2 ලේකම්
33 මනස්සේ+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු දොළහකි. යෙරුසලමේ සිට ඔහු අවුරුදු පනස්පහක් පාලනය කළේය.+
2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් කළේය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන් වෙතින් පන්නා දැමූ ජාතීන් කළ+ පිළිකුල් ක්‍රියාවල ඔහු නියැලුණේය.+ 3 තම පියා වූ හෙසකියා රජු කඩා දැමූ+ පූජනීය ස්ථාන ඔහු නැවත ගොඩනඟා,+ බාල් දෙවිවරුන්ට+ පූජාසනද+ බොරු නමස්කාරය සඳහා කුලුනුද+ සෑදුවේය. ඔහු අහසේ සියලු වස්තූන් ඉදිරියේ+ වැඳ වැටී+ ඒවාට නමස්කාර කිරීමටද පටන්ගත්තේය.+ 4 “මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම යෙරුසලම තෝරාගත්තෙමි”+ කියා යෙහෝවා දෙවි තම ගෘහය ගැන පවසා තිබුණත් ඔහු යෙහෝවා දෙවිගේ ගෘහය තුළම බොරු නමස්කාරය සඳහා පූජාසන ඉදි කළේය.+ 5 එපමණක්ද නොව ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයේ+ තිබුණු මළු දෙකෙහි+ අහසේ වස්තූන්වලට+ නමස්කාර කිරීම සඳහාද පූජාසන ගොඩනැඟුවේය. 6 ඔහු බෙන්හින්නොම් නිම්නයේදී+ තම පුත්‍රයන්ව ගින්නෙන් දවා පූජා කළේය.+ ඔහු පේන කීමෙහිද+ මායා බන්ධන ක්‍රියාවලද+ නියැලුණු අතර මන්ත්‍ර ගුරුකම්වලද+ යෙදුණේය. මායාකාරයන්වද+ ශාස්ත්‍ර කියන්නන්වද+ සේවය සඳහා යොදාගත් ඔහු යෙහෝවා දෙවිව උදහස් කරමින් දෙවිට පිළිකුල් වූ දේවල් බොහොමයක් කළේය.+
7 නමස්කාරය සඳහා ඔහු රූපයක්+ සාදා එය සැබෑ දෙවිගේ ගෘහයේ තැබුවේය.+ නමුත් තම ගෘහය ගැන දෙවි දාවිත් රජුටද ඔහුගේ පුත් සලමොන්ටද මෙසේ පවසා තිබිණ. “මේ ගෘහයද ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයත් නුවරවල් අතරින් මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා+ මම සදහටම+ තෝරාගත්තෙමි.+ 8 ඊශ්‍රායෙල්වරුන්ව ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන්+ දේශයෙන් මම පන්නා නොදමන්නෙමි.+ නමුත් මා ඔවුන්ව ආරක්ෂා කරන්නේ මා ඔවුන්ට අණ කළ+ සියල්ලට අනුව එනම්, මාගේ සේවක මෝසෙස් මාර්ගයෙන් දුන්+ සියලු නීතිරීතිවලට+ හා මාගේ තීන්දුවලට+ අනුව ක්‍රියා කිරීමට ඔවුන් වගබලා ගත්තොත් පමණි.”+ 9 යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්වරුන්ගේ ඇස් පනාපිටම විනාශ කර දැමූ ජාතීන්+ කළ දුෂ්ට දේවලටත් වඩා දුෂ්ට දේ කිරීමට+ මනස්සේ රජ+ යූදා සහ යෙරුසලමෙහි වැසියන්ව පෙලඹුවේය.+
10 යෙහෝවා දෙවි මනස්සේ රජුටත් ඔහුගේ සෙනඟටත් කොතරම් අවවාද කළත් ඔවුහු ඊට ඇහුම්කන් දුන්නේ නැත.+ 11 එහෙයින් යෙහෝවා දෙවි ඇසිරියාවේ රජුට අයත් සෙන්පතීන්ව+ ඔවුන්ට විරුද්ධව යැවීය.+ මනස්සේ රජු වළක සැඟවී සිටියදී ඔවුන් ඔහුව අල්ලාගත් අතර+ තඹ විලංගු දමා+ ඔහුව බැබිලෝනියට ගෙන යන ලදි. 12 තමාට සිදු වූ දෙයින් දැඩි සේ කම්පාවට පත් වූ+ මනස්සේ රජ තම මුතුන්මිත්තන්ගේ දෙවි වන යෙහෝවා ඉදිරියේ යටහත් වී+ ඔහුගේ අනුමැතිය දිනාගැනීමට උත්සාහ කළේය.+ 13 ඔහු නොකඩවා දෙවිට යාච්ඤා කළේය. කරුණාව පෙන්වන්න කියා ඔහු කළ කන්නලව්වලට සවන් දුන් දෙවි+ ඔහුව නැවත යෙරුසලමෙහි රජු ලෙස පත් කළේය.+ යෙහෝවා දෙවි සැබෑ දෙවි බව මනස්සේ තේරුම්ගත්තේ එවිටය.+
