උත්පත්ති
1 පටන්ගැන්මේදී*+ දෙවි+ අහසත් පොළොවත්+ නිර්මාණය+ කළේය.
2 පොළොව හිස්ව, පාළුව තිබුණේය. මහා ජල කඳට+ ඉහළින් අන්ධකාරය විය. දෙවිගේ බලය ජලය+ මතුපිට ක්‍රියාත්මක වෙමින්+ තිබුණේය.
3 දෙවි, “මම ආලෝකය ඇති කරමි” යයි කීවේය.+ එවිට ආලෝකය ඇති විය.+ 4 දෙවි ආලෝකය හොඳ බව දුටුවේය. ඉන්පසු දෙවි ආලෝකය හා අන්ධකාරය සඳහා වෙන වෙනම කාලවල් දෙකක් නියම කළේය.+ 5 දෙවි ආලෝකය දවාල*+ කියාද අන්ධකාරය රාත්‍රිය+ කියාද හැඳින්වීය. සවස් විය. උදය විය. ඒ පළමුවන දවසය.
6 පසුව දෙවි, “ජලය දෙපැත්තට බෙදී යන සේ+ ඒ අතර අවකාශයක්+ සාදන්නෙමි” යයි කීවේය. 7 මෙසේ දෙවි තමා කිවූ ලෙසම අවකාශය සෑදුවේය. බෙදූ ජලය අවකාශයට ඉහළින්ද+ ඊට පහළින්ද සිටින සේ එය සෑදුවේය. 8 දෙවි අවකාශය අහස+ කියා හැඳින්වීය. සවස් විය. උදය විය. ඒ දෙවන දවසය.
9 දෙවි, “අහසට යටින් තිබෙන ජලය මම එක තැනකට රැස් කර වියළි බිම මතු වෙන්න සලස්වමි”+ කියාද පැවසුවේය. එය එසේ සිදු විය. 10 දෙවි වියළි බිම පොළොව+ කියාද එක තැනකට රැස් කළ ජලය මුහුද+ කියාද හැඳින්වීය. දෙවි එය හොඳ බව දුටුවේය.+ 11 දෙවි මෙසේද කීවේය. “මම තණකොළද බීජ සහිත පැළෑටිද+ ඒ ඒ බීජ වර්ගයට අනුව පල දරන ගස්ද+ පොළොව මත හටගන්න සලස්වමි.” එය එසේ සිදු විය. 12 මෙසේ පොළොවෙන් තණකොළද ඒ ඒ බීජ වර්ගයට අනුව බෝ වන පැළෑටිද පල දරන ගස්ද හටගත්තේය.+ දෙවි එය හොඳ බව දුටුවේය. 13 සවස් විය. උදය විය. ඒ තුන්වන දවසය.
14 දෙවි මෙසේද කීවේය. “දවාලත් රාත්‍රියත් වෙන් කරන පිණිස මම අහස්තලයෙහි ආලෝක වස්තූන් තබමි.+ ඒවා ඍතු, දවස් හා අවුරුදු වෙන් කර හඳුනාගැනීම සඳහා ලකුණු ලෙස ක්‍රියා කරන්නේය.+ 15 ඒ ආකාශ වස්තූන්ගෙන් පොළොවට ආලෝකයද ලැබෙන්නේය.”+ එය එසේ සිදු විය. 16 දෙවි ප්‍රධාන ආලෝක වස්තූන් දෙකක් සෑදුවේය. දවාලට එළිය ලබා දෙන* පිණිස විශාල ආලෝක වස්තුවද රාත්‍රියට එළිය ලබා දෙන පිණිස කුඩා ආලෝක වස්තුව හා තාරකාද සෑදුවේය.+ 17 මෙසේ පොළොවට ආලෝකය ලැබෙන පිණිස දෙවි ඒවා අහසෙහි තැබුවේය.+ 18 ආලෝකය සහ අන්ධකාරය වෙන් කරන පිණිසද දවාලටත් රාත්‍රියටත් එළිය ලබා දෙන* පිණිසද දෙවි එසේ කළේය.+ ඔහු එය හොඳ බව දුටුවේය.+ 19 සවස් විය. උදය විය. ඒ හතරවන දවසය.
