ලූක්
23 ඒ මුළු සභාවම නැඟිට යේසුස්ව පිලාත් ඉදිරියට ගෙන ගියෝය.+ 2 ඔවුහු යේසුස්ට විරුද්ධව චෝදනා එල්ල කරමින්,+ “මේ මිනිසා අපේ ජාතිය අතර භේද ඇති කරනවා.+ ඔහු සීසර්ට බදු ගෙවීම තහනම් කරනවා.+ තමා ක්‍රිස්තුස් කියාත් තමා රජ කෙනෙක් කියාත් ප්‍රකාශ කරන ආකාරය අපට ඇහුණා”+ කියා පැවසුවෝය. 3 එවිට පිලාත්, “ඔබ යුදෙව්වරුන්ගේ රජද” කියා ඔහුගෙන් ප්‍රශ්න කළේය. “එයට පිළිතුර ඔබේ ප්රශ්නයෙන්ම පැහැදිලියි”+ කියා යේසුස් උත්තර දුන්නේය. 4 පිලාත් නායක පූජකයන්ට හා රැස්ව සිටි සමූහයාට මෙසේ කීවේය. “මේ මිනිසා අපරාධකාරයෙක් කියා මට නම් පෙනෙන්නේ නැහැ.”+ 5 නමුත් ඔවුහු, “ඔහු යූදා දේශය පුරාම නොයෙක් දේවල් උගන්වමින් ජනයාව උසිගන්වනවා. ඔහු පටන්ගත්තේ ගලීලයෙන්. දැන් ඔහු මේ ප්‍රදේශයටත් ඇවිල්ලා” කියා තරයේම කියා සිටියෝය. 6 ඔවුන් පැවසූ දේ අසාගෙන සිටි පිලාත් ඔහු ගලීලයේ වැසියෙක්ද කියා ඇසුවේය. 7 යේසුස් හෙරොද්ගේ පාලනය යටතේ පවතින පළාතක වැසියෙක් බව+ දැනගත් පිලාත්, ඒ දිනවල යෙරුසලමට පැමිණ සිටි හෙරොද් වෙතට ඔහුව යැව්වේය.
8 හෙරොද් බොහෝ කාලයක් පුරා යේසුස්ව දැක බලා ගැනීමට ආශාවෙන් සිටි නිසා+ යේසුස්ව දුටු විට ඔහු ඉමහත් සේ සතුටු විය. ඊට හේතු වූයේ යේසුස් ගැන බොහෝ දේවල් ඔහුට ආරංචි වී තිබීමයි.+ එහෙයින් යේසුස් විසින් කරනු ලබන යම් හාස්කමක් දැකගැනීමටත් ඔහු ආශාවෙන් සිටියේය. 9 හෙරොද් යේසුස්ගෙන් බොහෝ ප්‍රශ්න ඇසුවත් ඔහුට යේසුස්ගෙන් කිසි පිළිතුරක් ලැබුණේ නැත.+ 10 නමුත් නායක පූජකයෝද නීතිය පිටපත් කරන්නෝද නිතර නිතර නැඟිට ඔහුට විරුද්ධව දැඩි ලෙස චෝදනා එල්ල කළෝය.+ 11 එවිට හෙරොද්, තම මුර සෙබළුන් සමඟ එකතු වී ඔහුට අවමන් කළේය.+ ඉන්පසු යේසුස්ට දිදුලන වස්ත්‍රයක් පළඳවා ඔහුව සමච්චලයට ලක් කර+ නැවතත් ඔහුව පිලාත් වෙතට යැව්වේය. 12 එදින සෑහෙන කාලයක් පුරා සතුරන් වූ හෙරොද් සහ පිලාත්+ මිත්‍ර වූහ.
