හොෂෙයා
13 “එෆ්රායිම් ඊශ්රායෙල්හි අන් සියලු ගෝත්රවලට වඩා බලවත්ව සිටියේය.+ ඔහු කතා කරන විට සියලුදෙනා බියෙන් තැතිගත්තෝය. නමුත් බාල් දෙවියාට නමස්කාර කරන්න පටන්ගත් පසු+ එෆ්රායිම් මිය ගියේය.+ 2 එහෙත් එහි වැසියෝ තමන්ගේ රිදීවලින් බොරු දෙවිවරුන්ගේ රූප සාදාගෙන තව තවත් පව් කරති.+ රන්කරුවන් ලවා+ හිතුමනාපෙට සාදාගත් ඒ රූප+ ගැන ඔවුහු මෙසේ කියති. ‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියා පූජා ඔප්පු කිරීමට පැමිණෙන මිනිසුන්ට කියන්න.’+ 3 ඔවුන් එලෙස ක්රියා කරන නිසා මොහොතකින් නැති වී යන අලුයම මීදුම+ හා නිමේෂයකින් නැති වී යන පිනි මෙන් ඔවුහුද නැති වී යන්නෝය. කමතෙන් ගසාගෙන යන දහයියා+ හා පියස්සේ සිදුරෙන් නඟින දුම මෙන් ඔවුහුද පහ වී යන්නෝය.
4 “‘ඔබ ඊජිප්තු දේශයේ සිටි කාලයේ පටන් මේ දක්වාම මා ඔබේ දෙවි වන යෙහෝවාය.+ මා හැර වෙන කිසි දෙවි කෙනෙකු නැති බවත් මා හැර වෙන ගැලවුම්කරුවෙකු නැති බවත් ඔබ හොඳාකාරවම දන්නහුය.+ 5 ලෙඩ රෝග පැතිර ගිය+ පාළුකරයේදී මම ඔබව රැකබලා ගත්තෙමි.+ 6 නමුත් ඔබේ තණබිම්වලින් කා තෘප්තියට පත් වූ පසු+ ඔබේ සිත උඩඟු විය.+ ඔබ මාව අමතක කළේ ඒ නිසාය.+ 7 මම කේශර සිංහයෙකු මෙන් ඔබට විරුද්ධව ක්රියා කරන්නෙමි.+ මඟ රැක සිටින දිවියෙකු මෙන් ඔබ එනතුරු බලා සිටින්නෙමි.+ 8 පැටවුන් නැති වූ වැලහින්නියක මෙන්+ මම ඔබේ ඇඟට කඩාපැන ඔබේ පපුව ඉරා දමන්නෙමි. සිංහයෙකු මෙන්+ ඔබව කා දමන්නෙමි. වනමෘගයෙක් ඇවිත් ඔබව කෑලි කෑලිවලට ඉරා දමනු ඇත.+ 9 ඊශ්රායෙල් සෙනඟෙනි, ඔබ පව් කළේ ඔබේ උපකාරයට පැමිණි මට විරුද්ධවය.+ එබැවින් නිසැකවම ඔබ විනාශයට පත් වනු ඇත.+
10 “‘“අපට රජෙක් දෙන්න. අපට පාලකයන් දෙන්න” කියා ඔබ මගෙන් ඉල්ලුවහුය.+ එහෙත් නුවරවල් තුළ ජීවත් වන ඔබව ගලවාගැනීමට පත් කළ ඔබේ රජ්ජුරුවන් දැන් කොහේද?+ ඔබේ විනිශ්චයකරුවන් දැන් කොහේද? 11 මම අකමැත්තෙන් වූවද ඔබට රජෙකු දුනිමි.+ නමුත් දැන් මා තුළ ඇවිළෙන කෝපය නිසා ඔහුව රජකමින් ඉවත් කරන්නෙමි.’+
12 “එෆ්රායිම් කළ වැරදි අමතක නොකරනු ඇත. ඔහු කළ පව් සියල්ල එකිනෙක ගණන් කර වාර්තා කර තබා ඇත.+ 13 ප්රසව වේදනාව අද්දකින ස්ත්රියක මෙන් මහත් වේදනාවක් අත්විඳින්න ඔහුට සිදු වනු ඇත.+ ඔහු අඥාන දරුවෙකු මෙන්ය.+ මන්ද බිහි කරන කාලය පැමිණ තිබුණත් ඔහු පිටතට නොපැමිණෙයි.+
14 “‘මිනී වළෙන්+ හා මරණයෙන් මුදවාගන්නේ මමය.+ මරණය, ගෝනුස්සෙකු මෙන් අනතුරු කරන ඔබේ විෂ තුඩ කොතැනද?+ මිනී වළ, විනාශයට පමුණුවන ඔබ කොතැනද?+ එහෙත් එෆ්රායිම්ට මම අනුකම්පා නොකරන්නෙමි.’+
15 “ඔහු සශ්රීක බට ගසක් මෙන් සරුවට වැඩුණත්+ නැඟෙනහිරෙන් හමා එන සුළඟක් ඔහුට විරුද්ධව පැමිණෙනු ඇත.+ යෙහෝවා දෙවිගෙන් පැමිණෙන ඒ සුළඟ පාළුකරයෙන් ඇවිත් ඔහුගේ ළිංද දිය උල්පත්ද සිඳුවනු ඇත.+ ඒ සුළඟට ඔහුගේ වටිනා වස්තු සම්භාරයම ගසාගෙන යයි.+
16 “සමාරියේ වැසියන් ඇත්තෙන්ම කැරලිගැසුවේ ඔවුන්ගේම දෙවිට විරුද්ධවය.+ ඔවුන්ට ඒ වරදට ගණන් දෙන්න සිදු වෙයි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.+ ඔවුන්ගේ දරුවෝ පොළොවේ ගසා මරනු ලබන්නෝය.+ ගැබිනි ස්ත්රීන්ව කඩුවෙන් කපා දමනු ඇත.”+