මතෙව්
28 සබත් දවසට පසු සතියේ පළමුවෙනි දින පහන් වූ විට මරියා මග්දලේනාද මරියා නමින් හැඳින්වූ අනික් ස්ත්‍රියද සොහොන් ගෙය බලන්න ගියෝය.+
2 ඔවුන් එහි ගිය විට මහත් භූමිකම්පාවක් සිදු වී තිබුණු ආකාරය ඔවුන්ට දැකගත හැකි විය. මන්ද යෙහෝවා දෙවිගේ දූතයා ස්වර්ගයෙන් බැස ගල අහකට පෙරළා ඒ මත ඉඳගෙන සිටියේය.+ 3 විදුලි කෙටීමකින් නික්මෙන ආලෝකය හා සමාන ආලෝකයක්+ ඔහු අවට දැකගත හැකි විය. ඔහුගේ ඇඳුම්ද හිම මෙන් සුදුව තිබිණ.+ 4 ඔහු දැක බියෙන් වෙවුලන්න පටන්ගත් මුරකරුවෝ මිය ගිය අය මෙන් බිම ඇද වැටුණෝය.
5 එවිට ඒ දේවදූතයා+ ස්ත්රීන්ට මෙසේ කීවේය. “බිය නොවන්න. ඔබ සොයන්නේ කණුවක ඇණ ගසා මරා දැමූ යේසුස්ව+ බව මම දන්නවා. 6 ඔහු මෙහි නැහැ. ඔහු කී ලෙසම ඔහුව මරණයෙන් නැඟිටුවා තිබෙනවා.+ ඇවිත් ඔහුව තැන්පත් කළ ස්ථානය බලන්න. 7 දැන් ඉක්මනින් ගොස් ඔහුව මරණයෙන් නැඟිටුවනු ලැබූ බව ඔහුගේ ගෝලයන්ට කියන්න.+ ඔහු ඔවුන්ට කලින් ගලීලයට+ යනවා කියාත් කියන්න. එහිදී ඔහුව දකින්න ඔබටත් පුළුවන් වෙයි. ඉතින් මා කියූ මේ දේවල් හොඳින් මතක තබාගන්න.”+
8 ඔවුන් තුළ යම් බියක් ඇති වුවත් ඔවුහු මහත් ප්‍රීතියකින් එතැනින් ඉක්මනින්ම පිටත්ව ගොස් ඔහුගේ ගෝලයන්ට ඒ බව දැන්වීම සඳහා දිව ගියෝය.+ 9 එවිට ඔවුන්ට යේසුස්ව හමු විය. ඔහුද, “සුබ දවසක් වේවා” කියා ඔවුන්ට පැවසුවේය. ඔවුහු ඔහු ළඟට ඇවිත් ඔහුගේ පාද අල්ලාගෙන ඔහු ඉදිරියේ දණින් වැටුණෝය. 10 ඉන්පසු යේසුස්, “බිය නොවන්න! ගොස් මගේ සහෝදරයන්ට මේ ගැන දන්වන්න.+ එවිට ඔවුන් ගලීලයට යයි. එහිදී මාව දකින්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයි” කියා ඔවුන්ට කීවේය.
11 ඔවුහු මඟ යන අතරේ මුරකරුවන්ගෙන් සමහරෙක්+ නුවරට ගොස් සිදු වූ සෑම දෙයක්ම නායක පූජකයන්ට දැන්වූහ. 12 ඔවුහු වැඩිමහල්ලන් සමඟ රැස් වී සාකච්ඡා කර හේවායන්ට ප්‍රමාණවත් රිදී කාසි දී,+ 13 මෙසේ කීවෝය. “‘ඔහුගේ ගෝලයන්+ රාත්‍රියෙහි ඇවිත් අප නිදා සිටියදී ඔහුගේ දේහය සොරාගෙන ගියා’ කියා කියන්න. 14 මේ ගැන ආණ්ඩුකාරයාට ආරංචි වුණොත් අපි ඔහු සමඟ එය බේරුමක් කරගන්නම්. ඔබට කරදරයක් වෙන්න අපි ඉඩ දෙන්නේ නැහැ.” 15 එහෙයින් ඔවුහු රිදී කාසි ගෙන ඔවුන්ට පැවසූ ලෙසම කළෝය. ප්‍රතිඵලයක් ලෙස මේ කතාව අද දක්වා යුදෙව්වරුන් අතරේ පැතිර තිබේ.
16 ගෝලයෝ එකොළොස්දෙනා යේසුස් තමන්ට සූදානම් කළ ස්ථානය වන ගලීලයේ+ පිහිටි කන්දට ගියහ. 17 ඔවුහු ඔහුව දුටු විට ඔහු ඉදිරියේ දණින් වැටුණෝය. ඒ අතර සමහරුන් තුළ යම් සැකයක් ඇති විය.+ 18 යේසුස් ඔවුන් ළඟට ඇවිත් මෙසේ කීවේය. “ස්වර්ගයෙහිත් පොළොවෙහිත් සියලුම බලය+ මට දී තිබෙනවා. 19 එමනිසා ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට+ මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.+ පියාණන්වත්+ පුත්‍රයාවත්+ දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත්+ පිළිගන්නා අයව බව්තීස්ම කරන්න.+ 20 මා ඔබට අණ කළ සෑම දෙයක්ම+ පිළිපදින්න+ ඔවුන්ට උගන්වන්න.+ මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම+ ඔබ සමඟ සැමදා සිටිනවා.”+