යෙසායා
43 යාකොබ්, ඔබේ සැදුම්කරු+ වන යෙහෝවා දෙවි කියන දේට සවන් දෙන්න. ඊශ්‍රායෙල්, ඔබව බිහි කළ තැනැත්තා+ මෙසේ කියන්නේය. “භය නොවන්න. මන්ද මම ඔබව මුදවාගත්තෙමි.+ මම ඔබේ නමින් ඔබට හඬගැසුවෙමි.+ ඔබ මට අයිති සෙනඟකි.+ 2 ඔබ ජල ධාරා මැදින් ගියත්+ මම ඔබ සමඟ සිටිමි.+ ඔබ ගංගා මැදින් ගියත් ඔබට ගිලෙන්න ඉඩ නොදෙමි.+ ඔබ ගිනි ජාලා මැදින් ගමන් කළත් මම ඔබට කිසි හානියක් වීමට ඉඩ නොදෙමි.+ 3 මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. ඔබේ ගැලවුම්කරු+ වන ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාය. මම ඔබව මුදවාගැනීම සඳහා ඊජිප්තුව සතුරා අතට භාර දුනිමි.+ ඔබ වෙනුවට ඉතියෝපියාවද+ සෙබාවද දුන්නෙමි. 4 මන්ද ඔබ මට ඉතා අගනා වස්තුවකි.+ මම ඔබට බොහෝ සෙයින් ප්‍රේම කර+ ඉතා ගෞරවයෙන් සලකමි. ඒ නිසා ඔබව මුදවාගන්නා පිණිස මම මනුෂ්යයන්වද ජාතීන්වද භාර දෙමි.+
5 “භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.+ නැඟෙනහිර දෙසින්ද බස්නාහිර දෙසින්ද මම ඔබේ දරුවන්ව එකතු කර එක තැනකට ගෙනෙන්නෙමි.+ 6 මම උතුරට+ කතා කර, ‘ඔවුන්ව මුදාහරින්න’ කියා පවසමි. මම දකුණට කතා කර, ‘ඔවුන්ට යන්න දෙන්න. පොළොවේ ඈත කෙළවරේ සිට+ මාගේ පුතුන්වද දූවරුන්වද නිදහස් කරන්න. 7 මට ගෞරවය ගෙනෙන පිණිස මා බිහි කළ,+ මාගේ නාමයෙන් හඳුන්වන ඒ සියලුදෙනාව+ මුදාහරින්න’ කියාද පවසමි.
8 “ඇස් තිබුණත් කිසිවක් නොපෙනෙන, කන් තිබුණත් කිසිවක් නෑසෙන+ ඒ සෙනඟව ඉදිරියට කැඳවන්න. 9 විවිධ ජාතීන්ව එක් තැනකට රැස් කරන්න. සියලු ජනයාව එක් රැස් කරන්න.+ ඉදිරියේදී සිදු වන දේවල් ගැන කියන්න පුළුවන් කාටද?+ ඊළඟට සිදු වෙන්න යන්නේ කුමක්ද කියා කිසිවෙකුට පැවසිය හැකිද?+ ඔවුන්ගේ නිර්දෝෂ බව ඔප්පු කිරීමට සාක්ෂිකරුවන්ව කැඳවන්න කියා ඔවුන්ට කියන්න.+ එවිට ඔවුන් නිවැරදිව යමක් පවසා ඇත්නම්, ‘එය සැබෑවක්’+ බව ඔවුන්ගේ සාක්ෂිකරුවන්ට ප්‍රකාශ කළ හැකිය.”