13 ඉන්පසු පිලාත් නායක පූජකයන්, පාලකයන් සහ ජනයාව කැඳවා, 14 ඔවුන්ට මෙසේ කීවේය. “ඔබ මේ මිනිසා මා ළඟට ගෙනාවේ ඔහු ජනයාව කැරැල්ලකට උසිගන්වන කෙනෙක් කියා මට පවසමිනුයි. හැබැයි, ඔබ සියලුදෙනා ඉදිරියෙහිම මම ඔහුව සෝදිසි කර බැලුවත් මම කියන්නේ ඔහුට විරුද්ධව ඔබ එල්ල කරන චෝදනාවලට කිසිම පදනමක් නැති බවයි.+ 15 ඇත්තෙන්ම හෙරොද්ටත් බැරි වුණා ඔහුගේ යම් වරදක් සොයාගන්න. මොහුව ආපසු අප ළඟට එවා තිබෙන්නේ ඒ නිසයි. ඇත්තෙන්ම මේ මිනිසා මරණ දඬුවම ලබන්න තරම් කිසිම දෙයක් කර නැහැ.+ 16 ඒ නිසා මම ඔහුට දඬුවමක් දී+ නිදහස් කරන්න කැමතියි.” 17 —— 18 එවිට ඔවුහු රැස්ව සිටි මුළු සමූහයා සමඟ එක හඬින්, “මොහුව මරා දමන්න.+ අපට බරබ්බස්ව නිදහස් කර දෙන්න”+ කියා පැවසූහ. 19 (බරබ්බස් යනු නුවරෙහි සිදු කළ යම් කැරලිගැසීමක් නිසාත් මිනී මැරුමක් නිසාත් සිරගත වූ මිනිසෙකි.) 20 නමුත් යේසුස්ව නිදහස් කිරීමට කැමැත්තෙන්+ සිටි පිලාත් නැවතත් රැස්ව සිටි සමූහයාට කතා කළේය. 21 එවිට ඔවුහු, “ඔහුව කණුවක ඇණ ගසා මරන්න! ඔහුව කණුවක ඇණ ගසා මරන්න”+ කියා කෑගසන්න පටන්ගත්තෝය. 22 තුන්වෙනි වතාවටත් ඔහු ඔවුන්ගෙන් මෙසේ ඇසුවේය. “ඇයි? මේ මිනිසා කළ වරද මොකක්ද? මරණයට පත් කරන්න තරම් කිසි වරදක් ඔහු කර නැහැ. මම කැමතියි ඔහුට දඬුවමක් දී ඔහුව නිදහස් කරන්න.”+ 23 එවිට ඔවුහු පෙරටත් වඩා උස් හඬකින් කෑගසා ඔහුව කණුවක ඇණ ගසා මරා දමන්න කියා තරයේම ඉල්ලා සිටියෝය. ඔවුන් කෑගසමින් කොතරම් බලපෑමක් කළාද කිවහොත් පිලාත් තම උත්සාහය අත්හැරියේය.+ 24 එහෙයින් පිලාත් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරන ලෙස තීන්දු කළේය.+ 25 ආණ්ඩුවට විරුද්ධව කැරලිගසා, මිනී මරා සිරභාරයේ සිටි මිනිසාව නිදහස් කරන ලෙස සමූහයා ඉල්ලා සිටි නිසා පිලාත් ඔහුව නිදහස් කර+ යේසුස්ව ඔවුන්ගේ කැමැත්තට එකඟව මරා දැමීමට භාර දුන්නේය.+
26 ඔවුහු යේසුස්ව රැගෙන යද්දී, සිරේනිය නම් නුවරේ උපන් සීමොන් නමැති කෙනෙකු ඔවුන්ට හමු විය. ඔහු ජීවත් වූයේ පිටිසර පළාතකයි. යේසුස්ගේ වධකණුව රැගෙන යෑමට ඔවුහු එය ඔහු පිට තැබුවෝය. ඔහු වධකණුව රැගෙන යේසුස්ට පිටුපසින් ගියේය.+ 27 යේසුස් පසුපස විශාල සමූහයක් ගමන් කරමින් සිටියෝය. ඔවුන් අතර සිටි ස්ත්‍රීහු ශෝකයෙන් තම පපුවට ගසාගනිමින් හඬා වැලපෙමින් පැමිණියෝය. 28 යේසුස් එම ස්ත්‍රීන් දෙස බලා ඔවුන්ට මෙසේ කීවේය. “යෙරුසලමේ දූවරුනි, මා නිසා හඬන්න එපා. ඒ වෙනුවට ඔබටයි ඔබේ දරුවන්ටයි සිදු වෙන්න යන දේ ගැන හඬා වැලපෙන්න.