හිතෝපදේශ
18 නිතරම අන් අයගෙන් වෙන්ව සිටින තැනැත්තා තම ආත්මාර්ථකාමී ආශාවන් පසුපස ලුහුබැඳ යයි.+ ඔහු සැබෑ ප්‍රඥාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරයි.+
2 අඥානයා තම සිතේ අදහස් හෙළි කිරීමට කැමැත්තක් දක්වනවා+ මිසක වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමට කිසි උනන්දුවක් නොදක්වයි.+
3 දුෂ්ටයෙකු පැමිණෙන විට ඔහු අන්‍යයන්ගේ අවමානයට ලක් වේ.+ අගෞරවය+ සමඟ නින්දාවද පැමිණේ.
4 මිනිසෙකු පවසන වචන ගැඹුරු උල්පතකින් නික්මෙන ජලය මෙනි.+ ප්‍රඥාව දිය උනන උල්පතකි.+
5 දුෂ්ටයාගේ පැත්ත ගැනීමත්+ ධර්මිෂ්ඨයාට යුක්තිය ඉටු නොකිරීමත් නුසුදුසුය.+
6 මෝඩයා නිතරම රණ්ඩු දබරවලට පැටලෙයි.+ ඔහු පහර ලබන්නේ ඔහුගේම මෝඩ කතා නිසාය.+
7 මෝඩයාගේ මුඛය ඔහුගේම විනාශයට පාර කපයි.+ ඔහුගේ දිව ඔහුටම උගුලක් වේ.+
8 කේලාම් කියන්නාගේ වචන කෑදරකමින් ගිල දමන රසවත් කෑමක් මෙනි.+ එය ගිලගත් පසු ඇඟට හොඳින් උරාගනී.+
9 වැඩ කිරීමට කම්මැළි තැනැත්තා+ සොරකම් කරන්නෙකුගේ සහෝදරයාය.+
10 යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි.+ ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.+
11 ධනවතාගේ වස්තුව ඔහුට බලවත් නුවරක් මෙනි.+ ඔහු එය ආරක්ෂක පවුරක් සේ සලකයි.+
12 මිනිසෙකුගේ විනාශයට මුල ඔහුගේ උඩඟු සිතය.+ යටහත්පහත්ව කටයුතු කළොත් මිසක ගෞරවයක් හිමි නොවන්නේය.+
13 කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි.+ එයින් අත් වන්නේ ලැජ්ජාවකි.+
14 දරුණු රෝගයක් පවා දරාගැනීමට මිනිසෙකුට සිතේ සවිය තිබුණත්+ බිඳුණු සිතක් දරාගත හැක්කේ කාටද?+
15 කාරණා හොඳින් තේරුම්ගන්න තැනැත්තා දැනුමට ප්‍රිය කරයි.+ ප්‍රඥාවන්තයාගේ කන දැනුමට යොමු කර තිබේ.+
16 මිනිසෙකු තෑග්ගක් දෙන විට ඔහුට මහඟු ප්‍රස්තාවන් විවෘත වෙයි.+ උත්තමයන් ඉදිරියේ පෙනී සිටීමටද එය ඉඩ සලසා දෙයි.+
17 නඩුවකදී පළමුවෙන් පෙනී සිටින්නා නිවැරදියයි පෙනේ.+ එහෙත් ඉන්පසුව එතැනට පැමිණ සාක්ෂි දෙන තැනැත්තා සැබෑ තත්වය හෙළි කර දෙයි.+
18 දාදු දැමීමෙන් වාද සමතයකට පත් වෙයි.+ ඉන් බලවතුන් අතර පවා සමාදානයක් ඇති වෙයි.+
19 සහෝදරයෙකුට විරුද්ධව වරදක් කළ පසු ඔහුව දිනාගැනීම ශක්තිමත් නුවරක් අල්ලාගැනීමට වඩා අසීරුය.+ එකිනෙකා අතරේ ඇති වන වාදවිවාද බලකොටුවක සවිමත් දොරගුලු මෙනි.+
20 මිනිසෙක් තම මුවින් පිට කරන වචනවලට අනුව නිසි ප්‍රතිඵල අද්දකියි.+ ඔහු පවසන දෙයින් තෘප්තියට පත් වෙයි.+
21 ඔබේ දිව කොතරම් බලවත්ද කිවහොත් ඔබ පවසන දෙයින් යමෙකුව මරා දමන්න හෝ ජීවත් කරවන්න හෝ එයට බලය තිබේ.+ එක් එක් කෙනා තමා ප්‍රිය කරන වචනවලට අනුව ප්‍රතිඵල විඳින්නෝය.+
22 යමෙකුට හොඳ බිරිඳක් සොයාගත හැකි නම්+ ඇය ඔහුට වටිනා සම්පතකි.+ එය ඔහුට යෙහෝවා දෙවිගෙන් ලැබෙන ආශීර්වාදයකි.+
23 අගහිඟකම් ඇති තැනැත්තා බැගෑපත් ලෙස කතා කරයි.+ එහෙත් පොහොසතා සැරෙන් පිළිතුරු දෙයි.+
24 ද්‍රෝහිව කටයුතු කරන මිතුරෝ සිටිති.+ නමුත් සහෝදරයෙකුටත් වඩා විශ්වාසවන්තව සිටින මිතුරෙක්ද සිටියි.+