හෙබ්‍රෙව්
12 විශාල වලාකුළක් හා සමාන මෙපමණ සාක්ෂිකරුවන් සමූහයක්+ අප වටා සිටින නිසා අපට බරක් විය හැකි සෑම දෙයක්ම+ හා අපව පහසුවෙන් හසු කරගන්නා පාපයද අහක දමමු.+ එලෙසම අප සහභාගි විය යුතු+ ධාවන තරඟය+ විඳදරාගැනීමෙන් යුතුව දුවමු.+ 2 එසේ කරන අතරවාරයේදී අපගේ විශ්වාසයට ප්‍රධාන ලෙස දායක වන+ එය පූර්ණ තත්වයකට ගෙනෙන තැනැත්තා+ වන යේසුස් දෙස මහත් ඕනෑකමින් බලා සිටිමු. මන්ද ඔහු තමාට තිබුණු ප්‍රීතිමත් අපේක්ෂාව නිසා ලැජ්ජාව නොතකා වධකණුවක මරණය පවා වින්දේය.+ එතැන් පටන් ඔහු දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තේ අසුන්ගෙන ඇත.+ 3 ඒ නිසා එම තැනැත්තා ගැන හොඳින් කල්පනා කර බලන්න. පව්කාරයන් තමන්ටම බොහෝ හානි සිදු කරමින් ඔහුට විරුද්ධව බොහෝ දේවල් පැවසුවත් ඔහු ඒ සියල්ල විඳදරාගත්තේය.+ ඔබ ඔහු ගැන කල්පනා කර බැලිය යුත්තේ ඔබ වෙහෙසට පත් නොවී ඔබේ උත්සාහය අත් නොහැරීම සඳහාය.+
4 ඒ පාපයට විරුද්ධව සටන් කිරීමට ඔබට සිදු වුවත් ඔබේ සටන ඔබේ ලේ වැගිරෙන තරමට දරුණු වී නැත.+ 5 නමුත් ඔබව පුත්‍රයන් ලෙස සලකා+ ඉතා උනන්දුවෙන් ඔබට ලබා දුන් මඟ පෙන්වීම් ඔබට සම්පූර්ණයෙන්ම අමතක වී තිබේ. එනම්, “මාගේ පුත්‍රය, යෙහෝවා දෙවි ලබා දෙන හික්මවීම් සුළු නොකරන්න. ඔහු ඔබව නිවැරදි කරන විට කල නොකිරෙන්න.+ 6 මන්ද යෙහෝවා දෙවි තමා ප්‍රේම කරන අයට හික්මවීම් ලබා දෙන්නේය. ඇත්තෙන්ම තම පුත්‍රයෙකු ලෙස පිළිගන්නා සෑම කෙනෙකුට ඔහු දඬුවම් කරන්නේය.”*+
7 ඒ අනුව ඔබට විඳදරාගැනීමට සිදු වන දේ ඔබට ලැබෙන හික්මවීමක් සේ සලකන්න.+ දෙවි ඔබ සමඟ කටයුතු කරන්නේ ඔබව පුත්‍රයන් ලෙස සලකමින්ය.+ මන්ද පියෙකුගේ හික්මවීම් නොලබන පුතෙක් සිටීද?+ 8 සියලුදෙනා ලබා ඇති හික්මවීම් ඔබට ලැබී නැත්නම් ඔබව සැලකිය යුත්තේ පුත්‍රයන් ලෙස නොව අවජාතක දරුවන් ලෙසය.+ 9 එපමණක්ද නොව අපට අවශ්‍ය හික්මවීම් ලබා දීමට මිහිපිට අපට පියවරුන් සිටි අතර+ අපි ඔවුන්ට ගෞරව කළෙමු. එසේනම් අපට තම බලයෙන් අලුත් ජීවිතයක් ලබා දුන් පියාණන්ට අප ඊටත් වඩා වැඩියෙන් යටත් වී ජීවත් විය යුතු නැද්ද?+ 10 ඔවුන් තමන්ට හරියි කියා පෙනුණු දේ පදනම් කරගෙන අපට හික්මවීම් ලබා දුන්නේ කෙටි කාලයකටය.+ නමුත් අපගේ ප්‍රයෝජනය සඳහා අපට හික්මවීම් ලබා දෙන ඔහු, එසේ කරන්නේ ඔහු මෙන් ශුද්ධ වීමට අපටද ප්‍රස්තාව ලබා දීම සඳහාය.+ 11 ඇත්තෙන්ම හික්මවීම් ලැබෙන අවස්ථාවේදී එය වේදනාකාරී දෙයක්+ ලෙස මිස ප්‍රීතියට හේතුවක් ලෙස දැනෙන්නේ නැත. නමුත් ඒ හික්මවීමෙන් පුහුණුව ලබන අය සමාදානය අද්දකිති.+ මන්ද එමගින් ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.+
