තීතස්
1 මෙම ලිපිය ලියන පාවුල් වන මම දෙවිගේ දාසයෙකු+ හා යේසුස් ක්‍රිස්තුස්ගේ නියෝජිතයෙක්*+ වෙමි. එසේ සේවය කරන මා තුළද දෙවි තෝරාගත් අය+ තුළ තිබෙන විශ්වාසයට සමාන විශ්වාසයක් තිබේ. එලෙසම දේවභක්තියෙන් ජීවත් විය යුතු ආකාරය+ පැහැදිලි කර දෙන සත්‍ය ඉගැන්වීම් පිළිබඳ+ ඔවුන්ට තිබෙන නිවැරදි දැනුමද+ මා සතුය. 2 ඊට පදනම වී තිබෙන්නේ කිසි බොරුවක් නොපවසන+ දෙවි විසින් බොහෝ කලකට පෙර+ පොරොන්දු වූ සදාකාල ජීවනය+ නමැති බලාපොරොත්තුවය. 3 දෙවි තමා නියම කළ කාලයේදී තම පණිවිඩය දේශනා සේවය තුළින් එළිදරව් කළ අතර අපට ගැලවීම සලසා දෙන ඔහු+ ඒ සේවය මටද භාර දුන්නේය.+ 4 මා මෙම ලිපිය ලියන්නේ අප හා සමාන විශ්වාසයක් ඇති සැබෑ පුත්‍රයෙකු+ වන තීතස් වෙතටය.
පියාණන්+ වන දෙවිගෙන්ද අපගේ ගැලවුම්කරු+ වන ක්‍රිස්තුස් යේසුස්ගෙන්ද ඔබට මහත් කරුණාවත් සමාදානයත් ලැබේවා!
5 මා ඔබව ක්‍රීට් දූපතෙහි+ නවතා ආවේ යම් හේතුවක් ඇතුවය. එමනිසා මා ඔබට උපදෙස් දුන් ලෙස+ නිසි ලෙස සිදු නොවන දේවල් ඔබ නිවැරදි කළ යුතු අතර සෑම නුවරක් නුවරක් පාසාම වැඩිමහල්ලන් පත් කළ යුතුයි.+ 6 එසේ පත් කරන පුරුෂයන් චෝදනාවලින් නිදහස් අය+ විය යුතු අතර ඔවුන්ට සිටිය යුත්තේ එක් භාර්යාවක් පමණි.+ ඔවුන්ගේ දරුවන් නොහික්මුණු ආකාරයකින් හැසිරෙන හිතුවක්කාර දරුවන් නොවිය යුතු අතර දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති අය විය යුතුයි.+ 7 මන්ද දෙවිගේ සේවකයෙකු*+ ලෙස සභාව රැකබලා ගන්නා කෙනෙකු චෝදනාවලින් නිදහස් කෙනෙකු විය යුතුයි.+ ඔහු හිතුමතේට කටයුතු නොකරන,+ ඉක්මනින් කෝප නොවන,+ බීමත් වී දබරවලට පැටලෙන්නේ නැති,+ ගහගන්නෙකු නොවන,+ අයුතු ලෙස ලාභ ලබාගැනීමට කෑදරකමින් කටයුතු නොකරන කෙනෙකු+ විය යුතුයි. 8 එලෙසම ඔහු ආගන්තුක සත්කාරශීලී,+ යහපත්කමට ඇලුම් වී සිටින, හොඳ සිහිකල්පනාවෙන් වැඩ කරන,+ ධර්මිෂ්ඨ, දෙවිට ළැදි,+ තමාවම පාලනය කරගත හැකි පුද්ගලයෙකු+ විය යුතුයි. 9 මීට අමතරව ඔහු දක්ෂ ලෙස උගන්වමින් සත්‍ය පණිවිඩයට තදින් ඇලී සිටින කෙනෙකුද+ විය යුතුයි. එසේ කිරීමෙන් නිවැරදි මෙන්ම ප්‍රයෝජනවත් ඉගැන්වීම් යොදාගෙන උපදෙස් සහ මඟ පෙන්වීම් ලබා දීමටත්+ ඊට විරෝධය දක්වන අයට අවවාද ලබා දීමටත්+ ඔහුට හැකියාවක් ලැබෙනු ඇත.
10 මන්ද නොහික්මුණු, කිසි තේරුමක් නැති කතා කියන,+ අන් අයව නොමඟ යවන බොහෝදෙනෙක් සිටිති. ඔවුන් අතර විශේෂයෙන්ම සිටින්නේ චර්මච්ඡේදනය කිරීමේ පිළිවෙතට ඇලී සිටින අයයි.+ 11 ඒ මිනිසුන් අයුතු ලෙස යම් වාසි ප්‍රයෝජන ලබාගැනීමේ අදහසින් නුසුදුසු දේවල් උගන්වා+ බොහෝදෙනෙකුගේ විශ්වාසයට දැඩි හානි සිදු කරන නිසා සමහරුන් පවුල් පිටින්ම වැටී ගොස් ඇත.+ එමනිසා එවැනි දේවල් කරන අයව සම්පූර්ණයෙන්ම නිශ්ශබ්ද කළ යුතුයි. 12 ඔවුන්ගේම දිවැසිවරයෙකු* පැවසුවේ, “ක්රීට්වරුන් කවදත් බොරුකාරයෝය. ඔවුහු දරුණු+ මෘගයෝය. කාලය කා දමන කෑදරයෝය” කියාය.
13 ඒ කියමනෙහි යම් සැබෑවක් ගැබ්ව ඇත. එහෙයින් නිරතුරුවම ඔවුන්ට තදින් අවවාද කරන්න.+ එසේ කළොත් සත්‍ය ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට තිබෙන විශ්වාසයට කිසි තර්ජනයක් එල්ල නොවන අතර,+ 14 ඔවුන් යුදෙව් ප්‍රබන්ධ කථාවලටවත්+ සත්‍ය ඉගැන්වීම්වලින් අහක්ව යන+ මිනිසුන් අණ කරන දේවලටවත්+ කන් දෙන්නේ නැත. 15 පවිත්‍ර අයට සියලු දේ පවිත්‍රය.+ නමුත් අපවිත්‍ර+ මෙන්ම විශ්වාසයක් නැති අයට+ කිසි දෙයක් පවිත්‍ර නැත. ඔවුන්ගේ මනසත් හෘදය සාක්ෂියත්+ අපවිත්‍රය. 16 තමන් දෙවිව දන්නා බව ඔවුන් ප්‍රසිද්ධියේ කියා සිටියත්+ ඔවුන්ගේ ක්‍රියාවලින් ඔප්පු වන්නේ ඔවුන් දෙවිව ප්‍රතික්ෂේප කරන බවය.+ මන්ද ඔවුහු පිළිකුල්සහගත මෙන්ම අකීකරු පුද්ගලයන් වන අතර කිසි යහපත් ක්‍රියාවක් කිරීමට තරම් සුදුසු අය නොවෙති.+