යොහන්
3 යුදෙව්වරුන්ගේ පාලකයෙක් වූ නිකදේමස්+ නම් පරිසිවරයෙක් සිටියේය. 2 ඔහු රාත්රියේදී+ යේසුස්ව හමු වීමට ඇවිත්, “ගුරුතුමනි,+ ඔබ දෙවි විසින් එවා ඇති+ ගුරුවරයෙක් බව අපි දන්නවා.+ මන්ද කෙනෙකුට දෙවිගේ ආශීර්වාදය නැත්නම්+ ඔබ කරනවා වගේ මහත් ලකුණු කරන්න ඒ තැනැත්තාට බැහැ”+ කියා කීවේය. 3 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය.+ “ඇත්තෙන්ම මා ඔබට කියන්නේ, කෙනෙකුට දෙවිගේ රාජ්‍යය දකින්න කැමති නම්+ ඔහු අලුත් උපතක්+ ලැබිය යුතු බවයි.” 4 එවිට නිකදේමස්, “කොහොමද මිනිසෙක් මහලු වී සිටියදී ඉපදෙන්නේ? ඔහුට දෙවෙනි වරටත් තම මවගේ කුසට ඇතුල් වී ඉපදෙන්න පුළුවන්ද” කියා යේසුස්ගෙන් ඇසුවේය. 5 යේසුස් මෙසේ පිළිතුරු දුන්නේය. “ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, කෙනෙක් මුලින්ම වතුරෙන්+ බව්තීස්ම වී දෙවිගේ බලය ලබාගෙන+ අලුත් ජීවිතයක් ඇරඹිය යුතු බවයි. එය ඔහු අලුත් උපතක් ලබනවා හා සමානයි. එසේ නොවුණොත් ඔහුට දෙවිගේ රාජ්‍යයට ඇතුල් විය නොහැකියි. 6 මිනිසෙකුගෙන් උපන් කෙනෙක් මිනිසෙක්. නමුත් දෙවිගේ බලය ලබා ඉපදෙන තැනැත්තා දෙවිගේ දරුවෙක්.+ 7 කෙනෙක් එලෙස අලුත් උපතක් ලැබිය යුතුයි+ කියා මම ඔබට පැවසූ දේ ගැන පුදුම වෙන්න එපා. 8 උදාහරණයකට සුළඟ+ ගැන හිතන්න. ඕනෑම දිශාවකට හමන්න සුළඟට පුළුවන්. එහි ශබ්දය කොයි කාටත් ඇහෙනවා. නමුත් එය ආවේ කොහෙන්ද කියාවත් එය යන්නේ මොන දිශාවටද කියාවත් ඔබ දන්නේ නැහැ. දෙවිගේ බලය ලබා ඉපදෙන අය ගැනත් පැවසිය හැක්කේ එයමයි.”+
9 නිකදේමස් මෙසේ කීවේය. “ඒ වගේ දෙයක් සිදු වෙන්නේ කොහොමද?” 10 යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “ඔබ ඊශ්‍රායෙලයෙහි ගුරුවරයෙක් නේද? මේ දේවල් ගැන ඔබ දන්නේ නැද්ද?+ 11 ඇත්තෙන්ම මම ඔබට කියන්නේ, අපි කතා කරන්නේ අප දන්නා දේවල් ගැනයි. ඒ වගේම අපි සාක්ෂි දරන්නේ අප දුටු දේවල් ගැනයි.+ නමුත් කොතරම් සාක්ෂි ඉදිරිපත් කළත් ඔබ ඒවා පිළිගන්නේ නැහැ.+ 12 මා ඔබට මේ පොළොවට සම්බන්ධ දේවල් ගැන කියන විට ඔබ විශ්වාස කරන්නේ නැත්නම් මා ඔබට ස්වර්ගය හා සම්බන්ධ දේවල් ගැන කිව්වොත් ඔබ විශ්වාස කරයිද?+ 13 මේ වන තුරු කිසිම මනුෂ්‍යයෙක් ස්වර්ගයට ගිහිල්ලා නැහැ.+ ස්වර්ගයෙන් පැමිණි+ එකම තැනැත්තා මනුෂ්‍ය පුත්‍රයා පමණයි.+ 14 මෝසෙස් පාළුකරයේ කණුවක සර්පයෙකුව එල්ලා තැබුවා සේම+ මනුෂ්‍ය පුත්‍රයාවත් එල්ලා තබනු ලබනවා.+ 15 එසේ වන්නේ ඔහුව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීම සඳහායි.+
16 “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද+ කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව* ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා.+ එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන+ සෑම කෙනෙක්ම විනාශ නොවී+ ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.+ 17 දෙවි තම පුත්‍රයාව ලෝකයට එව්වේ, ඔහු මාර්ගයෙන් ලෝකයේ සිටින අයව විනිශ්චය කිරීමට නොව+ ඔහු මාර්ගයෙන් ඔවුන්ට ගැලවීම ලබා දීමටයි.+ 18 ඔහු කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාව විනිශ්චය කරන්නේ නැහැ.+ නමුත් කිසි විශ්වාසයක් නොදක්වන තැනැත්තාට දැනටමත් විනිශ්චයක් ලැබී හමාරයි. එසේ වන්නේ ඔහු දෙවිගේ එකම පුත්‍රයාව* පිළිගන්නේවත් ඔහු කෙරෙහි විශ්වාසය තබන්නේවත් නැති නිසයි.+ 19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි. 20 පිළිකුල් දේවල් කරන පුද්ගලයා+ ආලෝකය ප්‍රතික්ෂේප කරනවා. ඔහු කරන දේවල් වැරදි බව හෙළි වෙනවාට ඔහු අකමැති නිසා+ ඔහු ආලෝකය අසලටවත් එන්නේ නැහැ. 21 නමුත් යහපත් දේවල් කරන තැනැත්තා ආලෝකය සොයාගෙන එනවා.+ ඔහු එසේ පැමිණෙන්නේ තමා දෙවිගේ කැමැත්තට එකඟව ක්‍රියා කර ඇති බව එමගින් පැහැදිලි වන නිසයි.”