12 එහෙයින් පහතට වැටී ඇති අත්ද+ දුබල වී ඇති දණහිස්ද ශක්තිමත් කරගන්න.+ 13 එලෙසම කොර වී ඇති පාදයක සන්ධිය පනින්න ඉඩ දෙනවා වෙනුවට එය සුව වීම සඳහා+ ඔබේ පාදවලට ඍජු මාවත් සාදාගන්න.+ 14 සියලුදෙනා සමඟ සමාදානයෙන් සිටීමටද+ ශුද්ධව* සිටීමටද දැඩි උත්සාහයක් දරන්න.+ මන්ද ශුද්ධව නොසිටින අයට ස්වාමීන්ව දැකගැනීමේ ප්‍රස්තාව අහිමි වේ.+ 15 එලෙසම ඉතා සෝදිසියෙන් සිට දෙවිගේ මහත් කරුණාව+ කිසි කෙනෙකුටවත් අහිමි වීමට ඉඩ නොදෙන්න. එසේ සිටිය යුත්තේ යම් විෂ සහිත මුලක්+ ඔබ අතරින් හට නොගැනීම සඳහාය. මන්ද එවැන්නක් හටගත්තොත් එයින් බොහෝ ගැටලු ඇති වන අතර එමගින් බොහෝදෙනෙකු අපවිත්‍ර වනු ඇත.+ 16 එලෙසම වේශ්‍යාකමේ* යෙදෙන කිසිවෙකුවත් කුලුඳුලා වශයෙන් තමාට හිමි අයිතිවාසිකම් එක කෑම වේලක් වෙනුවෙන් අහිමි කරගත්+ ඒසව්+ හා සමානව පරිශුද්ධ දේවල් අගය නොකරන කිසිවෙකුවත් ඔබ අතරේ නොසිටීම සඳහාය. 17 මන්ද පසුව ආශීර්වාද ලබාගැනීමට ඒසව්ට මහත් කැමැත්තක් තිබුණත්+ ඔහුව ප්‍රතික්ෂේප කරනු ලැබූ ආකාරය+ ගැන ඔබ දන්නහුය. ඔහු කඳුළු සලමින්+ තමා ගත් තීරණය වෙනස් කිරීමට දැඩි උත්සාහයක් දැරුවත් එයට කිසි ඉඩක් ලැබුණේ නැත.+
18 ඔබ ළඟා වී සිටින්නේ ස්පර්ශ කිරීමට හැකි,+ ගින්නෙන් ඇවිළී යන කන්දකටවත්+ අඳුරු වලාකුළකටවත් ඝනාන්ධකාරයකටවත් චණ්ඩ මාරුතයකටවත්,+ 19 මහ හොරණෑ ශබ්දයකටවත්+ මහ හඬකටවත්+ නොවේ. ඒ හඬ ඇසූ සෙනඟ තමන්ට තවත් කිසි වචනයක් නොකියන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියෝය.+ 20 මන්ද, “සතෙකු එම කන්දට පය තැබුවොත් ඌව ගල් ගසා මැරිය යුතුයි”+ කියා ලබා දී තිබුණු ආඥාවට ඔවුහු බිය වූහ. 21 ඒ දර්ශනය කොතරම් භයානක එකක් වූවාද කිවහොත්, “මට මහත් භයක් දැනේ. මම වෙවුලමින් සිටිමි”+ කියා මෝසෙස් පවා පැවසුවේය. 22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+ 23 එක් රැස් වී සිටින ස්ථානය වෙතටය.+ එමෙන්ම ස්වර්ගයෙහි තම නම් ලියා ඇති+ කුලුඳුලන්ගේ සභාව වෙතටය.+ එලෙසම සියලුදෙනාගේ විනිශ්චයකරු+ මෙන්ම තම බලයෙන් ධර්මිෂ්ඨ අයට අලුත් ජීවිතයක් ලබා දී+ ඔවුන්ව පූර්ණ තත්වයක් දක්වා ගෙන ආ+ විනිශ්චයකරු වන දෙවි වෙතටය. 24 එමෙන්ම අලුත් ගිවිසුමක+ මැදිහත්කරු+ වන යේසුස් වෙතටය. එලෙසම ඔහු අප මත ඉසිනු ලැබූ රුධිරය වෙතටය.+ ඒ රුධිරය ආබෙල්ගේ රුධිරයට වඩා උතුම් ආකාරයකින් කතා කරයි.+
25 කතා කරන එම තැනැත්තාව ප්‍රතික්ෂේප නොකිරීමට වගබලා ගන්න.+ මන්ද පොළොවේදී දෙවිගේ අනතුරු ඇඟවීම් දුන් තැනැත්තාව ප්‍රතික්ෂේප කළ අය ගැලවුණේ නැත්නම්+ ස්වර්ගයේ සිට කතා කරන තැනැත්තාගෙන් අප අහක්ව ගියොත් අපට ගැලවෙන්න කිසි ලෙසකින්වත් හැකියාවක් ලැබෙන්නේ නැත.+ 26 දෙවිගේ හඬ නිසා ඒ කාලයේදී පොළොව දෙදරුම් කෑවේය.+ නමුත් දැන් ඔහු, “මම නැවත වරක් පොළොව පමණක් නොව අහසත් කලඹවන්නෙමි”+ යන පොරොන්දුව දී ඇත. 27 “නැවත වරක්” කියා පැවසීමෙන් අදහස් කරන්නේ දෙදරුම් කන්නේ නැති දේවල් පැවතීම සඳහා+ දෙදරුම් කන දේවල් එනම්, දෙවි නොසෑදූ දේවල් ඉවත් කරනු ලබන බවය.+ 28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+ 29 මන්ද අපගේ දෙවි ඇවිළෙන ගින්නක් හා සමාන වන්නේය.+