යොෂුවා
9 ඊශ්‍රායෙල්වරුන් කළ දේ යොර්දාන් ගඟේ බස්නාහිර පැත්තේ තිබූ කඳුකර පළාතේද පහත් බිම්වලද* මහ මුහුද+ අසබඩද ලෙබනොන්+ දක්වා විහිදී ගිය ප්‍රදේශයේද ජීවත් වූ සියලු රජවරුන්ට+ ආරංචි විය. හිත්තීවරුන්ගේද+ අමෝරිවරුන්ගේද කානානිවරුන්ගේද+ පෙරිස්සිවරුන්ගේද+ හිවීයවරුන්ගේද යෙබූසිවරුන්ගේද+ රජවරුන් වූ ඔවුන්ට ඒ ගැන ආරංචි වූ විගස 2 ඔවුහු සියලුදෙනාම එකා මෙන් යොෂුවාට සහ ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කිරීමට සැරසුණෝය.+
3 යොෂුවා යෙරිකෝවටත්+ ආයි නගරයටත්+ කළ දේ ගැන ගිබියොන් නගරයේ+ වැසියන්ටද ආරංචි විය. 4 එහෙයින් ඔවුහු යොෂුවාගෙන් ගැලවෙන පිණිස නැණවත් ලෙස කටයුතු කළෝය.+ ඔවුහු පැළී තිබූ පරණ සම් භාජන සොයාගෙන ඒවායේ පැළුණු තැන් ගැටගසා සකසාගත්තෝය.+ පරණ මලුවලට ආහාර ද්‍රව්‍යද දමාගෙන ඒ සියල්ල බූරුවන් පිට පටවාගත්තෝය. 5 ඉන්පසු ඔවුහු ගෙවී ගිය පාවහන්ද පරණ වස්ත්‍රද ඇඳගෙන වේළී ගිය රොටිද තම මලුවලට දමාගත්තෝය. 6 පසුව ඔවුහු ගිල්ගාල් නගරයේ කඳවුර+ වෙතට ගොස් යොෂුවාටද ඊශ්‍රායෙල්වරුන්ටද මෙසේ කීවෝය. “අප මෙහි ආවේ හුඟක් දුර සිටයි. අපි ඔබ සමඟ ගිවිසුමක්+ ඇති කරගන්න කැමතියි.” 7 මෙය ඇසූ ඊශ්‍රායෙල්හි නායකයෝ හිවීයවරුන්ට+ මෙසේ කීවෝය. “ඔබ මේ දේශයේ අය නෙවෙයි කියා අපි කොහොමද හරියටම දැනගන්නේ? ඔබ මේ අවට පදිංචි වී සිටින ජාතියක් නම් අපට කොහොමටවත් ඔබ සමඟ ගිවිසුමක් ඇති කරගන්න බැහැ.”+ 8 එවිට ඔවුහු යොෂුවාට මෙසේ කීවෝය. “අපි ඔබට යටත් වී සේවය කරන්න කැමතියි.”+
යොෂුවා ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ඔබේ ජාතිය කුමක්ද? ඔබ ආවේ කොයි දේශයෙන්ද?” 9 ඔවුහු යොෂුවාට මෙසේ පිළිතුරු දුන්නෝය. “ඔබ නමස්කාර කරන යෙහෝවා දෙවි ගැන හැමෝම අහලා තියෙනවා.+ ඔහු කළ දේවල් ගැන හැම තැනම කතා කරනවා. ඊජිප්තු දේශයේ ඔහු කළ බලවත් දේවල් ගැනත් අපිට ආරංචි වුණා.+ ඒ නිසයි ඔබේ සේවකයන් වන අපි, ඔබව හමු වෙන්න මෙපමණ දුරක් ගෙවාගෙන ආවේ.+ 10 යොර්දාන් ගඟේ නැඟෙනහිර පැත්තේ සිටි අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනා වූ හෙෂ්බොන්හි රජු වන සීහොන්වත්+ අෂ්ටාරොත් නගරයේ+ සිටි බාෂාන්හි රජු වන ඕග්වත්+ ඔබේ දෙවි විනාශ කළ හැටිත් අපිට දැනගන්න ලැබුණා. 11 ඒ නිසා අපේ දේශයේ නායකයන් හා වැසියන් අපිට මෙහෙම කිව්වා.+ ‘ගමනට අවශ්‍ය කරන දේවලුත් රැගෙන ඊශ්‍රායෙල් සෙනඟ ඉන්න තැනට ගමන් කරන්න. ඔබ ඔවුන් ළඟට ගිහින් මෙහෙම කියන්න. “අපි ඔබ යටතේ සේවය කරන්න කැමතියි.+ අප සමඟ ගිවිසුමක් ඇති කරගන්න.”’+ 12 මේ රොටි දිහා බලන්න. අප මේවා මලුවලට දමාගත්තේ උණු උණුවෙන්මයි. නමුත් අපි මෙපමණ දුරක් ගෙවාගෙන ආ නිසා ඒවා දැන් හොඳටම වේළිලා.+ 13 අපි වයින් පුරවාගත්තේ අලුත් සම් භාජනවලටයි. ඒත් දැන් ඒවා පැළිලා ගිහින්.+ අපි කොපමණ දුරක් ඇවිදගෙන ආවද කිව්වොත් අපේ පාවහනුත් ගෙවිලා. අපේ ඇඳුනුත් දැන් හොඳටම දිරලා ගිහින්.”
