හෙබ්‍රෙව්
5 මන්ද උත්තම පූජකයා ලෙස මිනිසුන් අතරින් කෙනෙකුව තෝරාගන්නේ මිනිසුන් වෙනුවෙන් දෙවිට සේවය කිරීම සඳහාය.+ ඔහු පරිත්‍යාග සහ පව් වෙනුවෙන් පූජා දෙවිට ඔප්පු කරයි.+ 2 තමාගේම දුර්වලකම් ඔහුට නිරතුරුවම සිහි වන නිසා නොදැනුවත්කමින් වැරදි කරන අය සමඟ අනුකම්පාවෙන් කටයුතු කිරීමට ඔහුට පුළුවන.+ 3 ඔහු අතින්ද දුර්වලකම් සිදු වී ඇති නිසා සෙනඟ කරන පව් වෙනුවෙන් පූජා ඔප්පු කරනවා වගේ තමා අතින් සිදු වන පව් වෙනුවෙන්ද පූජා ඔප්පු කිරීමට ඔහුට සිදු වේ.+
4 මීට අමතරව කෙනෙකුට එම ගෞරවනීය කාර්යය හිමි වන්නේ ඒ සඳහා ඔහු කැමැත්තෙන්ම සිටින නිසා නොවේ.+ ආරොන්ව පත් කළා සේම+ එම කාර්යය සඳහා දෙවි ඔහුව පත් කරන නිසාය.+ 5 එසේම ක්‍රිස්තුස් උත්තම පූජකයෙකු වීමෙන්+ තමාටම ගෞරවය සෙව්වේ නැත.+ නමුත්, “ඔබ මාගේ පුත්‍රයාය. අද සිට මම ඔබේ පියා වෙමි”+ කියා පැවසූ තැනැත්තා ඔහුව ගෞරවයට පත් කළේය.+ 6 ශුද්ධ ලියවිල්ලේ වෙනත් තැනක සඳහන් ආකාරයට, “ඔබ මෙල්කිසදෙක් හා සමානව පූජකයෙක් ලෙස සදහටම සේවය කරන්නෙහිය”+ කියාද දෙවි පවසයි.
7 ක්‍රිස්තුස් මිනිසෙකු ලෙස ජීවත් වූ කාලයේදී තමාව මරණයෙන් ගැලවීමට හැකි තැනැත්තාණන් ඉදිරියේ බලවත් ලෙස+ හඬා වැලපෙමින් කඳුළු සලමින් ඔහුට ඉල්ලීම් සහ කන්නලව් ඉදිරිපත් කළේය.+ ඔහු දේවගරුබියෙන් කටයුතු කළ නිසා+ දෙවි ඔහුට සවන් දුන්නේය. 8 ඔහු ඒ තැනැත්තාගේ පුත්‍රයා වුණත් විවිධාකාර දුක් පීඩා විඳ කීකරුකම ඉගෙනගත්තේය.+ 9 ඔහු සෑම අතින්ම සම්පූර්ණ කෙනෙකු බවට පත් වූ පසුව+ තමාට කීකරු වන සියලුදෙනාටම+ සදාකාලික ගැලවීම ලබාගැනීමට මඟ සලසා දුන්නේය.+ 10 මන්ද දෙවි ඔහුව පැහැදිලිව හඳුන්වා තිබෙන්නේ මෙල්කිසදෙක් හා සමාන උත්තම පූජකයෙකු ලෙසය.+
11 ඔහු ගැන අපට බොහෝ දේවල් කීමට තිබුණත් ඒ දේවල් පැහැදිලි කර දීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. මන්ද ඔබේ තේරුම්ගැනීමේ හැකියාව* මොට වී තිබේ.+ 12 මේ කාලයට අනුව ඔබ ගුරුවරුන් විය යුතුයි.+ නමුත් දෙවිගේ ශුද්ධ පණිවිඩයට අයත්+ මූලික දේවල්+ ගැන නැවතත් මුල සිටම ඔබට ඉගැන්වීමට කෙනෙකු අවශ්‍ය බව පෙනේ. ඔබට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ගන ආහාර නොව කිරිය.+ 13 මන්ද කිරි පමණක් බොන අය ළදරුවන් වන නිසා එවැනි අයට ධර්මිෂ්ඨකම පිළිබඳ පණිවිඩය ගැන අවබෝධයක් නැත.+ 14 නමුත් ගන ආහාර ලබා දෙන්නේ අවබෝධයෙන් ක්‍රියා කරන අයටය. ඔවුහු තම වටහාගැනීමේ හැකියාව+ භාවිත කරන නිසා හරි වැරැද්ද නිවැරදිව හඳුනාගැනීමට පුහුණු වී සිටිති.+