1 රාජාවලිය
10 යෙහෝවා දෙවිගේ නාමය ගෞරවයට පත් කළ සලමොන් රජුගේ කීර්තිය ගැන+ ෂෙබා දේශයේ+ රැජිනට ආරංචි විය. ඔහුගෙන් සංකීර්ණ ප්‍රශ්න අසා ඔහුගේ දැනුම මැන බැලීමට+ තීරණය කළ ඇය, 2 බෝල්සම් තෙල්,+ රත්තරන් සහ මැණික් ගල් විශාල ප්‍රමාණයක් ඔටුවන්+ පිට පටවාගෙන විශාල පිරිවරක් සමඟ යෙරුසලමට පැමිණියාය.+ ඇය සලමොන් රජු ඉදිරියට පැමිණ තමන් දැනගන්න ආශාවෙන් සිටි සියල්ල ඔහුගෙන් ඇසුවාය.+ 3 එවිට සලමොන් රජ ඇය ඇසූ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු දුන්නේය.+ රජුට පිළිතුරු දීමට නොහැකි වූ එක ප්‍රශ්නයක්වත් නොතිබුණේය.+
4 ෂෙබාහි රැජින සලමොන් රජුගේ මුළු මහත් ප්‍රඥාවත්+ ඔහු ගොඩනැඟූ මාලිගාවත්+ 5 ඔහුගේ මේසයේ තිබූ ආහාරත්+ කෑමට හිඳගෙන සිටි ඔහුගේ සේවකයන්වත් මේසයට කෑම ගෙනා වැඩකරුවන්වත් ඔවුන්ගේ වස්ත්‍රත් ඔහු පිළිගැන්වූ බීම වර්ගත්+ ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ නිතර ඔප්පු කළ දවන පූජාවනුත් දුටු විට ඇය අතිශයින් පුදුම වූවාය.+ 6 එවිට ඇය රජුට මෙසේ කීවාය. “ඔබ කළ දේවල් ගැනත් ඔබේ ප්‍රඥාව ගැනත් මගේ රටේදී මට ආරංචි වූ හැම දෙයක්ම ඇත්ත.+ 7 නමුත් ඔබව හමු වීමට ඇවිත් ඒ දේවල් මගේම ඇස් දෙකෙන් දැකගන්නා තෙක් මම ඒවා විශ්වාස කළේ නැහැ. ඔබේ ප්‍රඥාවත් ඔබේ වස්තු සම්භාරයත් මොන තරම්ද!+ ඇත්තටම ඒවා ගැන මට දැනගන්න ලැබුණේ අල්පයක් විතරයි!+ 8 නිරතුරුවම ඔබ ඉදිරියේ සිට ඔබේ ප්‍රඥාවන්ත වදන් අසන්න ලැබෙන ඔබේ සේවකයනුත්+ ඔබේ සෙනඟත්+ මොන තරම් ආශීර්වාද ලත් අයද!+ 9 ඔබ ගැන සතුටු වී+ ඔබව ඊශ්‍රායෙල්හි රජු ලෙස පත් කළ+ ඔබේ දෙවි යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ධර්මිෂ්ඨව+ හා සාධාරණව ඔහුගේ සෙනඟව විනිශ්චය කිරීමට+ ඔහු ඔබව රජකමට පත් කළේ+ ඊශ්‍රායෙල් සෙනඟ කෙරෙහි යෙහෝවා දෙවිට තිබෙන ඉමහත් ප්‍රේමය නිසයි.”+
10 ඉන්පසු ඇය රජුට රන් තලෙන්ත එකසිය විස්සක්ද+ මැණික්ද බෝල්සම් තෙල්+ ඉතා විශාල ප්‍රමාණයක්ද දුන්නාය.+ එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් ඉන්පසු කිසි දිනක ඔහුට ලැබුණේ නැත.
11 ඕෆීර් දේශයේ+ සිට රන් ගෙනා හීරාම් රජුගේ නැව්වල+ හඳුන් ලී+ ඉතා විශාල ප්‍රමාණයක්ද මැණික්ද ගෙනාවේය.+ 12 සලමොන් රජ ඒ හඳුන් ලීවලින් යෙහෝවා දෙවිගේ ගෘහය සඳහාත්+ රජමාලිගාව සඳහාත් ආධාරක සෑදුවේය. එමෙන්ම ඔහු ගායකයන් සඳහා වීණා+ හා වෙනත් සංගීත භාණ්ඩ+ සෑදීමටද එම ලී භාවිත කළේය. අද දක්වා ඒ හා සමාන හඳුන් ලී ප්‍රමාණයක් ගෙනාවේවත් දකින්න ලැබුණේවත් නැත.
13 සලමොන් රජ තම වස්තු සම්භාරයෙන් ෂෙබාහි රැජිනට බොහෝ දේ දුන්නේය. ඊට අමතරව ඇය ඉල්ලූ සෑම දෙයක්මද ඇයට දුන්නේය.+ ඉන්පසු ඇය තම සේවකයන් සමඟ ආපසු සිය රට බලා පිටත්ව ගියාය.+
14 සලමොන් රජුට අවුරුද්දකට ලැබුණු රත්රන්වල බර+ තලෙන්ත හයසිය හැටහයකි.*+ 15 ඔහුට එම රන් ලැබුණේ සංචාරක වෙළෙඳුන්ගෙන්, වෙළඳාම් කටයුතුවල යෙදුණු වෙනත් අයගෙන්, අරාබිවරුන්ගේ+ සියලු රජවරුන්ගෙන්+ හා දේශයේ ආණ්ඩුකාරයන්ගෙන් ලැබුණු ආදායමට අමතරවය.