22 එම සිද්ධියෙන් පසු යේසුස් තම ගෝලයන් සමඟ යුදයේ පිටිසර පළාත්වලට ගොස් ඔවුන් සමඟ යම් කාලයක් ගත කළේය. එහිදී කිහිපදෙනෙකුව බව්තීස්ම කරන ලදි.+ 23 ඒ අතරතුරේදී සාලිම් ළඟ පිහිටි ඒනොන් නම් ස්ථානයෙහි බොහෝ වතුර තිබුණු නිසා+ යොහන්+ තමන් ළඟට පැමිණි මිනිසුන්ව බව්තීස්ම කරමින් සිටියේය.+ 24 ඒ වන විටත් යොහන්ව සිරභාරයට ගෙන තිබුණේ නැත.+
25 මේ අතර යොහන්ගේ ගෝලයන් හා යුදෙව්වෙකු අතරේ පවිත්‍ර වීමේ චාරිත්‍රය ගැන විවාදයක් හටගත්තේය.+ 26 ඉන්පසු ඔවුහු යොහන් ළඟට ඇවිත්, “ගුරුතුමනි, ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ සිටි විට ඔබ සමඟ සිටි යම් කෙනෙක් ගැන ඔබ සාක්ෂි දැරුවා+ මතකද? දැන් බලන්න, ඔහුත් මිනිසුන්ව බව්තීස්ම කරනවා. ඒ නිසා සියලුදෙනාම ඔහු ළඟට යනවා”+ කියා ඔහුට කීවෝය. 27 යොහන් මෙසේ පිළිතුරු දුන්නේය. “කෙනෙකුට දෙවිගේ අනුමැතිය ලැබෙන්නේ නැත්නම් ඔහුට කිසිම දෙයක් කරන්න බැහැ.+ 28 මම ක්‍රිස්තුස් නොවෙයි+ කියා පැවසුවා ඔබට මතක ඇති. ඔබ සියලුදෙනා එයට සාක්ෂිකරුවෝ. ඇත්තෙන්ම මාව එවා තිබෙන්නේ ඒ තැනැත්තාට කලින් එන පුද්ගලයා හැටියටයි.+ 29 මනාලිය අයිති වන්නේ මනාලයාටයි.+ නමුත් අසලින් සිටින මනාලයාගේ මිත්‍රයා ඔහුගේ හඬ අසා මහත් සේ ප්‍රීති වෙයි. මමත් දැන් ප්‍රීතියෙන් පිරී සිටින්නේ ඒ නිසයි.+ 30 ඔහුට සිටින ගණන වැඩි වෙයි. මා ළඟ සිටින ගණන නම් දිගටම අඩු වී යයි.”
31 ඉහළින් පැමිණෙන තැනැත්තා අන් සියලුදෙනාට වඩා ශ්‍රේෂ්ඨයි.+ පොළොවේ සිටින තැනැත්තා පොළොවේ කෙනෙකු වන නිසා ඔහු කතා කරන්නේ පොළොවේ දේවල් ගැන පමණයි.+ නමුත් ස්වර්ගයෙන් පැමිණෙන තැනැත්තා අන් සියලුදෙනාටම වඩා ශ්‍රේෂ්ඨයි.+ 32 ක්‍රිස්තුස් තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දරන නමුත්+ කිසි මිනිසෙක් ඔහුගේ සාක්ෂිය පිළිගන්නේ නැහැ.+ 33 නමුත් ඔහුගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තා දෙවි සත්‍යය කතා කරන කෙනෙකු බව සහතිකවම පිළිගනී.*+ 34 මන්ද දෙවි විසින් එවන ලද තැනැත්තා කතා කරන්නේ දෙවි පවසන දේවල්ය.+ එසේ වන්නේ දෙවි තම බලය ඔහුට නොඅඩුව ලබා දෙන නිසාය.+ 35 පියාණන් තම පුත්‍රයාට ප්‍රේම කරන අතර+ ඔහුගේ අතට සෑම දෙයක්ම භාර දී තිබේ.+ 36 පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන+ තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි.+ නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තා සමඟ දෙවි උදහස් වන අතර+ ඔහුට ජීවනයද අහිමි වෙයි.+