යෝවෙල්
2 “ජනයෙනි, සියොන්හි හොරණෑව පිඹින්න.+ දෙවිගේ ශුද්ධ කන්දේදී+ යුධ ඝෝෂා නඟන්න.+ දේශයේ සියලු වැසියෝ කැලඹෙත්වා!+ මන්ද යෙහෝවා දෙවිගේ දවස ඉතා ළඟය.+ එය අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. 2 ඒ දවස වලාකුළුවලින් වැසුණු අඳුරු දවසකි.+ හිමිදිරියේ කඳු මත පැතිර යන අඳුරු වලාවක් මෙන් ඒ දවසේද ඝන අන්ධකාරය දසත පැතිර යන්නේය.+
“මින් පෙර කිසි දිනක නොසිටියාවූ යළි කිසි දිනක නොසිටින්නාවූ,+ ගණන් කිරීමට නොහැකි තරම් විශාල වූ බලවත් සේනාවක්+ එදින දක්නට ලැබෙයි. 3 ඔවුන්ට ඉදිරියෙන්ද පිටුපසින්ද ගින්නක් ඇවිළෙයි.+ ඒ ගින්නට සියල්ල විනාශ වී යයි. ඔවුහු ඒදන් උයන වැනි වූ දේශයක්+ මැදින් ගොස් එය පාළුකරයක් බවට පත් කරනු ඇත. ඒ ගින්නෙන් සියල්ල දැවී අළු වී යයි.
4 “ඔවුන්ගේ පෙනුම අශ්වයන් මෙනි. ඔවුහු යුද්ධයට සැරසී සිටින අශ්වයන් මෙන් දිව යන්නෝය.+ 5 ඔවුහු කඳු මුදුන්වල එක පිම්මට දිව යන්නෝය.+ ඔවුන් දිව යන හඬ යුධ රථවල හඬටද දැවෙන පිදුරුවල හඬටද සමානය.+ ඔවුන් යුද්ධයට සැරසී සිටින බලවත් සේනාවක් මෙනි.+ 6 ඒ සේනාව නිසා ජනයා බොහෝ වේදනා විඳින්නෝය.+ කලබල වී භයෙන් වෙවුලන්නෝය.+
7 “ඔවුන් දිව යන්නේ ශක්තිමත් මිනිසුන් මෙනි.+ යුධ සෙබළුන් මෙන් ඔවුහු පවුරු උඩට නඟින්නෝය. එක් එක් කෙනා තම තමාට නියම කළ මාර්ගයේ මිස අන් මඟක නොයන්නෝය. ඔවුහු කිසිවිටෙකත් තම මාර්ගයෙන් ඉවතට නොයන්නෝය.+ 8 ඔවුහු ගමන් කරද්දී එකිනෙකාව තල්ලු කරන්නේ නැත. ඔවුහු එඩිතර මිනිසුන් මෙන් නොනැවතීම ඉදිරියට ගමන් කරන්නෝය. ඊතල වැදී ඔවුන්ගෙන් සමහරෙකු මැරී වැටුණත් අනික් අය නොනවත්වාම ඉදිරියට යති.
