ද්විතීය කතාව
9 “ඊශ්‍රායෙල් ජනයෙනි, අද ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ+ වෙන්නේ ඔබට වඩා විශාල හා බලවත් ජාතීන්ව පලවාහැරීමටයි.+ ඔවුන් ජීවත් වෙන්නේ අහස උසට තැනූ දැවැන්ත බලකොටුවලයි.+ 2 ඔබ පලවාහරින්නේ අනාක්වරුන්වයි.+ ඔවුන් ඉතා උස මහත ශක්තිමත් සෙනඟක්. ‘අනාක්වරුන්ට විරුද්ධව සටන් කර කාටද ජය ගන්න පුළුවන්’ කියන කතාව ඔබ අසා තිබෙනවා. 3 නමුත් ඒ දේශයට යද්දී යෙහෝවා දෙවි ඔබට ඉදිරියෙන් ගමන් කරන බව ඔබ හොඳින්ම දන්නවා.+ ඔහු ඇවිළෙන ගින්නක්+ හා සමානයි. ඒ නිසා ඔහු ඔවුන්ව ඔබට යටත් කර දෙන බව නම් ස්ථිරයි. යෙහෝවා දෙවි පොරොන්දු වූ ලෙසම ඔබ ඉතා කෙටි කාලයකින් ඔවුන්ව දේශයෙන් පලවාහැර සහමුලින්ම විනාශ කර දමයි.+
4 “නමුත් යෙහෝවා දෙවි ඔවුන්ව පලවාහැරිය පසු, ‘යෙහෝවා දෙවි අපට මේ දේශය උරුම කර දුන්නේ අපි ඉතා ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි’ කියා කවදාවත් සිතන්න එපා.+ ඇත්තටම යෙහෝවා දෙවි මේ ජාතීන්ව පලවාහරින්නේ ඔවුන්ගේ මහත් දුෂ්ටකම් නිසයි.+ 5 යෙහෝවා දෙවි ඔවුන්ට මෙසේ කරන්නේ ඔවුන්ගේ දුෂ්ටකම+ නිසා මිස, ඔබ ධර්මිෂ්ඨකමින්+ ක්‍රියා කරන නිර්දෝෂ+ සෙනඟක් නිසා නොවෙයි. යෙහෝවා දෙවි ඔබට ඒ දේශය උරුම කර දෙන්නේ ඔබේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ට,+ ඊසාක්ට+ හා යාකොබ්ට+ තමා කළ පොරොන්දුව ඉටු කරන පිණිසයි. 6 ඔබ ඉතා මුරණ්ඩු සෙනඟක් බව මතක තබාගන්න. යෙහෝවා දෙවි මේ සරුසාර දේශය ඔබට හිමි කර දෙන්නේ ඔබ ධර්මිෂ්ඨ සෙනඟක් නිසයි කියා නම් කොහොමටවත් සිතන්න එපා.+
7 “පාළුකරයේ ගමන් කරද්දී ඔබේ දෙවි වන යෙහෝවාව ඔබ උදහස් කළ බව අමතක නොකරන්න.+ ඊජිප්තු දේශයෙන් නිදහස් වූ දා සිට මේ දක්වාම සිදු වුණ දේවලින් ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගසන සෙනඟක් බව හොඳටම පැහැදිලියි.+ 8 හොරෙබ් කඳුකරයේදී ඔබ යෙහෝවා දෙවිව කොතරම් උදහස් කළාද කියනවා නම් ඔබව විනාශ කර දැමීමට තරම් උදහසක් යෙහෝවා දෙවිට ඇති වුණා.+ 9 යෙහෝවා දෙවි ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම ලියා තිබුණු+ ගල් පුවරු+ දෙක රැගෙන එන්න මම කන්දට නැග්ග අවස්ථාව ඔබට මතකද? දවස් හතළිහක්+ පුරා දිවා රෑ දෙකේම මම ඒ කන්දේ ගත කළා. (ඒ කාලය පුරා මම කිසි දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.) 