1 ලේකම්
16 ඔවුහු සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය ගෙනැවිත්+ දාවිත් රජු සූදානම් කළ කූඩාරමෙහි තැබුවෝය.+ පසුව ඔවුහු සැබෑ දෙවිට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළෝය.+ 2 දාවිත් රජ පූජා ඔප්පු කර+ අවසන් වූ පසු යෙහෝවා දෙවිගේ නාමයෙන්+ සෙනඟට ආශීර්වාද කළේය.+ 3 ඔහු සියලුම ඊශ්‍රායෙල්වරුන්ට එනම්, එහි සිටි සෑම පුරුෂයෙකුටම හා ස්ත්‍රියකටම රොටිය බැගින්ද රටඉඳි කුට්ටියක්* බැගින්ද වියළි මිදි කුට්ටියක් බැගින්ද දුන්නේය.+ 4 යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල සේවය කිරීම සඳහා+ දාවිත් රජ ලෙවීවරුන්ව+ පත් කළේය. ඔවුන්ව එසේ පත් කළේ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් කළ දේවල් ඔවුන්ට මතක් කර දීමටත්+ දෙවිට ස්තුති+ ප්‍රශංසා+ කිරීමටත්ය. 5 ඔවුන්ගේ ප්‍රධානියා ආසාෆ්ය.+ ඔහුගේ දෙවෙනියා සෙකරියාය. මීට අමතරව වීණා සහ කුඩා වීණා වාදනය කිරීම සඳහා+ යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්-ඒදොම් සහ යෙයීයෙල්ව+ පත් කළෝය. අත්තාළම් ගැසීමෙන් හවුල් වුණේ+ ආසාෆ්ය.+ 6 සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල හොරණෑ+ පිඹීමෙන් හවුල් වුණේ පූජකයන් වූ බෙනායා සහ යහෂියෙල්ය. ඔවුහු සියලුදෙනාම දිගටම ගිවිසුම් පෙට්ටිය අසල එලෙස සේවය කළෝය.
7 යෙහෝවා දෙවිට ස්තුති කිරීම සඳහා+ දාවිත් ගීයක් රචනා කළේය. ආසාෆ්+ සහ ඔහුගේ සහෝදරයන් විසින් මුල් වතාවට එදින එම ගීතය ගායනා කරන ලදී+. එම ගීය මෙසේය.
8 “ජනයෙනි, යෙහෝවා දෙවිට ස්තුති කරන්න.+ ඔහුගේ නාමය කියා ඔහුගෙන් අයැදින්න.+
ඔහුගේ ක්‍රියා ගැන ජනයාට පවසන්න.+
10 ඔහුගේ ශුද්ධ නාමය+ ගැන ආඩම්බරයෙන් කතා කරන්න.+
යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඉපිල යන්න.+
ඔහුගේ ආශ්චර්යයන්ද ඔහු දුන් ආඥාද සිහි කරන්න.+
13 ඔහුගේ සේවකයා වූ+ ඊශ්‍රායෙල්ගේ දරුවෙනි,
යාකොබ්ගේ පුත්‍රයෙනි, ඔහු තෝරාගත් සෙනඟෙනි,+ ඒවා සිහි කරන්න.
14 ඔහු අපේ දෙවි යෙහෝවාය.+ ඔහු දුන් තීන්දු+ පොළොව පුරා ක්‍රියාත්මක වේ.
15 ඔහු ඇති කළ ගිවිසුම කිසිදා අමතක නොකරන්න.+
ඔහු පැවසූ දේ පරම්පරා දහසක්+ පුරා සිහි කරන්න.
16 ඔහු ඒ ගිවිසුම ආබ්‍රහම් සමඟ ඇති කරගත්තේය.+
ඊසාක්ටද ඒ ගැන පොරොන්දු වූයේය.+
17 ඒ පොරොන්දුව යාකොබ්ට සහතිකයක් ලෙසද+
ඊශ්‍රායෙල්ට සදාකාල ගිවිසුමක් ලෙසද ඔහු දුන්නේය.+
18 ඔහු ඔවුන්ට මෙසේ කීවේය. ‘මම ඔබට කානාන් දේශය දෙන්නෙමි.+
එය ඔබට උරුමයක්+ ලෙස දෙන්නෙමි.’
21 ඔවුන්ට අයිති දේ පැහැරගැනීමට ඔහු කිසිවෙකුට ඉඩ නොදුන්නේය.+
ඔහු ඔවුන් නිසා රජවරුන්ට තරවටු කරමින්,+
22 මෙසේ කීවේය. ‘මා අභිෂේක කළ අයට අත නොගසන්න.
මාගේ අනාගතවක්තෘවරුන්ට කිසි නපුරක් නොකරන්න.’+
24 ඔහුගේ තේජස ගැන ජාතීන් අතරේද
ඔහු කළ පුදුමසහගත දේවල් ගැන සියලු ජනයා අතරේද ප්‍රකාශ කරන්න.