9 “ඔවුහු නුවරට කඩා පැන පවුර මත දිව යන්නෝය. ඔවුහු ගෙවල්වලට නැඟ සොරුන් මෙන් ජනෙල්වලින් ඇතුල් වන්නෝය. 10 ඒ සේනාව දැක දේශය කැලඹෙයි. අහස දෙදරුම් කයි. හිරුත් සඳුත් අඳුරු වී+ තාරකාවල ආලෝකයද නිවී යයි.+ 11 යෙහෝවා දෙවි තම සේනාවට ඉදිරියෙන්+ ගමන් කරමින් හඬ නඟන්නේය.+ දෙවිගේ හමුදාව අතිවිශාලය.+ ඔහු ඉතා බලවත්ය. තමා කියන දේ ඒ අයුරින්ම ඉටු කරන්නේය. යෙහෝවා දෙවිගේ දවස භයානක දවසකි.+ ඒ බිය උපදවන දවසට මුහුණ දිය හැක්කේ කාටද?”+
12 “‘නිරාහාරව සිට+ හඬා වැලපෙන්න.+ මුළු හදින්ම පසුතැවිලි වී මා වෙතට හැරී එන්න’+ කියා යෙහෝවා දෙවි දැන් ඔබෙන් ඉල්ලා සිටියි. 13 එහෙයින් ඔබේ වස්ත්‍ර නොව+ සිත ඉරාගෙන+ ඔබේ දෙවි වන යෙහෝවා වෙතට හැරී එන්න. මන්ද ඔහු දයාවන්තය. කරුණාවන්තය.+ ඉක්මනින් කෝප නොවන්නේය.+ ඔහුගේ ප්‍රේමය* ඉමහත්ය.+ තම සෙනඟ විපත්තියට මුහුණ දෙන විට ඔහු මහත් සේ දුකට පත් වන්නේය.+ 14 සමහරවිට ඔහු ඔබට අනුකම්පා කර ඔහු ගත් තීරණය වෙනස් කරන්න ඉඩ තිබේ.+ ඔබේ දෙවි වන යෙහෝවාට ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කිරීමට හැකි වන සේ ඔහු යමක් ඉතුරු කර ඔබට ආශීර්වාද කරන්නත් ඉඩ තිබේ.+
15 “ජනයෙනි, සියොන්හි හොරණෑව පිඹින්න.+ ජනයාව රැස් කර ඔවුන්ට නිරාහාරව සිටින්නයයි පවසන්න.+ විශේෂ රැස්වීමකට ඔවුන්ව කැඳවන්න.+ 16 ජනයාව ශුද්ධ තත්වයකට ගෙනෙන පිණිස+ ඔවුන්ව රැස් කර සූදානම් කරන්න. මහලු අයවද දරුවන්වද කිරි බොන ළදරුවන්වද රැස් කරන්න.+ මනාලයා තම ඇතුල් කාමරයෙන්ද මනාලිය තම විවාහ යහනෙන්ද නික්ම එත්වා!
17 “යෙහෝවා දෙවිට සේවය කරන පූජකයෝ ශුද්ධස්ථානය ඉදිරියෙත් පූජාසනය අසලත්+ වැලපෙමින් මෙසේ කියත්වා. ‘අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට අනුකම්පා කරන්න. ඔබේ උරුමයට නින්දාවක් වෙන්න ඉඩ නොදෙන්න.+ ඔවුන්ව පාලනය කරන්න වෙනත් ජාතීන්ට ඉඩ නොදෙන්න. “ඔවුන්ගේ දෙවි කොහේද”+ කියා සරදම් කරන්න ඒ ජාතීන්ට ඉඩ නොදෙන්න.’ 18 ඒ කාලයේදී යෙහෝවා දෙවි තම සෙනඟට අනුකම්පා කර+ ඔවුන් වෙනුවෙන් නැඟී සිටිනු ඇත.+ 19 යෙහෝවා දෙවි තම සෙනඟගේ කන්නලව් අසා මෙසේ පිළිතුරු දෙනු ඇත. ‘මම ඔබට ධාන්‍යද අලුත් වයින්ද තෙල්ද දෙන්නෙමි. ඔබද එයින් තෘප්තියට පත් වන්නහුය.+ වෙනත් ජාතීන් අතින් තවදුරටත් නින්දා විඳින්න මම ඔබට ඉඩ නොදෙන්නෙමි.+ 20 උතුරෙන් පැමිණෙන සේනාව+ මම විසුරුවාහරින්නෙමි. ඔබ වෙතට ළං වීමට නොහැකි වන සේ මම එම සේනාව වතුර නැති, පාළු දේශයකට පන්නා දමන්නෙමි. ඒ සේනාවේ ඉදිරියෙන් පැමිණෙන භටයින් නැඟෙනහිර දෙසින් පිහිටි මුහුද දෙසටත්+ පිටුපසින් ගමන් කරන භටයින් බස්නාහිර දෙසින් පිහිටි මුහුද දෙසටත්+ විසුරුවාහරින්නෙමි. ඔවුන්ගේ මළ කඳන්වලින් හමන දුගඳ දසත පැතිරී යන්නේය.+ සිතාගැනීමටවත් නොහැකි පුදුම දේවල් මම කරන්නෙමි.’