16 සලමොන් රජ මිශ්‍ර කළ රනින් විශාල පලිස් දෙසියයක් සෑදෙව්වේය.+ ඒ එක් පලිහක් සඳහා ෂෙකෙල්* හයසියයක රන් භාවිත කෙරිණ.+ 17 ඔහු කුඩා පලිස් තුන්සියයක්ද සෑදෙව්වේය. මිශ්‍ර කළ රනින් සෑදූ ඒ එක් පලිහක් සෑදීමට මීනා* තුනක රන් භාවිත කෙරිණ.+ පසුව ඔහු ඒ පලිස් ලෙබනොන් වනාන්තරය ලෙස හැඳින්වූ ගෘහයේ තැබුවේය.+
18 රජ, ඇත්දළවලින්+ විශාල සිංහාසනයක්+ සාදා එය පිරිසිදු රනින් ආවරණය කළේය.+ 19 සිංහාසනය වෙතට නැඟ යෑමට පඩි හයක් තිබිණ. ඒ සිංහාසනයට පිටුපසින් වක්රාකාර උඩු වියනක් තිබිණ. සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ+ රූප දෙකක් තිබිණ. 20 පඩි හය දෙපැත්තේම එක් පැත්තකට හය බැගින් තවත් සිංහ රූප දොළහක් තිබිණ. වෙන කිසිම රාජ්‍යයක ඒ හා සමාන දෙයක් දක්නට ලැබුණේ නැත.+
21 සලමොන් රජුගේ කුසලාන සියල්ලම රනින් සාදා තිබුණේය. ලෙබනොන් වනාන්තරය කියා හැඳින්වූ ගෘහයේ+ තිබුණු සියලු භාජනද පිරිසිදු රනින් සාදා තිබිණ.+ රිදීවලින් නිම කළ කිසිවක් එහි තිබුණේ නැත. මන්ද සලමොන් රජුගේ පාලන සමයේදී රිදී එතරම් වටිනා දෙයක් ලෙස සැලකුවේ නැත. 22 සලමොන් රජුට අයත් “තර්ෂිෂ්”*+ නැව් සමූහය හීරාම් රජුගේ නැව් සමූහය සමඟ එකට යාත්‍රා කරනු ලැබීය. එම නැව්වලින් අවුරුදු තුනකට වරක් රන්ද+ රිදීද ඇත්දළද+ වඳුරන්ද මොනරුන්ද ගෙන්වන ලදි.
23 සලමොන් රජ ධනයෙන්ද+ ප්‍රඥාවෙන්ද+ පොළොවේ සිටි අන් සියලු රජවරුන්ට වඩා බොහෝ සෙයින් ශ්‍රේෂ්ඨ විය. 24 දෙවි සලමොන්ට ලබා දුන් ප්‍රඥාවට ඇහුම්කන් දෙන්න පොළොවේ සතර දිගින් ජනයා පැමිණියෝය.+ 25 ඔවුහු අවුරුද්දකට වරක්+ රන් හා රිදී භාණ්ඩද+ වස්ත්‍රද යුධායුධද+ බෝල්සම් තෙල්ද අශ්වයන්ද කොටළුවන්ද+ තෑගි+ ලෙස ගෙනාවෝය.
26 සලමොන් රජ බොහෝ අශ්ව රථ හා අශ්වයන්* එකතු කරගත්තේය. එබැවින් ඔහු සතුව අශ්ව රථ එක්දහස් හාරසියයක්ද අශ්වයන් දොළොස්දහසක්ද තිබිණ.+ රජ, ඒ රථ හා අශ්වයන් තැබුවේ ඒ සඳහා වෙන් කළ නුවරවලය. එම නුවරවල් පිහිටා තිබුණේ ඔහු වාසය කළ යෙරුසලම අසලය.+
27 රජ විශාල රිදී ප්‍රමාණයක් යෙරුසලමට ගෙන්වාගත් බැවින් රිදී, ගල් මෙන් සුලබව තිබිණ.+ ඔහු එක් රැස් කළ දේවදාර ලී ප්‍රමාණය ෂෙපේලා* ප්‍රදේශයේ ඇති සිකමෝර් ගස් තරම් අධික ප්‍රමාණයක් විය.+
28 සලමොන් රජ ඊජිප්තුවෙන් අශ්වයන්ව ගෙන්වන ලදි. රජුගේ වෙළෙන්දෝ විටින් විට එහි ගොස් වරකට අශ්වයන් විශාල ප්‍රමාණයක් මිල දී ගත්තෝය.+ 29 ඊජිප්තුවෙන් ගෙන්වාගත් අශ්ව රථයක සාමාන්‍ය මිල රිදී ෂෙකෙල් හයසියයකි. අශ්වයෙකුගේ මිල රිදී ෂෙකෙල් එකසිය පනහකි. හිත්තීවරුන්ගේ රජවරුන්ද+ සිරියාවේ රජවරුන්ද ඊජිප්තුවෙන් අශ්වයන් හා අශ්ව රථ ගෙන්වාගත්තේ සලමොන් රජුගේ වෙළෙඳුන් මාර්ගයෙනි.