10 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ මාගේ සේවකයා වශයෙන්ද මම ඔබව තෝරාගතිමි.+ ඔබ මාව දැන හඳුනා ගෙන+ මා කෙරෙහි විශ්වාසය තබන පිණිසත්+ මා කිසිදා නොවෙනස් වන දෙවි කෙනෙකු බව තේරුම්ගන්නා පිණිසත්+ මම ඔබව තෝරාගතිමි. මට පෙර කිසි දෙවි කෙනෙක් සිටියේ නැත.+ මින් මතු කිසිදාක මා හැර වෙන කිසි දෙවි කෙනෙක් සිටින්නේද නැත.+ 11 යෙහෝවා දෙවි මමය.+ මා හැර වෙනත් මිදුම්කරුවෙක් නැත.”+
12 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඔබ අතරේ වෙනත් දෙවිවරුන් නොසිටියදී+ මම ඔබට කාරණා හෙළි කර දුනිමි. මම ඔබව ගලවා, සිදු වීමට යන දේ කලින්ම ඔබට ප්‍රකාශ කළෙමි.+ ඒ නිසා, ඔබ මාගේ සාක්ෂිකරුවෝය.+ සැබෑ දෙවි මමය.+ 13 මම කිසිදා වෙනස් නොවෙමි.+ මගේ අතින් ගැලවිය හැකි කිසිවෙක් නැත.+ මා කරන දේ+ වළක්වන්න කිසිවෙකුට නොහැක.”+
14 ඔබේ මිදුම්කරුද+ ඊශ්‍රායෙල්හි ශුද්ධ තැනැත්තාද+ වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මම ඔබ වෙනුවෙන් ඔවුන්ව බැබිලෝනියට යවා සිර මැදිරිවල අගුල් කඩා දමන්නෙමි.+ කල්දිවරුන්ගේ නාවිකයන්වද පරදවා ඔවුන්ට විලාප නඟන්න සලස්වමි.+ 15 යෙහෝවා වන මා ඔබේ ශුද්ධ දෙවිය.+ ඔබේ රජුය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සැදුම්කරු මමය.”+
16 යෙහෝවා දෙවි මුහුද මැදින්ද සැඩ ජල පහරවල් හරහාද මාර්ගයක් සකසන්නේය.+ 17 ඔහු යුධ රථද අශ්වයන්ද යුද සේනාවද පිටතට ගෙන එන්නේය. ඔහු පිටතට ගෙන එන අය අතරේ යුද්ධයට දක්ෂ අයද සිටිති.+ “ඔවුහු යළි කිසිදා හිස ඔසවන්න බැරි ලෙස+ බිම වැටෙන්නෝය.+ පහන් තිරයක් නිවා දමන්නාක් මෙන්+ ඔවුන්වද නැති කර දමනු ඇත”+ කියා දෙවි පවසන්නේය.
18 “අතීතයේ දේවල් සිහි නොකරන්න. දැන් ඒ දේවල් ගැන කල්පනා නොකරන්න. 19 මන්ද මම අලුත් දෙයක් කරමි.+ එය සිදු වෙන්න පටන්ගන්නා විට ඔබ එය දැක තේරුම්ගනු ඇත.+ පාළුකරය හරහා මම මාර්ගයක් තනමි.+ කාන්තාරය මැදින් ගංගාවන් ගලා බසින්න සලස්වමි.+ 20 මම පාළුකරයේ ඇළදොළ, ගංගා ගලා බසින්න සලස්වා+ මාගේ තෝරාගත් සෙනඟගේ+ පිපාසය සන්සිඳුවන්නෙමි. එය දැක හිවලුන් හා පැස්බරුන්+ වැනි වනසත්තු පවා මට ප්‍රශංසා කරති.+ 21 ඔවුන් මාගේ සෙනඟය. මා ඔවුන්ව බිහි කළේ ඔවුන් මාර්ගයෙන් මට ප්‍රශංසාවද ගෞරවයද ලැබෙන පිණිසයි.+
22 “එහෙත් යාකොබ්, ඔබ මට හඬගැසුවේ නැත.+ අනේ ඊශ්‍රායෙල්, ඔබ මාව එපා කළේ මන්ද?+ 23 ඔබ දවන පූජා ලෙස ඔබේ බැටළුවන්ව මා ඉදිරියට ගෙනාවේ නැත. ඔබ මට ඔප්පු කරන පූජාවලින් මාව ගෞරවයට පත් කළේ නැත.+ මට තෑගිබෝග ගෙනැවිත් දෙන්න කියා මම ඔබට බල කළේවත් කට්ටකුමංජල් ගෙනැවිත් දෙන්න කියා ඔබට කරදර කළේවත් නැත.+ 24 ඔබ මට පූජා කිරීම සඳහා සුවඳැති පැළෑටි+ මිල දී ගෙනාවේවත් ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැත.+ ඔබ කරන වැරදි නිසා මම කලකිරී සිටිමි.+ ඔබේ පව්කාර ක්‍රියා නිසා මට දැන් ඔබට සේවය කරන්න සිදු වී තිබේ.
25 “එහෙත් ඔබ කළ වැරදි+ මගේ සිතින් මකා දමමි.+ ඔබ කළ අපරාධ මම නැවත මතක් කරගන්නේද නැත.+ මා එසේ කරන්නේ මාගේ නාමය වෙනුවෙනි.+ 26 එන්න, අපි කතා කර මේ ප්රශ්නය විසඳගනිමු.+ මට යමක් අමතක වී ඇත්නම් මට මතක් කර දෙන්න. ඔබේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට කරුණු ඉදිරිපත් කරන්න.+ 27 ඔබේ මුල් පියා පව් කළේය.+ ඔබට මඟ පෙන්වන අය පවා මට විරුද්ධව කැරලිගැසුවෝය.+ 28 ඒ නිසා මම ශුද්ධස්ථානයේ සිටින ප්‍රධානීන්ව පහත් කරන්නෙමි. යාකොබ්ව විනාශ කිරීමට ඉඩහරින්නෙමි. ඊශ්‍රායෙල් නින්දාවට ලක් වනු ඇත.+