ෆිලිප්පි
2 ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙකු වීම ඔබට දිරිගැන්වීමක් වී ඇත්නම්+ ප්‍රේමය නිසා ඔබට යම් සැනසීමක් ලැබී ඇත්නම් එලෙසම ඔබ එකිනෙකා අතර ගැඹුරු සැලකිල්ල,+ සෙනෙහස+ සහ දයානුකම්පාව ඇත්නම්, 2 මම සතුටු වන්නෙමි. නමුත් එකඟතාවකින් සිටීමටත්+ එකිනෙකාට එක හා සමාන ප්‍රේමයක් පෙන්වීමටත් එක ශරීරයක් සේ සමඟියෙන් සිටීමටත් එක හා සමාන ආකාරයකින් කල්පනා කිරීමට පුරුදු වීමටත්+ ඔබ වගබලා ගන්නවා නම් එයින් මගේ ප්‍රීතිය තවත් වැඩි වෙයි. 3 කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත්+ අහංකාරකමින්වත්+ නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා+ සිතන්න. 4 ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට+ එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.+
5 එසේ ක්‍රියා කළ ක්‍රිස්තුස් යේසුස් තුළ තිබුණු ආකල්පයම ඔබ තුළත් තිබිය යුතුයි.+ 6 ඔහු දෙවිට යම් සමානකමක් දැරුවත්+ තමන් දෙවිගේ තැන ගෙන දෙවිට සමාන විය යුතුයි කියා කිසි ලෙසකින්වත් සිතුවේ නැත.+ 7 ඒ වෙනුවට ඔහු තමා සතු සියල්ල අත්හැර දාසයෙකු හා සමාන විය.+ ඔහු මෙලොවට පැමිණියේ මිනිසෙකු ලෙසය.+ 8 එපමණක්ද නොව ඔහු මිනිසෙකු ලෙස සිටියදී+ බොහෝ සෙයින් යටහත්පහත් වූයේය. කොතරම් යටහත් වූවාද කිවහොත් මරණය විඳීමට එනම්, වධකණුවක මරණයක් විඳීමට+ තරම් ඔහු දෙවිට කීකරු වූයේය.+ 9 දෙවි ඔහුව කලින් සිටි තත්වයටත් වඩා උතුම් තත්වයකට පත් කළේ ඒ නිසාය.+ එලෙසම අන් සියලු නාමවලට වඩා උසස් නාමයක්+ දෙවි ඔහුට කාරුණිකව ලබා දුන්නේය. 10 දෙවි එසේ කළේ ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළෝගැබෙහිද සිටින සියලුදෙනා යේසුස්ගේ නාමය පිළිගෙන ඔහුට දණ නැමීම සඳහාය.+ 11 එලෙසම යේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් බව+ සියලුදෙනාම ප්‍රසිද්ධියේ පිළිගැනීම සඳහාය.+ එයින් පියාණන් වන දෙවිට සියලු ප්‍රශංසා සහ ගෞරවය හිමි වනු ඇත.+
12 ඇත්තෙන්ම මගේ ප්‍රේමණීය සහෝදරයෙනි, ඔබත් නිරතුරුවම කීකරුකම පෙන්වා ඇත.+ ඔබ එසේ කළේ මා ඔබ ළඟ සිටියදී* පමණක් නොවේ. මා ඔබෙන් ඈත්ව සිටි විටත් ඔබ ඊටත් වඩා උනන්දුවකින් එසේ කළහුය. දැනුත් ඔබ කරමින් සිටින්නේ එයයි. එහෙයින් දේවගරුබියක් ඇතුව+ ඔබ ගැන ඕනෑවට වඩා විශ්වාසයක් නොතබමින් ඔබේ ගැලවීම ස්ථිර කරගැනීමට උත්සාහ කරන්න. 13 මන්ද ඔබව ශක්තිමත් කරන්නේ දෙවිය.+ ඒ නිසා ඔහුට ප්‍රසන්න වන දේ ඉටු කිරීමට ඔහු ඔබ තුළ ආශාවක් මෙන්ම පෙලඹීමක් ඇති කරයි.+ 14 ඔබ කුමන දේ කළත් මැසිවිලි නැඟීමෙන්+ හා වාදවිවාදවලින්+ වැළකී සිටින්න. 15 එවිට ඔබට නිර්දෝෂ+ මෙන්ම අවංක අය විය හැක. වංක, නොමඟ ගිය මිනිස් පරම්පරාවක්+ අතරේ ඔබ සිටියත් ඔබ දෙවිගේ නිකැළැල් දරුවන්+ විය යුතුයි. මෙලොවෙහි ඔබ බැබළෙන්නේ දැල්වූ පහන් හා සමානවය.