හිතෝපදේශ
29 කීප වතාවක්ම ලැබුණ අවවාද මුරණ්ඩු විදිහට ප්රතික්ෂේප කරන කෙනාට+
හදිස්සියේම අනතුරකට මුහුණ දෙන්න වෙනවා.
එයාට කොහොමටවත් බේරෙන්න ලැබෙන්නේ නැහැ.+
2 ධර්මිෂ්ඨයන්ගේ ගාණ වැඩි වුණාම මිනිස්සු සතුටු වෙයි.
ඒත් පාලනය දුෂ්ටයෙක්ගේ අතට පත් වුණාම ජනයා සුසුම්ලයි.+
3 ප්රඥාවට ප්රිය කරන කෙනා එයාගේ තාත්තාව සතුටු කරයි.+
ඒත් ගණිකාවන් එක්ක ඇසුරු කරන කෙනා එයාගේ වස්තුව නාස්ති කරලා දායි.+
4 රජෙක් යුක්තිය ඉටු කරද්දී රටේ සාමකාමී වාතාවරණයක් තියෙයි.+
ඒත් අල්ලස, දූෂණය නිසා රටක් පරිහානියට ලක් වෙයි.
9 ඥානවන්තයෙක් මෝඩයෙක් එක්ක වාදයකට පැටලුණොත්
එයාට නින්දා අපහාස, බැණුම් අහන්න වෙනවා මිසක් සැනසිල්ලක් නම් ලැබෙන්නේ නැහැ.+
12 බොරු කතාවලට සවන් දෙන පාලකයෙක්ගේ හැම සේවකයෙක්ම දුෂ්ටයි.+
13 දුප්පතා සහ පීඩා කරන කෙනා අතරේ සමානකමක් තියෙනවා.
ඒ දෙන්නාටම ජීවිතය දුන්නේ* යෙහෝවා දෙවියන්.
15 වේවැලෙනුත්* අවවාදවලිනුත් ප්රඥාව ලබා දෙන්න පුළුවන්.+
ඒත් දරුවෙක්ට හිතුමතේට වැඩ කරන්න ඉඩහැරියොත් එයා අම්මාව ලැජ්ජාවට පත් කරයි.
16 දුෂ්ටයන් වැඩි වෙද්දී නීති විරෝධී දේවලුත් වැඩි වෙයි.
ඒත් ධර්මිෂ්ඨයා දුෂ්ටයන්ගේ වැටීම ඇස් දෙකෙන්ම දකියි.+
18 දෙවියන්ගෙන් මඟ පෙන්වීම්* නොලැබුණාම මිනිස්සු කිසි පාලනයක් නැතුව හැසිරෙයි.+
ඒත් නීතිය පිළිපදින අය ඉන්නේ සතුටින්.+
20 කතා කරන්න ඉක්මන් වෙන කෙනෙක්ව ඔයා දන්නවාද?+
මෝඩයෙක් ගැන ඊට වඩා බලාපොරොත්තු තියාගන්න පුළුවන්.+
21 සේවකයෙක්ට පොඩි කාලේ ඉඳන්ම ඕනෑවට වඩා සලකන්න ගියොත්
පස්සේ කාලෙකදී එයා කිසි අගයක් පෙන්වන්නේ නැති කෙනෙක් වෙයි.
22 නිතරම කේන්ති ගන්න කෙනෙක් රණ්ඩු දබර ඇති කරයි.+
ඉක්මනින් කේන්ති ගන්න කෙනාගේ අතින් හුඟක් වැරදි වෙයි.+
24 හොරෙක් එක්ක හවුලේ වැඩ කරන කෙනෙක් තමන්ටම හානියක් කරගන්නවා.
වරදක් ගැන සාක්ෂි දෙන්න කියන ප්රසිද්ධ නිවේදනය* ඇහුණත් එයා සාක්ෂි දෙන්නේ නැහැ.+