ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙතය. අලුයම් මුවදෙන නම් වූ රිද්මය ඇතුව ගායනා කිරීම සඳහාය. දාවිත් රචනා කළ ගීතයකි.
22 මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්ද?+
ඔබ මා ගලවා නොගන්නේ මන්ද?+
මාගේ කෙඳිරීමේ හඬට සවන් නොදෙන්නේ මන්ද?+
2 මාගේ දෙවියනි, මම දිවා කාලයේදී ඔබට නොකඩවා හඬගසමි. නමුත් ඔබ මට පිළිතුරු නොදෙන්නෙහිය.+
රාත්රියේද මම නිහඬව නොසිට ඔබට හඬගසමි.+
5 ඔවුන් ඔබට හඬගැසූ නිසා+ ඔබගේ ආරක්ෂාව ඔවුන්ට ලැබුණේය.+
ඔවුන් ඔබ කෙරෙහි විශ්වාසය තැබූ නිසා කිසිදා ලැජ්ජාවට පත් නොවුණේය.+
8 “ඔහු යෙහෝවා දෙවිට භාර වුණා.+ ඒ නිසා දෙවිම ඇවිත් ඔහුව බේරාගනියි.+
දෙවිට ඔහුව ප්රසන්න නම් දෙවි ඔහුව ගලවාගනියි.”+
9 මට මව්කුසින් මෙලොව එළිය දකින්න සැලැස්වුවේ ඔබයි.+
මවගේ ළයෙහි සිටියදී මට සුරක්ෂිතබවක් දැනෙන්න සැලැස්වුවේ ඔබයි.+
14 වතුර බිමට හැළෙන්නාක් මෙන් මාගේ ශක්තිය මාගෙන් පහව ගියේය.+
මාගේ ඇටකටු සියල්ල සන්ධිවලින් වෙන් වී ඇත.+
මාගේ හදවත ඉටි මෙන් උණු වී+
ඇතුළාන්තයටම ගලා ගොස් ඇත.+
15 මාගේ ශක්තිය පහව ගොස් ඇත. මා දැන් බිඳී ගිය වළඳක් මෙනි.+
මාගේ දිව උඩුතල්ලේ ඇලී ඇත.+
මිනී වළට ඔබ මා නියම කළෙහිය.+
20 මාගේ ජීවිතය කඩුවෙන් බේරාගන්න.+
බල්ලාගේ ග්රහණයෙන් මාගේ වටිනා ජීවිතය බේරාගන්න.+
මට ඇහුම්කන් දී වල්හරකුන්ගේ අංවලින් මාව බේරාගන්න.+
23 යෙහෝවා දෙවි කෙරෙහි ගරුබිය ඇත්තෙනි, ඔහුට ප්රශංසා කරන්න!+
යාකොබ්ගෙන් පැවතෙන්නෙනි, දෙවිව ගෞරවයට පත් කරන්න!+
ඊශ්රායෙල්ගෙන් පැවතෙන්නෙනි, දෙවිට ගරුබිය දක්වන්න.+
24 ඔහු පීඩිතයාව හෙළාදැක්කේවත්+
ඔහුව පිළිකුලක් ලෙස සැලකුවේවත් නැත.+
ඔහු ඒ පීඩිතයාගෙන් තම මුහුණ ඉවතට හරවාගත්තේ නැත.+
උපකාර ඉල්ලා මොරගැසූ විට ඔහු ඔහුට ඇහුම්කන් දුන්නේය.+
25 ඔබ කර ඇති සියලු දේ නිසා මහත් සෙනඟක් අතරේ මම ඔබට ප්රශංසා කරමි.+
මා දුන් පොරොන්දු ඔබට ගරුබියක් ඇති අය ඉදිරියේ ඉටු කරමි.+
26 යටහත්පහත් අය කා බී තෘප්තිමත් වන්නෝය.+
යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් පතන අය ඔහුට ප්රශංසා කරන්නෝය.+
ඔබේ සිත් සදහටම ප්රාණවත්ව තිබේවා!+
27 පොළොවේ සතර දිගින් ජනයා යෙහෝවා දෙවිව සිහි කර ඔහු වෙතට හැරී එන්නෝය.+
ජාතීන් අතරේ සිටින සියලු ගෝත්ර ඔබ ඉදිරියේ වැඳ වැටෙන්නෝය.+