20 එවිට දෙවි මෙසේ කීවේය. “ජලයේ පැතිර යන පිණිස මම නානාවිධ ජලජ ජීවීන්ව+ සාදමි. ඉහළ අහසෙහි පියාසර කරන පිණිසද මම ජීවීන්ව+ සාදමි.” 21 එවිට දැවැන්ත මුහුදු සතුන්වද+ වෙනත් ජලජ ජීවීන්වද+ දෙවි සෑදුවේය. ඒ ඒ වර්ගයට අනුව බෝ වන එම සතුන් ජලය පුරාම පැතිර ගියේය. පියාසර කරන සියලු ජීවීන්වද දෙවි සෑදුවේය. ඒ සියලු ජීවීහුද ඒ ඒ වර්ගයට අනුව බෝ වූහ.+ දෙවි එය හොඳ බව දුටුවේය. 22 දෙවි පියාසර කරන ජීවීන්ට, “බෝ වී වැඩි වෙන්න” කියා ආශීර්වාද කළේය. ජලජ ජීවීන්ටද, “බෝ වී වැඩි වෙමින් මුහුද පුරා පැතිර යන්න”+ යයි ඔහු කීවේය. 23 සවස් විය. උදය විය. ඒ පස්වන දවසය.
24 ඉන්පසු දෙවි මෙසේ කීවේය. “පොළොවේ+ ජීවත් වන පිණිස ඒ ඒ වර්ගයට අනුව බෝ වන ජීවීන්වද මම සාදමි. ඒ ඒ වර්ගයට අනුව බෝ වන හීලෑ+ සතුන්ද කුඩා*+ සතුන්ද වනමෘගයන්ද+ පොළොව මත බිහි වෙන්න සලස්වමි.” එය එසේ විය. 25 දෙවි පොළොවේ වනමෘගයන්වද හීලෑ සතුන්වද සියලු කුඩා සතුන්වද සෑදුවේය. ඒ සියලු සතුන් ඒ ඒ වර්ගයට අනුව බෝ වන ලෙස සෑදුවේය.+ දෙවි එය හොඳ බව දුටුවේය.
26 දෙවි මෙසේද කීවේය. “අප+ හා සමාන+ ගතිලක්ෂණ+ ඇතුව අපි මනුෂ්‍යයාව සාදමු. අපි මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද හීලෑ සතුන්වද ඔහු යටතේ තබමු. මුළු පොළොවද ඒ මත සිටින අන් සියලු සතුන්වද ඔහුට යටත් කර දෙමු.”+ 27 එවිට දෙවි මනුෂ්‍යයාව සෑදුවේය. දෙවි මනුෂ්‍යයාව සෑදුවේ ඔහුගේම ගතිලක්ෂණ ඇතුවයි.+ පුරුෂයෙකු සහ ස්ත්‍රියක වශයෙන් ඔවුන්ව සෑදුවේය.+ 28 තවද දෙවි ඔවුන්ට ආශීර්වාද කර+ මෙසේ කීවේය. “දරුවන් බිහි කර+ ගණනින් වැඩි වන්න. මුළු පොළොව පුරාම මනුෂ්‍යයන්ව පදිංචි කර එය රැකබලා ගන්න.+ පොළොව මත සිටින සියලු සතුන්වද මුහුදේ මත්ස්‍යයන්වද අහසේ පියාසර කරන ජීවීන්වද ඔබ යටතේ තබාගන්න.”+
29 දෙවි මෙසේද කීවේය. “පොළොවේ සෑම තැනම වැඩෙන බීජ සහිත සියලු පැළෑටිද පල දරන සියලු ගස්ද+ මා ඔබට දී තිබේ. ඒවා ඔබට ආහාර පිණිස දෙන්නෙමි.+ 30 පොළොවේ සියලු වනමෘගයන්ටද අහසේ පියාසර කරන සියලු ජීවීන්ටද පොළොව මත සැරිසරන අනිකුත් සියලු ජීවීන්ටද ආහාර පිණිස මම සියලු පලා වර්ග දෙන්නෙමි.”+ එය එසේ සිදු විය.
31 ඉන්පසු දෙවි තමා සෑදූ සියල්ල දෙස බැලුවේය. ඒ සියල්ල ඉතා හොඳින්+ සාදා තිබුණු බව ඔහු දුටුවේය. සවස් විය. උදය විය. ඒ හයවන දවසය.