+ 29 මන්ද ඉදිරියේදී ඉතා අසීරු කාලයක් එයි. එදාට මිනිස්සු, ‘දරුවන් බිහි නොකළ, දරුවෙකුට කිරි නොදුන් වඳ ස්ත්‍රියට සතුටු විය හැකියි’+ කියා පවසයි. 30 ඒ කාලයේදී ඔවුහු කඳු ළඟට ගොස්, ‘අප පිට වැටෙන්න’ කියාත් හෙල්වලට, ‘අපව වසාගන්න’+ කියාත් පවසයි. 31 මන්ද ගස හොඳට වැඩී තිබෙන විට ඔවුන් මෙසේ හඬා වැලපෙනවා නම් එය වියළී යන විට ඔවුන් මොනව නොකරයිද?”+
32 යේසුස් සමඟ මරණයට පත් කිරීම සඳහා අපරාධකරුවන් දෙදෙනෙකුවද රැගෙන යන ලදි.+ 33 ඔවුන් හිස්කබල+ යන නමින් හඳුන්වා ඇති ස්ථානයට පැමිණි විට යේසුස්වත් අපරාධකරුවන්වත් කණුවල එල්ලන ලදි. ඔවුහු එක් කෙනෙකු ඔහුගේ දකුණු පැත්තෙහිද එක් කෙනෙකු ඔහුගේ වම් පැත්තෙහිද සිටින සේ එල්ලුවෝය.+ 34 [[මේ අතර යේසුස්, “පියාණෙනි, ඔවුන්ට සමාව දෙන්න.+ මන්ද ඔවුන් කරන දේ ගැන ඔවුන්ට අවබෝධයක් නැහැ” කියා පැවසුවේය.]] ඉන්පසු යේසුස්ගේ වස්ත්‍ර තමන් අතරේ බෙදාගැනීමට ඔවුහු දාදු දැමුවෝය.+ 35 රැස්ව සිටි සමූහයා සිදු වන දේ බලාගෙන සිටියෝය.+ ආගමික නායකයෝ ඔහුට නින්දා කරමින්, “ඔහු අනුන්ව නම් ගැලෙව්වා. නමුත් ඔහු දෙවිගේ තෝරාගත් තැනැත්තා+ වන ක්‍රිස්තුස් නම් ඔහුට තමන්ව ගලවාගන්නත් හැකියාව තිබිය යුතුයි”+ කියා පැවසුවෝය. 36 හේවායෝ පවා ඔහු ළඟට ඇවිත් ඔහුට කවටකම් කරමින්+ ඇඹුල් වයින් දී,+ 37 “ඔබ යුදෙව්වරුන්ගේ රජු නම් ඔබ ඔබවම ගලවාගන්න” කියා කීවෝය. 38 ඔහුට ඉහළින්, “මේ යුදෙව්වරුන්ගේ රජුය”+ කියා සඳහන් කළ සටහනක්ද කණුවේ තබා තිබිණ.
39 එසේම එල්ලනු ලැබූ එක් අපරාධකරුවෙක් ඔහුට නින්දා කරමින්,+ “ඔබ ක්‍රිස්තුස් නේද? ඔබට ගැලවෙන්න බැරිද? ඔබත් ගැලවී අපිවත් ගලවාගන්න” කියා කීවේය. 40 ඊට පිළිතුරු වශයෙන් අනික් අපරාධකරුවා ඔහුට තදින් මෙසේ කීවේය. “මේ මිනිසාට සමාන දඬුවමක් ඔබට ලැබිලත් ඔබට දෙවි සඳහා කිසි ගරුබියක් නැද්ද?+ 41 අපට ලැබුණු විනිශ්චය සාධාරණයි. අපට දැන් ලැබිලා තිබෙන්නේ අප කළ දේවලට ලැබිය යුතු දඬුවමයි. නමුත් මේ මිනිසා කිසි වරදක් කර නැහැ.”+ 42 ඊළඟට ඔහු යේසුස්ට මෙසේ පැවසුවේය. “යේසුස්, ඔබේ රාජ්‍යයට ඔබ ඇතුල් වන විට මාව අමතක කරන්න එපා.”+ 43 එවිට යේසුස්, “ඔබ මා සමඟ+ පාරාදීසයේ+ සිටින බවට අද මම ඔබට සහතිකවම පොරොන්දු වෙනවා” කියා ඔහුට කීවේය.
