු ඔබේ සතුරාව පන්නලා දැම්මා.+
ඊශ්‍රායෙල්වල රජු වන යෙහෝවා දැන් ඔබ අතරේ ඉන්නවා.+
ඔබ ආයේ කවදාවත් විපත්තිවලට බය වෙන්නේ නැහැ.+
16 ඒ දවසේදී යෙරුසලමට මෙහෙම කියයි.
“සියොන්, බය වෙන්න එපා.+
ඔබේ දෑත් දුර්වල වෙන්න දෙන්න එපා.
17 ඔබේ දෙවි යෙහෝවා ඔබ අතරේ ඉන්නවා.+
බලවන්තයෙක් වගේ ඔහු ඔබව බේරගනියි.
ඔබ නිසා ඔහු සතුටින් ඉපිල යයි.+
ඔබට පෙන්වන ආදරේ නිසා ඔහුගේ හිතට සැනසීමක් දැනෙයි.*
ඔහු ප්‍රීති ඝෝෂා නඟමින් ඔබ ගැන සතුටු වෙයි.
18 ඔබේ උත්සවවලට සහභාගි වෙන්න බැරි නිසා දුකෙන් ඉන්න අයව මම එක් රැස් කරනවා.+
ඔවුන්ට ඔබ ළඟට එන්න බැරි වුණේ ඔවුන් වෙනත් දේශයක නින්දා විඳිමින් හිටපු නිසයි.+
19 ඒ කාලයේදී ඔබට පීඩා කරන හැම කෙනෙක්ටම විරුද්ධව මම පියවර ගන්නවා.+
කොරගගහා ඉන්න අයව මම බේරගන්නවා.+
විසිරිලා ඉන්න අයව මම එකතු කරගන්නවා.+
ඔවුන් නින්දාවට ලක් වුණ දේශය පුරාම මම ඔවුන්ව ප්‍රශංසාවට පත් කරනවා.
ඔවුන්ගේ නම හැමෝටම දැනුම් දෙනවා.
20 ඒ කාලයේදී මම ඔබව එක් රැස් කරලා ආයෙත් ඔබේ මව්බිමට අරන් එනවා.
ඔබේ ඇස් පනාපිටම ඔබේ වහලුන්ව නිදහස් කරනවා.