10 එහිදී යෙහෝවා දෙවි තම බලයෙන්*+ ලියූ ගල් පුවරු දෙක මට ලබා දුන්නා. මුළු ඊශ්‍රායෙල් සෙනඟ රැස්ව සිටි අවස්ථාවේදී යෙහෝවා දෙවි ගින්නක් තුළින් කතා කරමින් ඔවුන්ට පැවසූ දේවල් ඒ පුවරුවල ලියා තිබුණා.+ 11 දිවා රෑ දෙකේම දින හතළිහක් පුරා මා එහි ගත කළායින් පසු, සෙනඟ සමඟ ඇති කරගත් ගිවිසුම සඳහන් කර තිබූ ඒ ගල් පුවරු දෙක යෙහෝවා දෙවි මට ලබා දුන්නා.+ 12 ඉන්පසුව යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘ඉක්මන් කර කන්දෙන් බැස යන්න. ඔබ ඊජිප්තුවෙන් ගෙනා සෙනඟ දැන් රූපයක්+ සාදාගෙන ඉතා දුෂ්ට විදිහට ක්‍රියා කරනවා.+ මා ඔවුන්ට අණ කළ දේවල් කොතරම් ඉක්මනින් ඔවුන්ට අමතක වෙලාද!’ 13 ඊළඟට යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘මේ සෙනඟ දෙස මා හොඳින් බලාගෙනයි සිටින්නේ. ඔවුන් ඉතා මුරණ්ඩු සෙනඟක්!+ 14 ඒ නිසා මාව වළක්වන්න උත්සාහ කරන්න එපා.+ මම ඔවුන්වත් ඔවුන්ගේ නාමයත් මිහිපිටින් තුරන් කර දමනවා.+ ඒ වෙනුවට ඔවුන්ටත් වඩා බලවත් ජාතියක් ඔබෙන් බිහි කරන්න මට ඉඩ දෙන්න.’+
15 “මම ගල් පුවරු දෙකත් රැගෙන+ එතැනින් පිටත් වී ගින්නෙන් ඇවිළෙමින් තිබුණු කන්දෙන්+ පහළට බැස එද්දී, 16 ඔබේ දෙවි වන යෙහෝවාට විරුද්ධව ඔබ පව් කරමින් සිටි ආකාරය මම දැක්කා. ඔබ වස්සෙකුගේ හැඩයට රූපයක් වාත්තු කර සාදා තිබුණා.+ යෙහෝවා දෙවි අණ කළ දේවල් ඔබට කොතරම් ඉක්මනින් අමතක වී තිබුණාද!+ 17 එය දැක මා රැගෙන ආ ගල් පුවරු දෙක මම ඔබ ඉදිරියේම පොළොවේ ගසා කැබලිවලට කඩා දැමුවා.+ 18 ඉන්පසුව මම නැවත දිවා රෑ දෙකේම දවස් හතළිහක් පුරා යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී කන්නලව් කළා. ඒ අතරතුර මම කිසිම දෙයක් කෑවේවත් බිව්වේවත් නැහැ.+ මා එසේ කළේ ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව පව් කර ඔහු පිළිකුල් කරන ආකාරයට හැසිර ඔහුව බොහෝ සෙයින් උදහස් කළ නිසයි.+ 19 යෙහෝවා දෙවි කොතරම් උදහස් වී සිටියාද කිව්වොත් ඔබව සහමුලින්ම විනාශ කිරීමට ඔහු තීරණය කළා.+ එය දැනගත් විට මට මහත් භයක් දැනුණා. නමුත් යෙහෝවා දෙවි මගේ කන්නලව්වලට සවන් දුන්නා.+
