හෙබ්‍රෙව්
3 එහෙයින් ස්වර්ගයට යෑම සඳහා කැඳවීම+ ලබා සිටින ශුද්ධ සහෝදරයෙනි, දෙවි විසින් එවන ලද,*+ සියලුදෙනා ඉදිරියේ අප ප්‍රසිද්ධියේ පිළිගන්නා තැනැත්තා+ සහ උත්තම පූජක වන යේසුස් ගැන හොඳින් කල්පනා කර බලන්න. 2 ඔහු තමාව එසේ පත් කළ තැනැත්තාට විශ්වාසවන්තව සිටියේ+ මෝසෙස්+ දෙවිගේ ගෘහයේ විශ්වාසවන්තව සේවය කළ ආකාරයටමය.+ 3 ගෘහයට වඩා+ එය ඉදි කළ තැනැත්තාට වැඩි ගෞරවයක් ලැබෙන්නා සේම+ මෝසෙස්ට වඩා යේසුස්ට වැඩි ගෞරවයක් හිමි වේ.+ 4 ඇත්තෙන්ම සෑම ගෘහයක්ම සෑදීමට යම් කෙනෙකු සිටිය යුතු බව සියලුදෙනාම පිළිගනිති. එසේනම් සියලු දේවල් සෑදූ තැනැත්තාණන් දෙවිය.+ 5 මෝසෙස් එම තැනැත්තාගේ ගෘහයේ සේවකයෙකු ලෙස+ විශ්වාසවන්තව කටයුතු කළේය. ඔහු කළ සේවය පසුව එළිදරව් වන දේවලට සාක්ෂියක් විය.+ 6 නමුත් ක්‍රිස්තුස් එම තැනැත්තාගේ ගෘහයේ විශ්වාසවන්තව කටයුතු කළේ පුත්‍රයෙකු ලෙසය.+ අපි එම තැනැත්තාගේ ගෘහය වන්නෙමු.+ එසේ වන්නේ බියක් සැකක් නැතුව කතා කිරීමට අපට තිබෙන ප්‍රස්තාවත් අපගේ බලාපොරොත්තුව ගැන ආඩම්බරයෙන් කතා කිරීමේ ප්‍රස්තාවත් අප අවසානය දක්වා පසු නොබැස අල්ලාගෙන සිටියොත් පමණි.+
7 ඒ නිසා දෙවිගේ බලය මාර්ගයෙන්+ මෙසේ ලියා ඇත. “අද ඔබ සැම ඔහුගේ හඬට සවන් දිය යුතුයි.+ 8 නමුත් ඔබේ මුතුන්මිත්තන් පාළුකරයේදී+ මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා කර+ මාව දැඩි ලෙස උදහසට පත් කළ අවස්ථාවේදී+ මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න. 9 ඔවුන් අවුරුදු හතළිහක් පුරා+ මාගේ ක්‍රියා දැක තිබුණත්+ එහිදී මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා කිරීමෙන් ඔවුහු මට අභියෝග කළෝය. 10 ඒ නිසා මට මේ පරම්පරාව ගැන පිළිකුලක් ඇති වී, ‘ඔවුහු නිතරම සිතින් මුළා වෙති.+ ඔවුහු මට පිටු පා මා පැවසූ දේවලට කීකරු නොවෙති’+ කියා කීවෙමි. 11 එහෙයින්, ‘මා මෙන් විවේක ගැනීමට+ අවස්ථාවක් ඔවුන්ට නොලැබෙන්නේය’+ කියා ඔවුන් ගැන උදහසින් දිවුරා කීවෙමි.”
12 සහෝදරයෙනි, ඔබ ජීවමාන දෙවිව අත්හැරියොත් ඔබේ හදවත විශ්වාසයක් නැති දුෂ්ට තත්වයකට පත් විය හැක.+ එහෙයින් පරෙස්සම් වන්න. 13 ඔබෙන් ඕනෑම කෙනෙකු පාපයේ මුළා කරවන බලපෑමට+ හසු වී තම සිත් දැඩි කරගත හැකි නිසා ඒ සම්බන්ධයෙන් එකිනෙකාට උපදෙස් හා මඟ පෙන්වීම් උනන්දුවෙන් ලබා දිය යුතුයි.+ “අද” කියා හැඳින්විය හැකි කාලයක් තවමත් පවතී.+ එම කාලය පවතින තුරු එසේ කරන්න. 14 මන්ද අප ඇත්තටම ක්‍රිස්තුස් සමඟ හවුල්කරුවන් වන්නේ,+ අප මුලදී ඇති කරගත් දැඩි විශ්වාසය අවසානය දක්වාම ස්ථිර ලෙස රැකගත්තොත් පමණි.+ 15 අප එසේ කළ යුත්තේ, “අද ඔබ සැම මාගේ හඬට සවන් දිය යුතුයි.+ නමුත් මාව දැඩි ලෙස උදහසට පත් කළ අවස්ථාවේදී මෙන් ඔබේ සිත් දැඩි කර නොගන්න”+ යන වදන් අදාළ වන මේ කාලයේදීය.
16 සවන් දුන්නත් දෙවිව දැඩි සේ උදහස් කළේ කවුරුන්ද?+ ඔවුන් මෝසෙස් යටතේ ඊජිප්තුවෙන් පිටතට පැමිණි සියලුදෙනාම නොවේද?+ 17 මීට අමතරව හතළිස් අවුරුද්දක් පුරා දෙවි උදහස් වූයේ කවුරුන් ගැනද?+ පව් කර පාළුකරයේ මිය ගිය අය ගැන නොවේද?+ 18 තමන් මෙන් විවේක ගැනීමට අවස්ථාවක් නොලැබෙන බව ඔහු දිවුරා පැවසුවේ+ අකීකරු ලෙස ක්‍රියා කළ අයට නොවේද?+ 19 ඒ අනුව ඔවුන්ට විශ්වාසයක් නොතිබුණු නිසා+ දේශයට ඇතුල් වීමේ ප්‍රස්තාව ඔවුන්ට අහිමි වී ගිය බව අපට පැහැදිලිය.