21 “භූමිය, භය නොවන්න. ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්න. මන්ද යෙහෝවා දෙවි සිතාගැනීමටවත් නොහැකි පුදුම දේවල් කරනු ඇත.+ 22 නිදැල්ලේ සැරිසරන සත්වයෙනි, භය නොවන්න.+ මන්ද පාළුකරයේ තණබිම් සරුසාරව වැඩෙනු ඇත.+ ගස් වැල් පලවලින් බර වෙයි.+ අත්තික්කා ගස්ද මිදිවැල්ද බොහෝ සෙයින් පල දරයි.+ 23 සියොන්හි වැසියෙනි, සතුටු වෙන්න. ඔබේ දෙවි වන යෙහෝවා නිසා ප්‍රීති වෙන්න.+ මන්ද දෙවි ඔබට අවශ්‍ය ප්‍රමාණයටම වැසි වස්සවන්නේය.+ පෙර සේම වසන්ත සමයේදී හා සරත් සමයේදී ඔබට වර්ෂාව ලැබෙන්නේය.+ 24 ඔබේ කමත් ධාන්‍යවලින් පිරී යයි. ඔබේ වයින් හා තෙල් යන්ත්රද පිරී ඉතිරී යයි.+ 25 මගේ මහත් සේනාව වන පළඟැටියන්වද පිලවුන්වද කැරපොත්තන්වද දළඹුවන්වද එවා අවුරුදු ගණනාවක් පුරා ඔබට පාඩුවක් සිදු කළත් ඊට සරිලන අස්වැන්නක් මම ඔබට නැවත ලබා දෙන්නෙමි.+ 26 ඒ කාලයේදී ඔබ කා බී තෘප්තියට පැමිණෙනවා ඇත.+ එවිට ඔබට මෙතරම් ආශීර්වාද කළ+ ඔබේ දෙවි වන යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්න ඔබ පෙලඹෙනු ඇත.+ ‘මගේ සෙනඟ නැවත කිසි දිනක ලැජ්ජාවට පත් වන්නේ නැත.+ 27 ඒ කාලයේදී, මා ඊශ්‍රායෙල් සෙනඟ සමඟ සිටින බවත්+ මා ඔබේ දෙවි වන යෙහෝවා බවත් මා හැර වෙන කිසි දෙවි කෙනෙකු නැති බවත් ඔබ දැනගනු ඇත.+ යළි කිසි දිනක මගේ සෙනඟව ලැජ්ජාවට පත් වෙන්න මම ඉඩ නොදෙන්නෙමි.
28 “‘පසුව මම සියලු ජනයාට+ මගේ බලය නොඅඩුව දෙන්නෙමි.+ එවිට ඔබේ පුත්‍රයෝද ඔබේ දූවරුද+ අනාවැකි කියනු ඇත. ඔබේ මහල්ලෝ සිහින දකිනු ඇත. ඔබේ තරුණයෝ දර්ශන දකිනු ඇත. 29 ඒ කාලයේදී දාසදාසීන්ටද මම මගේ බලය දෙන්නෙමි.+
30 “‘මම අහසේ පුදුම දේවල් දකින්න සලස්වන්නෙමි.+ පොළොවේද පුදුම ක්‍රියා සිදු කරන්නෙමි. ලේද ගින්දරද ඉහළට නැඟෙන දුම් වලාවන්ද දකිනු ඇත.+ 31 යෙහෝවා දෙවිගේ බිය උපදවන දවස පැමිණීමට පෙර+ හිරු අඳුරු වන්නේය.+ සඳද ලේ මෙන් වන්නේය.’+ 32 ඒ දවසේදී, යෙහෝවා යන දෙවිගේ නාමය කියා අයැදින සියලුදෙනාවම ගලවාගනු ඇත.+ යෙහෝවා දෙවි පැවසූ ලෙසම, විනාශයෙන් ගැලවෙන අය සියොන් කන්දේද යෙරුසලමේද සිටිනු ඇත.+ යෙහෝවා දෙවි විසින් කැඳවනු ලැබූ අය බේරී ජීවත් වනු ඇත.”+