20 “යෙහෝවා දෙවි ආරොන් සමඟත් උදහස් වී ඔහුවත් විනාශ කර දමන්න තීරණය කළා.+ නමුත් ඒ අවස්ථාවේදී මම ආරොන් වෙනුවෙනුත් දෙවිට කන්නලව්+ කළා. 21 ඉන්පසුව දෙවිට විරුද්ධව පව් කරමින් ඔබ සෑදූ ඒ වස්සාව+ මම පුලුස්සා දමා ඉතුරු වූ කොටස් කුඩු කර දැමුවා. අන්තිමේදී මම දූවිලි තරම් සිහින් වූ ඒ කුඩු ටික රැගෙන කන්දෙන් ගලා ආ දිය පහරකට විසි කළා.+
22 “ඒ විතරක්ද? ඔබ තබෙරා+ නම් ස්ථානයේදිත් මස්සාහ්+ නම් ස්ථානයේදිත් කිබ්රොත්-හත්තාවා+ නම් ස්ථානයේදිත් යෙහෝවා දෙවිව උදහස් කළා.+ 23 කාදෙෂ්-බර්නේය+ නම් ස්ථානයේ සිටියදීත් ඔබ ක්‍රියා කළේ ඒ ආකාරයටමයි. එහිදී, ‘මා ඔබට දෙන දේශය හිමි කරගැනීමට දැන් සූදානම් වෙන්න. මම නිසැකවම ඔබට එය අත් කර දෙනවා’ කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා. නමුත් ඔබ යෙහෝවා දෙවිට අකීකරු වී+ ඔහුට විරුද්ධව කැරලිගැසුවා.+ ඔබ එසේ කළේ ඔබට දෙවි ගැන කිසිම විශ්වාසයක්+ තිබුණේ නැති නිසයි. 24 මම ඔබව හඳුනාගත් දා සිට මේ දක්වාම ඔබ යෙහෝවා දෙවිට විරුද්ධව කැරලිගැසුවා.+
25 “යෙහෝවා දෙවි ඔබව විනාශ කිරීමට තීරණය කර තිබුණ නිසා+ මම දවස් හතළිහක් පුරා, දිවා රෑ දෙකේම+ යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටී කන්නලව් කළා. 26 මම ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවිට මෙසේ පැවසුවා.+ ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, ඔබ මේ ජාතියව ඔබේ විශේෂ සෙනඟක් ලෙස තෝරාගත්තා.+ ඔබට අයිති මේ සෙනඟව විනාශ කරන්න එපා. ඔබ ඔවුන්ව ඊජිප්තුවෙන් නිදහස් කළේ+ මොන තරම් මහත් බලයක්+ විදහාපෙන්වමින්ද! එහිදී ඔබ කොතරම් ශ්‍රේෂ්ඨ දෙවි කෙනෙක්ද කියා ඔප්පු වුණා. 27 දෙවියනි, මා ඔබෙන් අයැද සිටින්නේ මේ ජනයාගේ මුරණ්ඩුකමත් දුෂ්ටකමත් ඔවුන් කළ පාපයත් අමතක කර දමා+ ඔබේ සේවකයන් වූ ආබ්‍රහම්ව, ඊසාක්ව හා යාකොබ්ව සිහි කරන්න කියායි.+ 28 ඔබ එහෙම කළේ නැත්නම්, “යෙහෝවා දෙවි මේ සෙනඟට වෛර කර ඔවුන්ව පාළුකරයේදී මරා දැම්මේ පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන යන්න බැරි වූ නිසයි”+ කියා ඊජිප්තු දේශයේ+ ජනයා කියයි. 29 දෙවියනි, මේ සෙනඟ මොන වරදක් කළත් ඔවුන් ඔබේම සෙනඟයි.+ ඔබේ මහත් බලය හා තේජස පෙන්වමින් ඔවුන්ව නිදහස් කර විශේෂ සෙනඟක් ලෙස ඔබ ඔවුන්ව තෝරාගත්තා.’+