25 යෙහෝවා දෙවි ශ්‍රේෂ්ඨය. ඔහු බොහෝ සෙයින් ප්‍රශංසාව ලබන්න වටින්නේය.+
ගරුබිය දැක්විය යුතු එකම දෙවි ඔහුය.+
26 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැක.+
නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+
29 යෙහෝවා දෙවිගේ නාමයට දිය යුතු ගෞරවය දෙන්න.+
සතුටු සිතින් යමක් රැගෙන ඔහු ඉදිරියට එන්න.+
ශුද්ධ වස්ත්‍රවලින් සැරසී යෙහෝවා දෙවි ඉදිරියේ වැඳ වැටෙන්න.+
30 පොළොවේ සියලු ජනයෙනි, ඔහු කෙරෙහි ගරුබිය ඇතුව* සිටින්න.
පොළොව ස්ථිර ලෙස පිහිටුවා තිබේ.
එය කෙදිනකවත් නොසෙල්වෙනු ඇත.+
31 ස්වර්ගය ප්‍රීති වේවා! පොළොව ප්‍රීති ඝෝෂා නඟාවා!+
‘යෙහෝවා දෙවි රජ වී ඇත’ කියා සියලු ජාතීන් අතරේ දැනුම් දේවා!+
33 වනයේ සියලු ගස්ද යෙහෝවා දෙවිව ප්‍රශංසා කරමින් ප්‍රීති ඝෝෂා නඟාවා!+
මන්ද ඔහු පොළොව විනිශ්චය කිරීමට පැමිණියේය.+
35 ‘අපට ගැලවීම අත් කර දෙන දෙවියනි, අපව බේරාගන්න.+
ඔබේ ශුද්ධ නාමයට ප්‍රශංසා කිරීමටත්+ ඔබව පැසසීමටත් හැකි වන පිණිස+
විවිධ දේශයන්වලට විසුරුවාහැරිය අපව නිදහස් කර එකට එක් රැස් කරන්න.+
36 ඊශ්‍රායෙල්ගේ දෙවි යෙහෝවාට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාව ලැබේවා!’”+
ඒ ගීය ගායනා කළ පසු සියලුදෙනාම, “ආමෙන්”* කියා පවසා යෙහෝවා දෙවිට ප්‍රශංසා කළෝය.+
37 දිගටම+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය අසල සිටීමට ආසාෆ්ට+ සහ ඔහුගේ සහෝදරයන්ට දාවිත් රජ නියම කළේය. ඔහු ඔවුන්ව එසේ පත් කළේ එහි සිදු වන වැඩකටයුතු බලාගැනීම සඳහාය.+ 38 මීට අමතරව ඕබෙද්-ඒදොම් සහ ඔහුගේ සහෝදරයන් හැටඅටදෙනෙකුවද ඒ සඳහා පත් කරන ලදි. දොරටු පාලකයන් ලෙස පත් කරන ලද්දේ යෙදූතුන්ගේ පුත් ඕබෙද්-ඒදොම් සහ හෝසාවය. 39 ගිබියොන් නුවරේ+ ඉදි කළ යෙහෝවා දෙවිගේ ශුද්ධ කූඩාරමෙහි සේවය කිරීම සඳහා පූජකයන් වූ සාදොක්+ සහ ඔහුගේ සහෝදරයන්ව පත් කරන ලදි. 40 ඔවුන්ගේ කාර්යය වූයේ දවන පූජා ඔප්පු කරන පූජාසනය මත දිනපතා උදේ සවස යෙහෝවා දෙවිට දවන පූජා ඔප්පු කිරීමය. ඔවුන් එසේ කළේ ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා දෙවි දුන් නීතියට අනුකූලවය.+ 41 යෙහෝවා දෙවිගේ ප්‍රේමය* සදහටම පවතින නිසා+ ඔහුට ස්තුති ප්‍රශංසා කිරීමට+ හේමාන්+ හා යෙදූතුන්වත් තෝරාගත් තවත් පුරුෂයන්+ කිහිපදෙනෙකුවත් පත් කරන ලදි. 42 හේමාන්+ සහ යෙදූතුන්+ හොරණෑ+ පිඹීමෙන්, අත්තාළම් ගැසීමෙන් හා සැබෑ දෙවිට ගී ගයන විට භාවිත කළ වෙනත් සංගීත භාණ්ඩ වාදනය කිරීමෙන් ඒ කාර්යය ඉටු කළෝය. යෙදූතුන්ගේ පුත්‍රයෝ+ සේවය කළේ දොරටුව අසලය. 43 මෙසේ දාවිත් රජු විවිධ කාර්යයන් සඳහා ඔවුන්ව පත් කළ පසු රැස්ව සිටි ජනයා තම තමන්ගේ නිවෙස්වලට ආපසු ගියෝය.+ තමාගේ නිවසේ සිටි අයට ආශීර්වාද කිරීම සඳහා දාවිත් රජද ඔහුගේ නිවසට ගියේය.