යෙසායා
30 යෙහෝවා දෙවියන් මෙහෙම කියනවා. “මුරණ්ඩු පුතුන් අද්දකින්න යන්නේ මොන තරම් දරුණු විපතක්ද!+
ඔවුන් වැඩ කරන්නේ මගේ සැලසුම් අනුව නෙමෙයි ඔවුන්ගෙම සැලසුම් අනුවයි.+
ඔවුන් ගිවිසුම් ගහගත්තත්* ඒවා මගේ කැමැත්තට* විරුද්ධයි.
ඒ විදිහට ඔවුන්ගේ වැරදි තවත් වැඩි කරගන්නවා.
5 පිහිට වෙන්න බැරි සෙනඟක් නිසා
ඒ හැමෝම ලැජ්ජාවට පත් වෙනවා.
කිසිම උදව්වක්, උපකාරයක් දෙන්නේ නැති ඒ සෙනඟ නිසා
ඔවුන් අද්දකින්නේ ලැජ්ජාව සහ නින්දාව විතරයි.”+
6 දකුණේ ඉන්න වනසතුන්ට විරුද්ධව දෙන තීන්දුව මේකයි.
තමන්ගේ ධන සම්පත් බූරුවන්ගේ පිටෙත්
තෑගිබෝග ඔටුවන්ගේ පිටෙත් පටවගෙන
සිංහයන් ඉන්න, ඔව් ගොරවන සිංහයන් ඉන්න,
පොළොඟුන් සහ පැනපැන දෂ්ට කරන විෂකුරු සර්පයන් ඉන්න
විපත්වලින් පිරුණු, දුෂ්කර දේශයක් හරහා ඔවුන් යනවා.
ඒත් ඒ කිසිම දේකින් සෙනඟට නම් පලක් වෙන්නේ නැහැ.
7 ඊජිප්තුවෙන් ලැබෙන උදව්වලින් කිසිම වැඩක් නැහැ.+
ඒ නිසයි මම ඇයව “පැත්තකට වෙලා බලන් ඉන්න රාහබ්”+ කියලා හඳුන්වන්නේ.
8 “දැන් ගිහින් ලෑල්ලක් අරගෙන ඔවුන් ඉස්සරහම ඒ දේවල් ලියන්න.
ලියවිල්ලක ඒවා සටහන් කරන්න.+
හැමදාටම තියෙන සාක්ෂියක් විදිහට
ඒක ඉස්සරහට ප්‍රයෝජනවත් වෙයි.+
10 ඔවුන් දිවැසිවරුන්ට ‘දර්ශන දකින්න එපා’ කියලා කියනවා.
අනාගතවක්තෘවරුන්ට ‘අපි ගැන ඇත්ත කියන්න එපා.+
අපි සතුටු වෙන දෙයක් කියන්න. මොනවා හරි බොරුවක් ගොතලා කියන්න’ කියලා කියනවා.+
11 ඔවුන් මෙහෙමත් කියනවා. ‘හරි පාරෙන් අයින් වෙන්න. යා යුතු මාර්ගෙන් පිට පනින්න.
ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාණන් ගැන අපිට කියන එක දැන් නවත්තන්න.’”+
12 ඒ නිසා ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තාණන් මෙහෙම කියනවා.
“ඔබ මගේ වචනය අහක දාලා+
බොරුවෙත් වංචාවෙත් පිහිට පැතුවා.
ඒ මත විශ්වාසය තිබ්බා.+
13 ඔබේ වරද හරියට කඩා වැටුණු බිත්තියක් වගෙයි.
කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙන පුපුරපු උස බිත්තියක් වගෙයි.
ඒක හදිස්සියේම, එකපාරටම කඩන් වැටෙයි.
14 ඒක කුඹල්කරුවෙක්ගේ විශාල මැටි බඳුනක් වගේ බිඳලා දානවා.
ලිපකින් ගිනි අඟුරක් ගන්නවත්
වතුර වළකින්* දිය පොදක් ගන්නවත්
පුළුවන් වෙන තරමේ පුංචි කෑල්ලක්වත් ඉතුරු නොවෙන විදිහට ඒක කුඩු කරලාම දානවා.”
15 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා වන යෙහෝවා මෙහෙම කියනවා.
“මං ළඟට ආපහු හැරිලා ඇවිත් සන්සුන්ව හිටියොත් ඔබට ගැලවීම ලැබෙයි.
කලබල නොවී මං ගැන විශ්වාසය තියන එක ඔබට ශක්තියක් වෙයි.”+
ඒත් ඔබ ඒකට කැමති වුණේ නැහැ.+
16 ඔබ මෙහෙමත් කිව්වා. “අපි අශ්වයන්ගේ පිටේ නැඟලා පලා යනවා.”
ඔබට අනිවාර්යයෙන්ම පලා යන්න වෙයි.
“අපි හරිම වේගවත් අශ්වයන්ගේ පිටේ නැඟලා යනවා.”+
ඔබ පසුපස එන අය හරිම වේගයෙන් ඔබව ලුහුබඳියි.+
17 එක් කෙනෙක්ගේ තර්ජනයට දාහක් බයෙන් වෙවුලයි.+
පස්දෙනෙක්ගේ තර්ජනයට ඔබ පලා දුවයි.
