ගීතාවලිය
2 යෙහෝවා දෙවිටත්+ ඔහුගේ අභිෂේක ලත් තැනැත්තාටත් විරුද්ධව+
පොළොවේ රජවරු නැඟී සිටිති.+
පාලකයෝද එකට රැස්ව සිටිති.+
3 “ඔවුන් දමා ඇති මේ පටි අපි කඩා දමමු.+
අපිට දමා ඇති මේ දම්වැල් ගලවා වීසි කරමු”+ කියා ඔවුහු කියති.
4 ස්වර්ගයේ+ තම සිංහාසනයේ සිටින තැනැත්තාණෝ එය අසා සිනාසෙන්නේය.
යෙහෝවා දෙවි ඉදිරියේ ඔවුහු විහිළුවකට ලක් වන්නෝය.+
5 එකල ඔහු කෝපයෙන් ඔවුන්ට කතා කරන්නේය.+
ඔහුගේ දැඩි උදහසට ඔවුහු කලබල වන්නෝය.+
6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+
මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය.
7 යෙහෝවා දෙවි කළ ගිවිසුම මම සඳහන් කරන්නෙමි.
ඔහු මට මෙසේ කීවේය. “ඔබ මාගේ පුත්රයාය.+
අද සිට මම ඔබේ පියා වන්නෙමි.+
8 මාගෙන් ඉල්ලන්න.+ එවිට මම සියලු ජාතීන්ව ඔබට උරුමයක් ලෙස දෙන්නෙමි.+
පොළොවේ කෙළවර දක්වා තිබෙන සෑම දෙයක්ම ඔබට ලබා දෙන්නෙමි.+