44 හයවෙනි පැයේදී* පමණ මුළු පොළොවම අන්ධකාරයෙන් වැසී ගියේය. ඒ අන්ධකාරය නවවෙනි පැය* දක්වා පැවතිණ.+ 45 මන්ද හිරුගෙන් කිසි එළියක් විහිදුණේ නැත. ඉන්පසු ශුද්ධස්ථානයේ තිරය+ දෙකට මැදින් ඉරී ගියේය.+ 46 එවිට යේසුස්, “පියාණෙනි, මගේ ජීවිතය ඔබේ අතේ”+ කියා මහත් හඬින් පවසා තම අවසන් හුස්ම හෙළුවේය.+ 47 සිදු වූ දේ දුටු හමුදා නිලධාරියා දෙවිට ගෞරවය දෙමින්, “ඇත්තටම මේ මිනිසා ධර්මිෂ්ඨ කෙනෙක්”+ කියා පැවසුවේය. 48 යේසුස්ට සිදු වන දේ දැක බලා ගැනීමට බොහෝදෙනෙක් පැමිණ සිටි අතර මේ දේවල් දුටු විට ඔවුහු පපුවට ගසාගනිමින් තම නිවෙස් බලා ගියෝය. 49 යේසුස්ව දැන හඳුනා ගෙන සිටි සියලුදෙනා සිටියේ මදක් ඈතින්ය.+ ගලීලයේ සිට ඔහු සමඟ පැමිණි ස්ත්‍රීහුද සිදු වන දේ සිටගෙන බලාගෙන සිටියෝය.+
50 මේ අතර මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු වූ යෝසෙප් නම් මිනිසෙක් සිටියේය. ඔහු යහපත් සහ ධර්මිෂ්ඨ තැනැත්තෙක් විය.+ 51 ඔහු මන්ත්‍රණ සභාව කුමන්ත්‍රණය කළ දේට සහ ඔවුන් යේසුස්ට විරුද්ධව ගත් ක්‍රියාමාර්ගයට තම අනුමැතිය දී තිබුණේ නැත.+ යෝසෙප් යුදෙව්වරුන්ගේ නුවරක් වූ අරිමාතියෙන් පැමිණි අතර දෙවිගේ රාජ්‍යය ගැන බලා සිටි කෙනෙකි.+ 52 ඔහු පිලාත් ළඟට ගොස් යේසුස්ගේ දේහය භාරගැනීමට අවසර ලබාගත්තේය.+ 53 ඔහු දේහය කණුවෙන් පහතට ගෙන+ අනර්ඝ ලිනන් රෙදිවලින් ඔතා, ඒ දක්වා කිසිවෙකුව තැන්පත් නොකළ,+ පර්වතයක කපන ලද සොහොන් ගෙයක තැන්පත් කළේය.+ 54 එදින සූදානම් වීමේ දවස* විය.+ නමුත් සවස් වූ නිසා සබත් දවසේ+ ආරම්භයට තව වැඩි වේලාවක් නොතිබිණ. 55 ගලීලයේ සිට යේසුස් සමඟ පැමිණි ස්ත්‍රීහු සොහොන් ගෙය ළඟට ගොස්+ ඔහුගේ දේහය තැන්පත් කර තිබූ ආකාරය දැක බලා ගත්තෝය.+ 56 ඉන්පසු ඔවුහු සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල්+ සූදානම් කිරීමට ආපසු හැරී ගියෝය. නමුත් නීතියේ සඳහන් ආකාරයට ඔවුහු සබත් දවසේදී+ කිසි වැඩක් නොකළෝය.