මතෙව්
3 ඒ කාලයේදී යොහන් බව්තීස්ත+ යූදා පාළුකරයෙහි දේශනා කරන්න පටන්ගත්තේය.+ 2 “පසුතැවිලි වන්න,+ මන්ද ස්වර්ග රාජ්‍යය ළං වී තිබෙනවා”+ කියා ඔහු පවසමින් සිටියේය. 3 “සවන් දෙන්න! ‘ජනයෙනි, යෙහෝවා දෙවිගේ මඟ එළි පෙහෙළි කර සූදානම් කරන්න! ඔහුගේ මාවත් සමතලා කරන්න’+ යයි කියමින් යමෙක් පාළුකරයේ සිට හඬ නඟන්නේය” කියා අනාගතවක්තෘ යෙසායා පැවසුවේ ඔහු ගැනය.+ 4 යොහන්ගේ ඇඳුම් ඔටු රෝමවලින් සාදා+ තිබුණු අතර ඔහු ඉඟටිය වටා සම් පටියක්+ බැඳගෙන සිටියේය. ඔහු ආහාරයට ගත්තේ පළඟැටියන්+ හා වනයේ මීපැණිය.+ 5 ඒ කාලයේදී යෙරුසලමේද මුළු යුදයේද යොර්දාන් ගඟ අවට මුළු ප්‍රදේශයේද වැසියෝ ඔහු වෙතට ගොස්, 6 තමන් කර ඇති වැරදි ප්‍රසිද්ධියේ පිළිගත්තෝය. යොහන් ඔවුන්ව යොර්දාන් ගඟේදී+ බව්තීස්ම කළේය.
7 බව්තීස්ම කරන ස්ථානයට පරිසිවරුන් සහ සද්දුසිවරුන්*+ බොහෝදෙනෙකු එනවා දුටු යොහන් ඔවුන්ට මෙසේ කීවේය. “පොළඟුන්ගෙන් පැවතෙන්නෙනි!+ දෙවිගේ උදහසින්+ පලා යන්න අවශ්‍යයි කියා ඔබට පෙන්වා දුන්නේ කවුද? 8 ඔබ ඇත්තටම පසුතැවිලි වී ඇත්නම් ඒ බව ඔබේ ක්‍රියාවලින් ඔප්පු කරන්න.+ 9 ‘අපේ පියා ආබ්‍රහම්’+ කියා සිතාගෙන සිටින්න එපා. දෙවිට අවශ්‍ය නම් මේ ගල්වලින් වුණත් ආබ්‍රහම්ට දරුවන්+ ලබා දෙන්න පුළුවන්. 10 ගස කපා දැමීමට සියල්ල සූදානම්. දැනටමත් එහි මුල ළඟ පොරොවක්+ තබා තිබෙනවා. හොඳ පල නොදරන සෑම ගසක්ම කපා+ ගින්නෙහි දමනු ලබනවා.+ 11 ඔබ පසුතැවිලි වී ඇති නිසා+ ඊට සාක්ෂියක් ලෙස මම ඔබව වතුරෙන් බව්තීස්ම කරනවා.+ නමුත් මට පසුව එන තැනැත්තා+ මට වඩා බලවත් කෙනෙක්. මම ඔහුගේ පාවහන් ගලවන්න තරම්වත් වටින කෙනෙක් නොවෙයි.+ ඒ තැනැත්තා ඔබව බව්තීස්ම කරන්නේ දෙවිගේ බලයෙන්+ හා ගින්නෙනුයි.+ 12 දැනුත් ඔහුගේ අතේ ධාන්‍ය පොළන කුල්ලක් තිබෙනවා. ඔහු තමන්ගේ කමත හොඳින් පිරිසිදු කර හොඳ තිරිඟු ගබඩාවට රැස් කරයි.+ නමුත් කිසිවෙකුට නිවිය නොහැකි ගින්නකින් ඔහු දහයියා සියල්ල දවා දමයි.”+
13 මේ අතර යේසුස් බව්තීස්ම වීම සඳහා+ යොර්දාන් ගඟ අසල සිටි යොහන් වෙතට ගලීලයේ සිට ආවේය.+ 14 නමුත් යොහන් ඒ සඳහා ඔහුට ඉඩ නොදී, “ඔබෙන් බව්තීස්ම විය යුත්තේ මමයි. ඒත් ඔබ මා වෙතට එන්නේ ඇයි” කියා ඔහුගෙන් ඇසුවේය. 15 යේසුස් ඔහුට උත්තර දෙමින්, “දැනට මේ දේ සිදු වෙන්න ඉඩහරින්න. එසේ කිරීම සුදුසුයි. මන්ද ඉටු විය යුතු සෑම ධර්මිෂ්ඨ දෙයක්ම එමගින් ඉටු වෙයි”+ කියා පැවසුවේය. එමනිසා යොහන් ඔහුව තවදුරටත් වැළැක්වූයේ නැත. 16 යේසුස් බව්තීස්ම වී දියෙන් උඩට මතු වෙනවාත් සමඟම අහස විවර විය.+ දෙවිගේ බලය+ පරෙවියෙකුගේ ස්වරූපයෙන්+ ඔහු පිටට පැමිණි ආකාරය යොහන් දුටුවේය. 17 ඒ අවස්ථාවේදී, “මේ මාගේ ප්‍රේමණීය+ පුත්‍රයාය,+ මම මොහුව අනුමත කළෙමි”+ කියා පැවසූ හඬක්+ ස්වර්ගයෙන් නික්මුණේය.