ඉතුරු වෙන අය හරියට කන්දක් උඩ හිටවපු රිටක් වගෙත්
උස්බිමක සංඥාවක් විදිහට හිටවපු කණුවක් වගෙත් වෙයි.+
මොකද යෙහෝවා යුක්තිය ඉටු කරන දෙවි කෙනෙක්.+
ඔහු ගැන බලාපොරොත්තුවෙන් ඉන්න* හැමෝම සන්තෝෂවත්.+
19 සෙනඟ සියොන්වලට ඒ කියන්නේ යෙරුසලමට+ ගිහින් ජීවත් වෙද්දී ඔබ ආයෙත් අඬා වැලපෙන්නේ නැහැ.+ ඔබ උදව් ඉල්ලලා කන්නලව් කරද්දී ඔහු ඔබට අනිවාර්යයෙන්ම අනුකම්පාව පෙන්නයි. ඔබේ හඬ ඇහුණ ගමන්ම ඔහු ඔබට පිළිතුරු දෙයි.+ 20 යෙහෝවා ඔබට දුක් කරදර නමැති කෑම කන්න සහ පීඩා නමැති වතුර බොන්න ඉඩහැරියත්+ ඔබේ උදාර උපදේශකයාණන් වන ඔහු තවදුරටත් ඔබෙන් සැඟවිලා ඉන්නේ නැහැ. ඔබ ඔබේ ඇස් දෙකෙන්ම ඔබේ උදාර උපදේශකයාණන්ව+ දකියි. 21 හදිස්සියෙවත් ඔබ නොමඟ ගිහින් දකුණට හරි වමට හරි හැරුණොත්+ ඔබට පිටුපසින් මෙහෙම කියන හඬක් ඇහෙයි. “මේක තමයි හරි පාර.+ මේ පාරේ යන්න.”
22 රිදී ආලේප කරපු ඔබේ රූපත් රත්තරන් ආලේප කරපු ලෝහ පිළිමත්*+ ඔබ විනාශ කරලා දායි. අපවිත්‍ර රෙදි කෑල්ලක්* වීසි කරලා දානවා වගේ ඔබත් “මේක මහ ජරාවක්”+ කියලා ඒ රූප වීසි කරලා දායි. 23 ඔබ කෙත්වල බීජ වපුරද්දී ඔහු අවශ්‍ය වැසි ලබා දෙයි.+ කෙත්වලින් ලැබෙන අස්වැන්නෙන් ඔබ ඇති තරම් පෝෂ්‍යදායි රොටි හදාගනියි.+ ඒ දවසේදී ඔබේ සත්ව රැළවල් විශාල තණබිම්වල තණ කයි.+ 24 කෙත්වල වැඩට ගන්න ගවයන්ට සහ බූරුවන්ට රොඩු අයින් කරපු* හොඳම කෑම දෙයි. 25 බලකොටු කඩා වැටිලා මහා ඝාතනයක් වෙන දවසේදී හැම කඳු මුදුනකින්ම සහ පර්වතයකින්ම දිය පහරවලුත් දොළ පහරවලුත් ගලාගෙන එයි.+ 26 ඒ දවසේදී යෙහෝවා තමන්ගේ සෙනඟගේ තුවාල* බැඳලා,+ ඔහු දුන්න පහරෙන් ඇති වුණ බරපතළ තුවාලය සුව කරයි.+ එදාට පුන්සඳේ ආලෝකය බැබළෙන හිරුගේ ආලෝකයට සමාන වෙයි. හිරුගේ ආලෝකය හත් ගුණයකින් වැඩි වෙයි.+ ඒක හරියට දවස් හතකදී ලැබෙන හිරු එළිය එක දවසක් ඇතුළත ලැබෙනවා වගෙයි.
ඔහු කතා කරන්නේ හරිම කේන්තියෙන්.
ඔහුගේ දිව ඇවිළෙන ගින්නක් වගෙයි.+
28 ඔහුගේ හුස්ම* ගෙල ළඟටම නඟින, වේගයෙන් ගලාගෙන එන ජල ධාරාවක් වගෙයි.
පෙනේරයක් ඒ මේ අත හොලවනවා වගේ ඔහු ජාතීන්ව හොලවලා විනාශ කරලා දායි.
මිනිස්සුන්ව වැරදි පාරක අරගෙන යන්න ඔහු ඔවුන්ගේ හකුවලට කටකලියාවක් දායි.+
29 ඒත් ඔබ ගයන ගීතය හරියට උත්සවයකට සූදානම් වෙද්දී+
රාත්රියේදී ගයන ගීතයකට සමාන වෙයි.
ඊශ්‍රායෙල්ගේ පර්වතය වන යෙහෝවාගේ+ කන්ද දෙසට
නළාවක් පිඹිමින් ඇවිදගෙන යන කෙනෙක් වගේ
ඔබේ හිතත් සතුටින් පිරී යයි.
30 යෙහෝවා ඇවිළෙන ගිනි ජාලාවකුත්+
ධාරානිපාත වැස්සක්,+ කුණාටුවක් සහ හිම කැට වර්ෂාවකුත්+ එක්ක
ඔහුගේ තේජවත් හඬ+ ඇහෙන්න සලස්වයි.
32 යෙහෝවා දඬුවම නමැති ඔහුගේ දණ්ඩෙන්
ඇසිරියාවට පහර දෙන හැම වතාවකදීමත්
ඔවුන්ට විරුද්ධව ඔහුගේ අත උස්සලා සටන් කරද්දීත්+
රබන් ගහන, වීණා වයන හඬ ඇහෙයි.+
33 මොකද ඒ කෙනාව විනාශ කරන්න දැනටමත් ස්ථානයක්*+ සූදානම් කරලයි තියෙන්නේ.
ඔවුන්ගේ රජටත් ඒ තැන සූදානම් කරලයි තියෙන්නේ.+
ඔහු* විශාල, ගැඹුරු වළක් පුරවන්න තරම් දර ගොඩගහලයි තියෙන්නේ.
මදි නොකියන්න ගින්දරත් දරත් තියෙනවා.
දැවෙන ගෙන්දගම්වලට සමාන
යෙහෝවාගේ හුස්මෙන් ඔහු ඒ තැන අවුළුවයි.