+ 16 එහෙයින් දිගටම දෙවිගේ ජීවනදායක පණිවිඩය තදින් අල්ලාගෙන සිටින්න.+ ඔබ එසේ කළොත් ක්‍රිස්තුස්ගේ දවස පැමිණෙන විට+ දිවීමටත් සේවය කිරීමටත් මා දැරූ වෙහෙස නිෂ්ඵල නොවූ බව දැනගැනීමෙන්+ මට ප්‍රීතියෙන් ඉපිල යා හැකියි. 17 ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා+ මහජනයා වෙනුවෙන් ඔබ කරන මෙම සේවය පූජාවක් හා සමානය.+ ඒ පූජාව වෙනුවෙන් පාන පූජාවක් ලෙස+ මගේ ජීවිතය පුද කරන්න සිදු වුණත් මම එය සතුටින් කරමි. මට දැනෙන සතුට+ ඔබ සියලුදෙනා සමඟ බෙදාගන්නෙමි. 18 එලෙසම ඔබත් සතුටු වන්න. මා සමඟ ප්‍රීති වන්න.+
19 ස්වාමීන් වන යේසුස් කැමති නම් වැඩි කලක් යෑමට මත්තෙන් ඔබ වෙතට තිමෝතිව එවීමට මම අදහස් කරගෙන සිටිමි. එවිට ඔබ ගැන තොරතුරු ඔහු මාර්ගයෙන් මට ලැබෙන විට ඒවා අසා මට සතුටු විය හැක.+ 20 ඔහුට සමාන ගතිලක්ෂණ ඇති, ඔහු තරම් ඔබ ගැන සැලකිලිමත් වන පුද්ගලයෙකු තවත් මට නැති තරම්ය. ඔහු ඔබ වෙතට පැමිණ ඔබ ගැන අවංක සැලකිල්ලක් දක්වයි+ කියා මට විශ්වාසයි. 21 අන් සියලුදෙනාම තම තමන්ට වුවමනා දේ පසුපස හඹා යති.+ ඔවුහු ක්‍රිස්තුස් යේසුස්ට සේවය කිරීම ගැන උනන්දු වන්නේ නැත. 22 නමුත් ඔහු ඒ සේවය සඳහා කොතරම් සුදුසු කෙනෙක්ද කියා ඔබටත් හොඳ අවබෝධයක් ඇත. පියෙකු සමඟ සිටින දරුවෙක් මෙන්+ ඔහු මා සමඟ ශුභාරංචිය වෙනුවෙන් මහත් කැප වීමකින් යුතුව සේවය කළේය. 23 එහෙයින් මට කුමක් සිදු වෙයිද කියා දැනගත් වහාම ඔබ වෙතට එවීමට මා අදහස් කරගෙන සිටින්නේ ඔහුවයි. 24 ඇත්තෙන්ම ස්වාමීන් කැමති නම් කෙටි කලකින් මටත් ඔබ වෙතට ඒමට අවස්ථාවක් ලැබෙයි කියා මට විශ්වාසයි.+
25 නමුත් මගේ සහෝදරයා හා හවුල් සේවක+ මෙන්ම මගේ සෙසු හේවායෙකු+ වන එපෆ්‍රොදිතස්ව+ දැන් ඔබ වෙතට එවීම සුදුසුයි කියා මට සිතේ. ඔබ ඔහුව මා වෙතට එවා තිබුණේ මට උපකාර කිරීම සඳහාය. 26 ඔහු ඔබ සියලුදෙනාව දැක බලා ගැනීමට මහත් ආශාවකින් සිටියි. නමුත් ඔහු අසනීපයෙන් සිටි බව ඔබට ආරංචි වූ නිසා ඔහු සිටින්නේ යම් කලකිරීමකිනි. 27 ඇත්තෙන්ම ඔහුගේ අසනීප තත්වය කොතරම් බරපතළ වූවාද කිවහොත් ඔහු මරණාසන්න තත්වයටම පැමිණියේය. කෙසේවෙතත් දෙවි ඔහුට දයාව දැක්වූවේය.+ ඇත්තෙන්ම එමගින් දෙවි මටත් දයාව දැක්වූවේය. එසේ වූයේ නැත්නම් මගේ ශෝකය දරාගත නොහැකි වන තරමට තවත් වැඩි වනු ඇත. 28 එහෙයින් ඔබට ඔහුව දැක, නැවත ප්‍රීති වීම සඳහා මම ඔහුව ඉක්මනින්ම ඔබ වෙතට එවන්නෙමි. එමගින් මගේ ශෝකයත් අඩු වනු ඇත. 29 එහෙයින් ඔබ සාමාන්‍යයෙන් ස්වාමීන්ගේ අනුගාමිකයන්ව සාදරයෙන් පිළිගන්නා ආකාරයට ඔහුවත් සාදරයෙන් පිළිගන්න.+ එවැනි පුරුෂයන්ට නිසි ගෞරවය දක්වන්න.+ 30 මන්ද ස්වාමීන් වෙනුවෙන් සේවය කළ ඔහු, තම ජීවිතය අනතුරේ හෙළමින් මරණයේ අබියසට පවා පැමිණියේය.+ එමගින් ඔබට කිරීමට නොහැකි වූ දෙයක් ඔහු මා වෙනුවෙන් කළේය.+