දාවිත් රචනා කළ ගීතයකි.
א [ආලෙෆ්]
37 දුෂ්ටයන්ගේ ක්‍රියාවන් නිසා කේන්ති නොගන්න.+
අධර්මිෂ්ඨකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.+
2 මන්ද තණකොළ කෙටි කාලයකින් වියළී යන්නාක් මෙන් ඔවුහුද වියළී යන්නෝය.+
නිල් පලා මැලවී යන්නාක් මෙන් ඔවුහු පහව යන්නෝය.+
ב [බේත්]
3 යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තබා යහපත කරන්න.+
ජීවිත කාලය පුරාම විශ්වාසවන්තව කටයුතු කරන්න.+
4 යෙහෝවා දෙවිව ඔබේ ජීවිතයේ සතුට කරගන්න.+
එවිට ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කරනු ඇත.+
ג [ගීමෙල්]
5 ඔබේ ජීවිතය යෙහෝවා දෙවිට භාර දෙන්න.+
ඔහු මත රඳා සිටින්න.+ එවිට ඔහු ඔබ වෙනුවෙන් නිසි පියවර ගනියි.+
6 ඔහු ඔබේ ධර්මිෂ්ඨකම ආලෝකය මෙන්ද+
ඔබේ යුක්තිය දහවල් ආලෝකය මෙන්ද පැහැදිලිව පෙනෙන්න සලස්වයි.+
ד [දාලෙත්]
7 යෙහෝවා දෙවි ක්‍රියා කරන තෙක් නිහඬව,+
ඉවසිලිවන්තව බලා සිටින්න.+
කෙනෙකු හිතුමතේට ක්‍රියා කර+
ජීවිතය සාර්ථක කරගත්තත් ඒ ගැන කෝප නොවන්න.+
ה [හේ]
8 කෝප වීමෙන් වළකින්න. උදහස් වීම අත්හරින්න.+
මන්ද කෝපය නපුරකට මඟ පාදන්නේය.+
9 දුෂ්ටයන්ව විනාශ කරනු ලබන්නේය.+
නමුත් යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබන්නෝ පොළොව උරුම කරගන්නෝය.+
ו [වාව්]
10 තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය.+
ඔබ ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි වන්නෙහිය.+
11 නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.+
දසත පැතිරී තිබෙන සාමය නිසා ඔවුහු මහත් සේ ප්‍රීති වන්නෝය.+
ז [ෂායින්]
12 දුෂ්ටයා තරහෙන්, දත්මිටි කමින්+
ධර්මිෂ්ඨයාට විරුද්ධව කුමන්ත්‍රණය කරන්නේය.+
13 නමුත් යෙහෝවා දෙවි ඔහු දෙස බලා සිනාසෙන්නේය.+
මන්ද දුෂ්ටයා විනාශය අද්දකින දවස පැමිණෙන බව ඔහු ස්ථිරෙන්ම දන්නේය.+
ח [චේත්]
14 පීඩිතයාව සහ දුප්පතාව තව තවත් පාගා දමන පිණිසත්+
අවංකව ජීවත් වන අයව මරා දමන පිණිසත්+
දුෂ්ටයෝ කඩුව පිටතට ඇද, දුන්න සූදානම් කරගත්තෝය.+
15 නමුත් ඔවුන්ගේම කඩු ඔවුන්ගේ හදවත් පසාරු කරන්නේය.+
ඔවුන්ගේ දුනු කැඩී යන්නේය.+
ט [ටේත්]
16 දුෂ්ටයන් සතු බොහෝ දේට වඩා+
ධර්මිෂ්ඨයා සතු ස්වල්පය හොඳය.+
17 මන්ද දුෂ්ටයන්ගේ බලය බිඳ දමනු ලබන්නේය.+
නමුත් ධර්මිෂ්ඨයන්ට යෙහෝවා දෙවිගේ උපකාරය ඇත.+
י [යෝද්]
18 නිර්දෝෂ අයගේ ක්‍රියාවන් යෙහෝවා දෙවි හොඳින් දන්නේය.+
ඔවුන්ගේ උරුමය සදාකාලයෙන් සදාකාලයටම පවතින්නේය.+
19 විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+
සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+
כ [කෆ්]
20 නමුත් දුෂ්ටයෝ විනාශ වී යන්නෝය.+
යෙහෝවා දෙවිගේ සතුරන් සරුවට වැඩුණු තණබිම් මෙන් සිටියත්
අවසානයේදී ඔවුහු විනාශ වී යන්නෝය.+ ඔවුහු දුමක් මෙන් අතුරුදහන් වී යන්නෝය.+
