හිතෝපදේශ
23 ඔබ රජෙකු සමඟ එක මේසයේ හිඳගෙන කෑම කන්නෙහි නම් ඔබ සිටින්නේ කොතැනද කියා අමතක නොකරන්න.+ 2 ඔබ කෑමට බීමට ලොල් වූ කෙනෙකු නම් ඔබවම පාලනය කරගැනීම හොඳය.*+ 3 රස නහර පිනවන ඔහුගේ කෑමවලට අධික ආශාවක් ඇති කර නොගන්න. මන්ද ඔහු එය දෙන්නේ අවංක සිතකින් නොවෙයි.+
4 පොහොසත් වීමට වෙහෙස නොවන්න.+ ඔබේම නුවණෙහි රඳා නොසිටින්න.+ 5 සුළු මොහොතකින් නැති වී යන වස්තුව කෙරෙහි ඔබේ සිත ඇදී ගොස් ඇද්ද?+ ඔබ බලා සිටියදීම එය රාජාලියෙකු මෙන් තටු විහිදා ඈතින් ඈතට පියඹා යයි.+
6 මසුරු කෙනෙකු දෙන කෑම නොකන්න.+ ඔහුගේ රසවත් කෑමවලට ආශා නොකරන්න.+ 7 මන්ද ඔහු කපටි ලෙස කුමන්ත්‍රණය කරන්නෙකි.+ “කන්න, බොන්න” කියා ඔහු ඔබට කියන නමුත් ඔහු එසේ කියන්නේ යටි අදහසකිනි.+ 8 පසුව ඔහු දුන් කෑම ඔබට වමාරන්න සිදු වෙයි. ඔබ පැවසූ ප්‍රියමනාප වදන්වලින් කිසි පලක් නොවනු ඇත.+
9 මෝඩයෙකු සමඟ කතා නොකරන්න.+ මන්ද ඔහු ඔබේ බුද්ධිමත් වදන් හෙළාදකිනු ඇත.+
10 පුරාණයේදී වෙන් කරනු ලැබූ ඉඩම්වල මායිම් වෙනස් නොකරන්න.+ පියා නැති දරුවන්ගේ ඉඩම්වලට බලහත්කාරයෙන් ඇතුල් නොවන්න.+ 11 මන්ද ඔවුන්ගේ මිදුම්කරු ශක්තිමත්ය. ඔහු ඔවුන් වෙනුවෙන් පෙනී සිට ඔබට විරුද්ධව පියවර ගනු ඇත.+
12 උපදෙස්වලට ඔබේ සිත යොමු කරන්න. දැනුමට ඔබේ කන් යොමු කරන්න.+
13 දරුවෙකුට හික්මවීම අවශ්‍ය වූ විට එය දීමෙන් නොවළකින්න.+ වේවැලකින්* ඔහුට පහරක් ගැසූ පමණින් ඔහු මැරෙන්නේ නැත. 14 ඔහුව මරණයෙන් බේරාගන්නා පිණිස වේවැල පාවිච්චි කරන්න.+
15 මාගේ පුත්‍රය, ඔබ ප්‍රඥාවන්තව සිතන්නේ නම්+ මාගේ සිත ප්‍රීති වන්නේය.+ 16 ඔබ ඔබේ වචන නිවැරදිව හසුරුවන්නේ නම්+ මම මුළු හදවතින්ම සතුටු වන්නෙමි.
17 පව්කාරයන්ට ඊර්ෂ්‍යා නොකරන්න.+ දවස මුළුල්ලේම යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇතුව සිටින්න.+ 18 එවිට ඔබට හොඳ අනාගතයක් තිබෙනු ඇත.+ ඔබේ බලාපොරොත්තු කඩ නොවන්නේය.+
19 මාගේ පුත්‍රය, උපදෙස්වලට ඇහුම්කන් දී ප්‍රඥාවන්ත වන්න. ඔබේ සිත නිවැරදි මඟට යොමු කරන්න.+
20 වයින්වලට ලොල් වූ+ අය සමඟවත් මස්වලට කෑදර වූ අය සමඟවත් එකතු නොවන්න.+ 21 මන්ද බේබද්දෝද කෑදරයෝද දිලිඳුකමට පැමිණෙන්නෝය.+ මත්ව සිටින්නන්ට අඳින්න ඉතුරු වන්නේ වැරහැලි පමණි.+
22 ඔබව ජාතක කළ ඔබේ පියාට ඇහුම්කන් දෙන්න.+ ඔබේ මව මහලුව සිටින නිසාම ඇයව සුළු කොට නොතකන්න.+ 23 සත්‍යය මිල දී ගන්න.+ එය ලබාගත් පසු නොවිකුණන්න. ප්‍රඥාවද හික්මවීමද අවබෝධයද මිල දී ගන්න.+ 24 ධර්මිෂ්ඨ තැනැත්තෙකුගේ පියා නිසැකවම ප්‍රීති වෙයි.+ ප්‍රඥාවන්තයෙකුගේ පියාද ඔහු ගැන බොහෝ සෙයින් සතුටු වෙයි.+ 25 ඔබ එවැනි කෙනෙක් වන්නෙහි නම් ඔබේ පියාද මවද ප්‍රීති වෙති. ඔබව බිහි කළ තැනැත්තිය මහත් සේ ප්‍රීති වන්නීය.+
26 මාගේ පුත්‍රය, ඔබේ සිත මා වෙතට යොමු කරන්න. මා ඔබට පෙන්වන මාර්ගය දෙසටම ඔබේ ඇස් යොමු කරන්න.+ 27 ගණිකාවක ගැඹුරු වළක් මෙනි.+ දුරාචාරයේ යෙදෙන ස්ත්‍රියක පටු ළිඳක් මෙනි. 28 කොල්ලකරුවෙකු මෙන් ඇය මඟ රැක සිටින්නීය.+ ඇය බොහෝ පුරුෂයන්ව ද්‍රෝහිකමට පොලඹවයි.+
29 රතු ඇස් ඇත්තේ කාටද? දුක ඇත්තේ කාටද? සිත්තැවුල් ඇත්තේ කාටද? ගැටලු ඇත්තේ කාටද? අඬදබර කරන්නේ කවුද?+ නිකරුණේ තුවාල ලබන්නේ කවුද? 30 මේ සියල්ල සිදු වන්නේ බොහෝ වයින් බොන අයටය.+ සැර වැඩි කළ වයින්+ සොයා යන අයටය. 31 වයින් රතට රතේ දිස් වන විටත් එය කුසලානේ දිලිසෙන විටත් එයින් ආස්වාදයක් ලැබෙන විටත් ඊට වශී නොවන්න. 32 අවසානයේදී එය සර්පයෙකු මෙන් දෂ්ට කරයි.+ පොළඟෙකු මෙන් විෂ පිට කරයි.+ 33 ඔබේ ඇස් අමුතු දර්ශන දකින්නේය. ඔබේ සිතුවිලි විකෘති වන්නේය.+ 34 ඔබ මුහුදු පත්ලටම ගිලී යන කෙනෙකු මෙන්ද කුඹගසක් උඩ සිටින කෙනෙකු මෙන්ද වන්නෙහිය.+ 35 “ඔවුහු මට ගැසුවෝය. නමුත් මට රිදුණේ නැත. ඔවුහු මට තදින් පහර දුන්නෝය. නමුත් මට දැනුණේවත් නැත. මම අවදි වන විට+ තව තවත් එය සොයා යන්නෙමි”+ යයි ඔබ කියන්නෙහිය.