14 මෙය ඇසූ ඊශ්‍රායෙල්වරු ඔවුන් ළඟ තිබුණු ආහාර පරීක්ෂා කර බැලූ නමුත් ගත යුතු පියවර ගැන යෙහෝවා දෙවිගෙන් මඟ පෙන්වීම් පැතුවේ නැත.+ 15 පසුව යොෂුවා ඔවුන්ට විරුද්ධව යුද්ධ නොකරන බවට පොරොන්දු වී ඔවුන් සමඟ ගිවිසුමක් ඇති කරගත්තේය.+ ඊශ්‍රායෙල් සෙනඟගේ අධිපතීහුද+ දිවුරා ඒ ගිවිසුමට එකඟව ක්‍රියා කරන බවට පොරොන්දු වූහ.+
16 ගිවිසුම ඇති කරගෙන දවස් තුනක් ගත වූ පසු තමන්ව හමු වීමට ආ පිරිස ඒ අවටම ජීවත් වන ජාතියක් බව ඊශ්‍රායෙල්වරුන්ට දැනගන්න ලැබිණ. 17 එහෙයින් ඊශ්‍රායෙල්වරු තම කූඩාරම් අකුළාගෙන ගිබියොන්වරුන්ගේ නගර වන ගිබියොන්,+ කෙෆීරා,+ බෙයේරොත්+ සහ කිර්යත්-යෙයාරීම්+ යන නගර වෙතට ගමන් කළෝය. දවස් තුනකින් ඔවුහු ඒ නගර වෙතට පැමිණියෝය. 18 ඊශ්‍රායෙල්වරු ගිබියොන්වරුන්ගේ නගරවලට පැමිණියත් ඔවුන්ට පහර දුන්නේ නැත. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ අධිපතීන් ගිබියොන්වරුන්ට කිසි හානියක් නොකරන බවට තම දෙවි වන යෙහෝවාගේ නාමයෙන්+ දිවුරා පොරොන්දු වී තිබිණ.+ එහෙයින් ඊශ්‍රායෙල් සෙනඟ තමන්ගේ අධිපතීන්ට දොස් නැඟුවෝය.+ 19 එවිට ඊශ්‍රායෙල්හි අධිපතීහු සෙනඟට මෙසේ කීවෝය. “අපි ඔවුන්ට පහර නොදෙන බවට ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවාගේ නාමයෙන් දිවුරා පොරොන්දු වුණා. ඒ නිසා ඔවුන්ට විරුද්ධව දැන් අපට කිසි දෙයක් කරන්න බැහැ.+ 20 අපි ඒ පොරොන්දුව ඉටු කරන්න ඕනේ. අපි ඔවුන්ගේ ජීවිතවලට කිසි හානියක් කරන්නේ නැහැ. අපි එහෙම ඔවුන්ට හානියක් කළොත් දෙවි අප සමඟ උදහස් වෙයි.”+ 21 අධිපතීහු තවදුරටත් මෙසේ කීවෝය. “අපි පොරොන්දු වුණා වගේ+ ඔවුන්ට ජීවත් වෙන්න ඉඩහරිමු. නමුත් අපි හැමෝටම අවශ්‍ය දර එකතු කර දෙන්නත් වතුර ඇද දෙන්නත් ඔවුන්ට නියම කරමු.”+
22 පසුව යොෂුවා ගිබියොන්වරුන්ව කැඳවා ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “බොහෝ දුර ඉඳන් ආ බව කියමින් ඔබ අපිව රැවැට්ටුවේ ඇයි?+ ඔබ ජීවත් වෙන්නෙත් අප සිටින ප්රදේශයේමයි.+ 23 ඒ නිසා අද ඉඳන් ඔබ ශාප ලත් සෙනඟක්.+ හැමදාටම ඔබට දාසකම් කරන්න සිදු වෙයි.+ මගේ දෙවිගේ ගෘහයට අවශ්‍ය දර එකතු කර දීම හා වතුර ඇද දීම ඔබට පැවරෙන වැඩ කොටසයි.”+ 24 එවිට ඔවුහු යොෂුවාට මෙසේ කීවෝය. “අනේ, අපි එහෙම කළේ+ ඔබ අපව මරයි කියා භය වූ නිසයි.+ ඔබ නමස්කාර කරන යෙහෝවා දෙවි දේශයේ සිටින සියලුදෙනාවම විනාශ කර ඔබට මුළු දේශයම දෙනවා කියා ඔහුගේ සේවකයා වන මෝසෙස්ට කියූ බව අපි දැනගෙන සිටියා.+ 25 අපි ඔබට යටත් වෙන්න කැමතියි. ඔබට හොඳයි කියා සිතෙන ඕනෑම දෙයක් අපට කරන්න.”+ 26 යොෂුවා ගිබියොන්වරුන්ව මරා දැමීමට ඊශ්‍රායෙල්වරුන්ට ඉඩ නොදුන්නේය.+ 27 ඒ වෙනුවට ඊශ්‍රායෙල් සෙනඟට හා යෙහෝවා දෙවිගේ පූජාසනයට අවශ්‍ය දර එකතු කර දීමටත් වතුර ඇද දීමටත්+ ඔහු එදින ඔවුන්ට නියම කළේය.+ ඔවුහු අද දක්වාම දෙවි තම පූජාසනය ඉදි කිරීමට තෝරාගන්නා සෑම ස්ථානයකදීම+ එම සේවයේ යෙදෙති.