ל [ලාමෙද්]
21 දුෂ්ටයා ණයට ගත් දේ පවා නොගෙවන්නේය.+
නමුත් ධර්මිෂ්ඨයා ත්‍යාගශීලීව බොහෝ තෑගිබෝග දෙන්නේය.+
22 දෙවිගෙන් ආශීර්වාද ලබන අය පොළොව උරුම කරගන්නෝය.+
නමුත් ඔහුගෙන් දඬුවම් ලබන අය විනාශ වී යන්නෝය.+
מ [මෙම්]
23 යෙහෝවා දෙවි මනුෂ්‍යයා යා යුතු මඟ පෙන්වා දෙන්නේය.+
යමෙකු එම මාර්ගයේ ගමන් කරන විට ඔහු ගැන දෙවි සතුටු වන්නේය.+
24 ඔහුගේ පය පැටලුණත් ඔහු සම්පූර්ණයෙන්ම ඇද වැටෙන්නේ නැත.+
මන්ද යෙහෝවා දෙවි ඔහුගේ අත අල්ලාගෙන සිටින්නේය.+
נ [නුන්]
25 දැන් මම මහලු වයසේ සිටිමි.+ මාගේ තරුණ කාලයේ සිට මේ වන තෙක්
ධර්මිෂ්ඨයෙකුව කිසිසේත් අත්හැර දැමූ අවස්ථාවක් මම දැක නැත.+
ඔහුගේ දරුවන් කෑම හිඟනවාවත් මම දැක නැත.+
26 සෑම දිනකම ඔහු කරුණාව පෙන්වමින් ණයට දෙන්නේය.+
එබැවින් ඔහුගේ දරුවන්ට ආශීර්වාද ලැබෙන්නේය.+
ס [සාමෙක්]
27 නපුරෙන් ඈත් වී යහපත කරන්න.+
එවිට ඔබ සදහටම ජීවත් වනු ඇත.+
28 මන්ද යෙහෝවා දෙවි යුක්තියට ප්‍රිය කෙනෙකි.+
තමාව කිසි ලෙසකින්වත් අත් නොහරින අයව ඔහුත් අත් නොහරින්නේය.+
ע [ආයින්]
ඔවුන්ව සදාකාලයටම ආරක්ෂා කරනු ලබන්නේය.+
නමුත් දුෂ්ටයන්ගේ දරුවෝ විනාශ වී යන්නෝය.+
29 ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය.+
ඔවුහු එහි සදාකල් ජීවත් වන්නෝය.+
פ [පේ]
30 ධර්මිෂ්ඨයාගේ මුඛයෙන් ප්‍රඥාව පිට වන්නේය.+
ඔහුගේ දිව සාධාරණ ලෙස කතා කරන්නේය.+
31 දෙවිගේ නීතිය නිතරම ඔහුගේ හදවතේ තිබේ.+
එබැවින් ඔහුගේ පාද කිසිවිටක නොලිස්සන්නේය.+
צ [ට්සාධේ]
32 දුෂ්ටයා නිතරම ධර්මිෂ්ඨයාව හසු කරගැනීමට බලා සිටින්නේය.+
ඔහුව මරා දැමීමට දුෂ්ටයා මාන බලන්නේය.+
33 නමුත් යෙහෝවා දෙවි ඔහුව දුෂ්ටයාගේ අතට හසු වීමට ඉඩ නොදෙන්නේය.+
ඔහුව විනිශ්චය කරන විට වරදකරුවෙකු ලෙස දෙවි තීන්දු නොකරන්නේය.+
ק [කෝෆ්]
34 යෙහෝවා දෙවි කෙරෙහි බලාපොරොත්තු තබා ඔහුගේ මාවතේ දිගටම ගමන් කරන්න.+
එවිට ඔහු ඔබව උසස් කර ඔබට පොළොව උරුම කර දෙන්නේය.+
දුෂ්ටයන්ව විනාශ කරන විට ඔබ එය දකින්නෙහිය.+
ר [රේෂ්]
35 දුෂ්ටයාගේ කුරිරු පාලනය මම දුටුවෙමි.+
සිටෙවූ පසෙහිම අතු පතර විහිදී යමින් සරුසාරව වැඩෙන ගසක් මෙන් ඔහු සාර්ථක වෙනවාද මම දුටුවෙමි.+
36 නමුත් ඔහු දැන් එතැන නැත. ඔහු විනාශ වී ගියේය.+
මා ඔහුව සෙව්වත් ඔහුව සොයාගැනීමට නොහැකි විය.+
ש [ෂින්]
37 නිර්දෝෂව හා අවංකව කටයුතු කරන තැනැත්තා දෙස බලන්න.+
සාමය පිරුණු අනාගතයක් ඔහුට ඇත.+
38 නමුත් වැරදි කරන සියලුදෙනාවම විනාශ කරනු ලබන්නේය.+
දුෂ්ටයෝ වැඩි කල් පවතින්නේ නැත.+
ת [ටාව්]
39 ධර්මිෂ්ඨයන්ට ගැලවීම ලැබෙන්නේ යෙහෝවා දෙවිගෙන්ය.+
දුක් කරදර ඇති කාලයේදී ඔවුන්ගේ රක්ෂස්ථානය ඔහුය.+
40 යෙහෝවා දෙවි ඔවුන්ට උපකාර කර ඔවුන්ට ගැලවීම සලසා දෙන්නේය.+
ඔවුන් දෙවිගේ රැකවරණය පතන නිසා ඔහු
දුෂ්ටයන්ගේ අතින් ඔවුන්ව ගලවාගන්නේය.+ ඔහු ඔවුන්ව ආරක්ෂා කරන්නේය.+