ශෙපනියා
1 ආමොන්+ රජුගේ පුතා වුණ යොෂියා+ යූදාවල රජකම් කරපු කාලයේදී, කූෂිගේ පුතා වුණ ශෙපනියාට යෙහෝවා දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබුණා. කූෂි ගෙදලියාගේ පුතා. ගෙදලියා අමරියාගේ පුතා. අමරියා හෙසකියාගේ පුතා. ශෙපනියාට* ලැබුණු පණිවිඩය මේකයි.
2 “මම දේශය මතුපිට තියෙන හැම දෙයක්ම සම්පූර්ණයෙන්ම විනාශ කරනවා” කියලා යෙහෝවා කියනවා.+
මිනිසුන්ව වරදට පොලඹවන දේවල්*+ වගේම දුෂ්ටයන්වත් මම නැති කරලා දානවා.
මම දේශයේ එක මිනිසෙක්වත් ඉතුරු කරන්නේ නැහැ” කියලා යෙහෝවා කියනවා.
4 “මම යූදා දේශයටත් යෙරුසලමේ සියලු වැසියන්ටත් විරුද්ධව මගේ බලය පෙන්වනවා.*
බාල්ට+ කරන නමස්කාරයට සම්බන්ධ හැම දේම මම මේ ස්ථානයෙන් නැත්තටම නැති කරලා දානවා.
වෙනත් ජාතීන් නමස්කාර කරන දෙවිවරුන්ගේ පූජකයන්වත්
මේ දේශයේ පූජකයන්වත් මම විනාශ කරලා ඔවුන්ගේ නම් මකලා දානවා.+
5 පැතලි වහලවල්වල* ඉඳන් ආකාශ වස්තුවලට වැඳුම්පිදුම් කරන අයව+ මම විනාශ කරනවා.
මල්කාම්+ දෙවියාගේ නමින් දිවුරන ගමන් යෙහෝවා වන මං ඉස්සරහා වැඳ වැටිලා
මට නමස්කාර කරනවා කියලා දිවුරන අයවත්+ මම විනාශ කරනවා.
6 යෙහෝවා වන මට ළං වෙලා මගෙන් මඟ පෙන්වීම් පතනවා වෙනුවට+
යෙහෝවා වන මාව අත්හැරලා යන හැමෝවමත්+ මම විනාශ කරනවා.”
යෙහෝවා පූජාවක් සූදානම් කරලා ඒකට ආරාධනා කරපු අයව පවිත්‍ර තත්වයකට ගෙනල්ලා තියෙනවා.
8 “යෙහෝවා වන මම ඒ පූජාව ඔප්පු කරන දවසේදී
පාලකයන්ටත් රජුගේ පුතුන්ටත්+ විදේශිකයන්ගේ ඇඳුම් ඇඳගෙන ඉන්න අයටත් දඬුවම් කරනවා.
9 ඒ දවසේදී, වේදිකාව* උඩට යන හැමෝටමත්
තමන්ගේ ස්වාමිවරුන්ගේ ගෙවල්වල සේවය කරන ගමන්
මිනිසුන්ට හිංසා කරන, වංචා කරන අයටත් මම දඬුවම් කරනවා.”
10 යෙහෝවා දෙවියන් මෙහෙමත් කියනවා.
“ඒ දවසේදී මත්ස්‍ය දොරටුවෙන්+ කෑගහන හඬකුත්
නුවරේ අලුතෙන් හදපු කොටසේ ඉඳන් විලාප නඟන හඬකුත්+
කඳුවලින් මහා ඝෝෂාවකුත් ඇහෙයි.
11 මක්තෙෂ්වල* වැසියෙනි, කෑගහලා අඬන්න.
මොකද හැම වෙළෙන්දෙක්වම* විනාශ* කරලයි තියෙන්නේ.
රිදී ගනුදෙනුකරුවෝ හැම කෙනෙක්වමත් විනාශ කරලයි තියෙන්නේ.
12 ඒ කාලයේදී මම පහන් දල්වගෙන යෙරුසලමේ අස්සක් මුල්ලක් නෑර සෝදිසි කරනවා.
තමන් ජීවත් වෙන විදිහ හොඳයි කියලා හිතන අයටත්*
‘යෙහෝවා හොඳක්වත් නරකක්වත් කරන්නේ නැහැ’+ කියලා හිතන අයටත් මම දඬුවම් කරනවා.
13 සතුරෝ ඇවිත් ඔවුන්ගේ වස්තුව කොල්ල කාලා ගෙවල් විනාශ කරලා දායි.+
ඔවුන් ගෙවල් ගොඩනැඟුවත් ඒ ගෙවල්වල ජීවත් වෙන්න ඔවුන්ට ලැබෙන්නේ නැහැ.
ඔවුන් මිදිවතු වැව්වත් ඒවාවලින් ඔවුන්ට වයින් බොන්න ලැබෙන්නේ නැහැ.+
14 යෙහෝවා දෙවියන්ගේ මහත් දවස ළං වෙලා.+
ඒ දවස ඉක්මනින්ම එනවා. ඒක අත ළඟටම ඇවිත්!+
යෙහෝවාගේ දවසේදී බියකරු හඬක් දසත පැතිරෙයි.+
එදාට බලවන්තයෝ කෑ මොර ගහයි.+
15 ඒ දවස උදහස ප්‍රකාශ කරන දවසක්.+
දුක් කරදර සහ වේදනාවලින් පිරුණු දවසක්.+
සැඩ කුණාටුවලින් සහ විපත්තිවලින් පිරුණු දවසක්.
ඒක වැහිබර, අඳුරු දවසක්.+
ඝන අන්ධකාරයෙන් වැහුණු, අඳුරු වලාවන්ගෙන් පිරුණු දවසක්.+
16 ඒ දවසේදී, පවුරුවලින් වට වුණ නුවරවලටත්
පවුරු කොනේ උසට හදපු මුරකොටුවලටත්+ විරුද්ධව නඟන යුධ ඝෝෂා සහ හොරණෑ හඬ ඇහෙයි.+