ගීතාවලිය
සංගීත අධ්‍යක්ෂක වෙතය. ලිලී මල් නම් වූ රිද්මයට අනුව ගායනා කිරීම සඳහාය.+ දාවිත් රචනා කළ ගීතයකි.
69 දෙවියනි, මාව ගලවාගන්න. මා ගිලෙන තරමටම වතුර මට්ටම ඉහළට නැඟ ඇත.+
2 මම ගැඹුරු මඩ වගුරක එරී සිටිමි. මාගේ පය ගසා නැඟිට සිටින්නවත් මට තැනක් නැත.+
මම ගැඹුරු දියට වැටී සිටිමි.
සැඩ පහරින් මාව ගසාගෙන ගියේය.+
3 හෙම්බත් වන තරමටම මම උපකාරය පතා හඬගැසුවෙමි.+
මාගේ උගුර වියළී ඇත.
මාගේ දෙවිගෙන් උපකාර ලැබෙන තෙක් බලා සිටීමෙන් මාගේ දෙනෙත් විඩාබර වී ඇත.+
4 කිසිදු හේතුවක් නොමැතිව මට සතුරුකම් පාන අය මාගේ හිසකෙස්වලටත් වඩා වැඩිය.+
නිස්කාරණයේ මට වෛර කරමින් මාව මරා දැමීමට උත්සාහ කරන අය ගණන් කළ නොහැකි තරම්ය.+
මා ඔවුන්ගෙන් කිසිවක් සොරකම් නොකළත් මා සතු දේ ඔවුන්ට දීමට මට සිදු විය.
6 විශ්වයේ පාලකයාණන්ද ස්වර්ගයේ සේනාවල අධිපතියාණන්ද වන යෙහෝවා දෙවියනි,+
ඔබ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින අයට මා නිසා ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+
ඊශ්‍රායෙල්හි දෙවියනි,+
ඔබේ මඟ පෙන්වීම් පතන අයට මා නිසා නින්දාවට පත් වීමට ඉඩ නොදෙන්න.+
9 ඔබේ ගෘහය කෙරෙහි මට තිබෙන ළැදියාව මොන තරම්ද! එය මා තුළ ඇවිළෙන ගින්නක් මෙනි.+
ඔබට නින්දා කරන්නන්ගේ නින්දා අපහාස මා පිටට පැමිණියේය.+
13 නමුත් යෙහෝවා දෙවියනි, මම යාච්ඤා කළේ ඔබටය.+
දෙවියනි, ඔබේ අනුමැතිය දිනාගැනීමට ප්‍රස්තාව තිබෙන කාලයේදී+ මම ඔබට යාච්ඤා කළෙමි.
ඔබේ මහත් ප්‍රේමය* පෙන්වා මට පිළිතුරු දෙන්න. මන්ද සැබෑ ගැලවුම්කරු ඔබය.+
14 මඩ වගුරේ ගැඹුරටම එරීමට ඉඩ නොදී මාව බේරාගන්න.+
මට වෛර කරන්නන්ගෙන්+ මාව ගලවාගන්න. ගැඹුරු දියේ ගිලීමට ඉඩ නොදී මාව බේරාගන්න.+
15 සැඩ පහරින් මාව ගසාගෙන යෑමට ඉඩ නොදෙන්න.+
ගැඹුරු ජලයෙන් මාව යට වී යෑමට ඉඩ නොදෙන්න.
මිනී වළට මාව ගිලගැනීමට ඉඩ නොදෙන්න.+
16 යෙහෝවා දෙවියනි, ඔබ මහත් ප්‍රේමයෙන්* පිරුණු දෙවි කෙනෙක් නිසා මට පිළිතුරු දෙන්න.+
ඔබ දයාන්විත නිසා මා වෙතට හැරී මට කරුණාව පෙන්වන්න.+
17 ඔබේ සේවකයා වෙතින් ඔබේ මුහුණ ඉවතට හරවා නොගන්න.+
මා පීඩාවලින් හෙම්බත් වී සිටින නිසා ප්‍රමාද නොවී මට පිළිතුරු දෙන්න.+
19 මා විඳින නින්දා අපහාසද මා අද්දකින ලැජ්ජාවද ඔබ දන්නෙහිය.+
මට හිරිහැර කරන සියල්ලන්ව ඔබට පෙනෙන්නෙහිය.+
20 මට කරන නින්දාවන් නිසා මාගේ හදවත පැළෙන තරම් වේදනාවක් මට දැනේ. ඒ තුවාලය සුව කළ නොහැකි තරම් මහත්ය.+
කවරෙකු හෝ මට අනුකම්පා කරන තෙක් මම බලා සිටියෙමි. නමුත් කිසිවෙක් එසේ කළේ නැත.+
මාව සනසවන්නද කිසිවෙක් සිටියේ නැත.+
21 ඔවුන් මට කන්න දුන්නේ විෂ පලා ජාතියකි.+
මා පිපාසයෙන් සිටි විට ඔවුන් මට පොවන්න උත්සාහ කළේ ඇඹුල් වයින්ය.+
22 ඔවුන් පිළියෙල කරගත් මේසය ඔවුන්ටම උගුලක් වේවා!+
ඔවුන්ගේ ප්‍රයෝජනයට රැස් කරගත් දේ ඔවුන්ටම මර උගුලක් වේවා!+
23 කිසිවක් දැකගැනීමට නොහැකි වන සේ ඔවුන්ගේ ඇස් අඳුරු කරන්න.+
ඔවුන්ගේ තුනටියේ ශක්තිය හීන වී යෑමට සලස්වන්න.+
28 ජීවනය ලැබීමට සුදුසු අයගේ නම් ඇතුළත් ලියවිල්ලෙන් ඔවුන්ගේ නම් මකා දමන්න.+
ධර්මිෂ්ඨයන්ගේ නම් සමඟ ඔවුන්ගේ නම් ඇතුළත් නොකරන්න.+
31 ගවයෙකුව පූජාවක් ලෙස ඔප්පු කරනවාට වඩා එය යෙහෝවා දෙවිට ප්‍රසන්නය.+
අං සහ කුර ඇති වස්සෙකුව ඔප්පු කරනවාට වඩා එයට දෙවි සතුටු වන්නේය.+
32 නිහතමානී අය එය දැක ප්‍රීති වන්නෝය.+
දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ඔබේ සිත් ප්‍රාණවත්ව තිබේවා!+
33 යෙහෝවා දෙවි දුගී දුප්පත් අයට ඇහුම්කන් දෙන්නේය.+
වහලුන් ලෙස සිටින තම සෙනඟව ඔහු කිසිදා හෙළා නොදකින්නේය.+