14 ඉන්පසු ඔහු දාවිත්ගේ නුවරේ+ ආරක්ෂාව සඳහා තවත් පවුරක් ගොඩනැඟීය.+ ගලා ගිය ගීහොන් දිය පහරට බටහිරින් පිහිටි ස්ථානයකින්+ ආරම්භ වූ එම පවුර, ඕෆෙල් නුවර වටා+ ගොස් මත්ස්‍ය දොරටුව+ අසලින් අවසන් විය. ඔහු එම පවුර ඉතා උසට ගොඩනඟන ලදි. ඊට අමතරව ඔහු යූදා දේශයේ පිහිටි පවුරුවලින් වට වූ සෑම සුරක්ෂිත නුවරක් සඳහාම හමුදාපතීන්වද පත් කළේය.+ 15 යෙහෝවා දෙවිගේ ගෘහයේ තබා තිබූ රූපය+ හා වෙනත් දෙවිවරුන්ගේ රූප+ ඔහු ඉවත් කළේය. යෙහෝවා දෙවිගේ ගෘහය පිහිටා තිබූ කන්ද මත සහ යෙරුසලම් නුවරෙහි ඔහු විසින්ම ඉදි කරන ලද පූජාසන සියල්ල+ ඔහු ඉවත් කළ අතර ඒවා නුවරින් පිටතට වීසි කිරීමටද පියවර ගත්තේය. 16 මනස්සේ රජ යෙහෝවා දෙවිගේ පූජාසනය අලුත්වැඩියා කර+ එහි හවුල් පූජාද+ ස්තුති පූජාද+ ඔප්පු කළේය. එසේම ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට නමස්කාර කරන ලෙස ඔහු යූදාහි වැසියන්ට පැවසුවේය.+ 17 නමුත් ජනයා යෙහෝවා දෙවිට පූජා ඔප්පු කළත් ඔවුන් ඒවා ඔප්පු කළේ වෙනත් පූජනීය ස්ථානවලදීය.+
18 මනස්සේ රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහු තම දෙවිට කළ යාච්ඤාවද+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නාමයෙන් ඔහුට නිතර අවවාද කළ අනාගතවක්තෘවරුන්ගේ වදන්ද+ ඊශ්‍රායෙල්හි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+ 19 ඔහු දෙවිට කළ යාච්ඤාවද+ ඔහුගේ කන්නලව්වට+ දෙවි ඇහුම්කන් දුන් ආකාරයද යටහත් වී පසුතැවිලි වීමට කලින්+ ඔහු කළ සියලුම වැරදිද+ ඔහු දෙවිට ද්‍රෝහි වූ ආකාරයද+ ඔහු ඉදි කළ පූජනීය ස්ථාන ගැනද+ බොරු නමස්කාරය සඳහා ඔහු පිහිටෙවූ කුලුනු+ හා දේවතා රූප+ යනාදිය ගැනද සියලු විස්තර ඔහුගේ අනාගතවක්තෘවරුන් පැවසූ දේවල් සඳහන් ලේඛනයේ වාර්තා කර ඇත. 20 කල් යත්ම මනස්සේ රජ මිය ගියේය. ඔහුවද ඔහුගේ මුතුන්මිත්තන් මෙන් තැන්පත් කරන ලදි.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ මාලිගාව අසලය.+ ඔහු වෙනුවට ඔහුගේ පුත් ආමොන්+ රජකම් කිරීමට පටන්ගත්තේය.
21 ආමොන්+ රජකමට පත් වන විට ඔහුගේ වයස අවුරුදු විසිදෙකකි. යෙරුසලමේ සිට ඔහු අවුරුදු දෙකක් පාලනය කළේය.+ 22 ඔහු තම පියා වූ මනස්සේ රජු මෙන්+ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ තම පියා වූ මනස්සේ රජ+ විසින් සාදන ලද දේවතා රූපවලට+ පූජා ඔප්පු කරමින්+ ඔහු ඒවාට නමස්කාර කළේය.+ 23 ඔහුගේ පියා වූ මනස්සේ රජු නිහතමානී වී තම වැරදි ගැන පසුතැවිලි වුවත්+ ඔහු පසුතැවිලි වූයේ නැත.+ ඒ වෙනුවට ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල දිගින් දිගටම නියැලුණේය.+ 24 පසුව ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණය කර+ ඔහුගේම මාලිගාවේදී ඔහුව මරා දැමුවෝය.+ 25 නමුත් දේශයේ වැසියෝ+ එකතු වී ආමොන් රජුට විරුද්ධව+ කුමන්ත්‍රණය කළ සියලුදෙනාවම+ මරා,+ ආමොන් රජුගේ පුත් යොෂියාව+ රජකමට පත් කළෝය.