යෙරෙමියා
10 ඊශ්‍රායෙල්වරුනි, යෙහෝවා දෙවියන් ඔබට විරුද්ධව කියන මේ දේට සවන් දෙන්න. 2 යෙහෝවා මෙහෙම කියනවා.
“වෙනත් ජාතීන් වැඩ කරන විදිහට වැඩ කරන්න එපා.+
ඔවුන් අහසේ ලකුණු දැකලා බය වුණත්
ඔබ ඒවා දැකලා බය වෙන්න එපා.+
3 ජාතීන්ගේ චාරිත්‍රවල කිසිම තේරුමක් නැහැ.*
කැලෑවෙන් කපාගන්න ගහකට කරන දේ ගැන හිතන්න.
කැටයම්කරුවෙක් තමන්ගේ ආයුධවලින් ඒ ගහෙන් යම් දෙයක් හදාගන්නවා.+
5 ඒ රූප හරියට පිපිඤ්ඤා වත්තක හිටවලා තියෙන පඹයෙක් වගේ. ඒවාට කතා කරන්න බැහැ.+
ඇවිදින්න බැරි නිසා ඒවා උස්සගෙන යන්න ඕනේ.+
ඒවාට බය වෙන්න එපා. කිසිම අනතුරක් කරන්න ඒවාට බැහැ.
කිසිම යහපතක් කරන්නත් ඒවාට බැහැ.”+
6 යෙහෝවා දෙවියනි, ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+
ඔබ ශ්‍රේෂ්ඨයි. ඔබේ නමත් ශ්‍රේෂ්ඨයි. ඔබේ බලවත්කම ඒ නමෙන් පැහැදිලි වෙනවා.
7 ජාතීන්ගේ රජ්ජුරුවෙනි,+ ඔබට ගරුබිය පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද?
ඔබ ගරුබිය ලබන්න වටින කෙනෙක්.
මොකද ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+
8 ඔවුන් හැමෝම හිතන්නේ බලන්නේ නැති මෝඩ අය.+
මොකද ගහකින් ලබාගන්න මඟ පෙන්වීම් මුළාවක් විතරයි.*+
9 තර්ෂිෂ්වලින්+ රිදී තහඩුත් උෆාස්වලින් රත්තරනුත් ගෙන්නගන්නවා.
කම්මල්කරුවයි, කැටයම්කරුවයි ඒවා රූපවල ආලේප කරනවා.
ඊටපස්සේ මිනිස්සු ඒවාට නිල් පාට නූල්වලින් සහ දම් පාට ලොම්වලින් හදපු ඇඳුම් අන්දවනවා.
ඒ රූප දක්ෂ කර්මාන්තකරුවන්ගේ නිර්මාණයක් විතරයි.
10 ඒත් යෙහෝවා ඇත්තටම දෙවියන්.
ජීවමාන දෙවියන් ඔහුයි.+ සදාකාල රජත් ඔහුයි.+
ඔහුගේ කේන්තිය නිසා පොළොව දෙදරුම් කනවා.+
කිසිම ජාතියකට ඔහුගේ කේන්තිය දරාගන්න බැහැ.
“අහස පොළොව හැදුවේ නැති දෙවිවරුන් පොළොවෙන් නැති වෙලා යයි.
මේ අහස්තලය යටින් ඔවුන් විනාශ වෙලා යයි.”+
12 තම බලයෙන් මේ පොළොව හැදුවේ ඔහුයි.
තම ප්‍රඥාවෙන් සරුසාර භූමිය ස්ථිරව පිහිටෙව්වේ ඔහුයි.+
තම නුවණින් අහස්තලය දිගහැරියේ ඔහුයි.+
14 හැම කෙනෙක්ම වැඩ කරන්නේ දැනුම් තේරුම් නැති මෝඩයන් වගේ.
තමන් හදන රූප නිසා කම්මල්කරුවන් හැමෝවම ලැජ්ජාවට පත් කරනවා.+
මොකද ඔහු හදන රූප* නිකම්ම නිකම් බොරුවක්.
ඒ රූපවලට කිසි ජීවයක් නැහැ.+
15 ඒවා මායාවක් විතරයි,* හරිම මෝඩ වැඩ.+
විනිශ්චය කරන දවසේදී ඒවා නැත්තටම නැති වෙලා යනවා.
16 ඒත් යාකොබ්ගේ උරුමය වන තැනැත්තා ඒ රූප වගේ නෙමෙයි.
හැම දෙයක්ම හැදුවේ ඔහුයි.
ඊශ්‍රායෙල් ඔහුගේ උරුමය වන සැරයටියයි.+
ඔහුව හඳුන්වන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා කියලයි.+
17 වටලලා ඉන්න ස්ත්‍රිය,
ඔබේ බඩු මල්ල අතට ගන්න.
18 මොකද යෙහෝවා මෙහෙම කියනවා.
“දැන් මම දේශයේ ඉන්න සෙනඟව එළියට වීසි කරලා දානවා.+
මම ඔවුන් පිටට විපත්ති ගේනවා.”
19 අනේ, මට වුණ විපත* කොච්චර දරුණුද!+
මගේ තුවාලය සුව කරන්න බැහැ.
මම මෙහෙම කිව්වා. “මේ වේදනාව දැනෙන්නේ මටයි. මම ඒක දරාගන්න ඕනේ.
20 මගේ කූඩාරම විනාශ වෙලා. ඒකේ ලණු කඩලා දාලා.+
මගේ පුතුන් මාව අතහැරලා ගිහින්. ඔවුන් දැන් නැහැ.+
මගේ කූඩාරම ගහන්න හරි ඒකේ තිර දිගහරින්න හරි කිසිම කෙනෙක් ඉතුරු වෙලා නැහැ.
අවබෝධයෙන් වැඩ කරන්න ඔවුන්ට බැරි වුණෙත්
ඔවුන්ගේ මුළු රැළම විසුරුවාහැරියෙත් ඒ නිසයි.”+
22 සවන් දෙන්න! මේ දැන් පණිවිඩයක් ලැබුණා.
උතුරු දේශයේ ඉඳන් ලොකු කැලඹීමක් එනවා.+
ඒක එන්නේ යූදාවල නගර පාළු තැනක් කරන්නයි. ඒවා හිවලුන් ලගින තැනක් කරන්නයි.+
23 යෙහෝවා දෙවියනි, තමන් යන්න ඕනෙ මාර්ගය මොකක්ද කියලා තීරණය කරන්න මිනිසෙක්ට අයිතියක් නැහැ.* ඒක මම හොඳින්ම දන්නවා.
ජීවිත ගමනේ තමන්ගේ පියවර තියන්න ඕනෙ කොහොමද කියලා තනියම තීරණය කරන්නවත් ඔහුට අයිතියක් නැහැ.+
24 අනේ යෙහෝවා, මාව නිවැරදි කරන්න. ඔබට හොඳයි කියලා හිතෙන විදිහට ඒක කරන්න.
ඒත් කේන්තියෙන් එහෙම කරන්න එපා.+ එහෙම කළොත් මං විනාශ වෙලා යයි.+