1 රාජාවලිය
4 සලමොන් රජ මුළු ඊශ්‍රායෙල් දේශයම පාලනය කළේය.+ 2 ප්‍රධාන තනතුරු සඳහා ඔහු පත් කළ නිලධාරීන්+ පිළිබඳ විස්තර මෙසේය. සාදොක්ගේ+ පුත් අෂරියාව ඔහු පූජකයා ලෙස පත් කළේය. 3 ෂීෂාගේ පුත්‍රයන් වන එලිහොරෙෆ් සහ අහියා ලේකම්වරුන්+ ලෙස කටයුතු කළෝය. අහිලුද්ගේ පුත් යෙහෝෂපාට්+ වාර්තාකරු විය. 4 යෙහෝයාදාගේ පුත් බෙනායා+ හමුදාවේ ප්‍රධානියා+ ලෙසද සාදොක් සහ අබියාතර්+ පූජකයන් ලෙසද කටයුතු කළෝය. 5 ඔහු දිසාපතීන්ව අධීක්ෂණය කිරීමට නාතන්ගේ+ පුත් අෂරියාව පත් කළේය. පූජකයෙකු ලෙස කටයුතු කළ නාතන්ගේ පුත් සාබූද්, රජුගේ මිත්‍රයෙකු+ විය. 6 අහිෂාර්ව ගෙයි වැසියන්ගේ ප්‍රධානියා ලෙසද අබ්දාගේ පුත් අදොනිරාම්ව+ රජුගේ හමුදාවට බඳවාගත් අයව+ අධීක්ෂණය කිරීමටද පත් කළේය.
7 සලමොන් රජ ඊශ්‍රායෙල් දේශය කෙරෙහි දිසාපතීන් දොළොස්දෙනෙකුව පත් කළේය. රජුටත් රජමාලිගාවේ සියලුදෙනාටත් ආහාර පාන සැපයීමට පවරා තිබුණේ ඔවුන්ටය. අවුරුද්දට මාසයක් බැගින් ඔවුහු එක් එක් කෙනා රජුගේ නිවසට ආහාර සැපයූහ.+ 8 ඔවුන්ගේ නම් මෙසේය. එෆ්‍රායිම් කඳුකරය+ භාරව සිටියේ හූර්ගේ පුත්‍රයාය. 9 මාකෂ්, ෂායල්බිම්,+ බෙත්-ෂෙමෙෂ්+ සහ ඒලොන්-බෙත්-හානාන් යන නගර භාරව සිටියේ දෙකෙර්ගේ පුත්‍රයාය. 10 අරුබ්බොත් නගරය භාරව සිටියේ හෙසෙද්ගේ පුත්‍රයාය. (මොහුට සෝකෝ සහ මුළු හේෆෙර් දේශයද භාරව තිබිණ.)+ 11 මුළු දෝර් කඳුවැටියම+ භාරව සිටියේ අබිනාදාබ්ගේ පුත්‍රයාය. (මොහු සලමොන්ගේ දියණිය වන තාෆත්ව විවාහ කරගත්තේය.) 12 තයනක් නුවර,+ මෙගිද්දෝ+ සහ මුළු බෙත්-ෂෙයාන් පළාත භාරව සිටියේ අහිලුද්ගේ පුත් බානාය. ඔහුට බෙත්-ෂෙයාන්+ සිට ආබෙල්-මෙහෝලා+ දක්වාද යොක්මෙයාම්+ දක්වාද තිබූ පළාත් භාරව තිබිණ. (බෙත්-ෂෙයාන් පිහිටා තිබුණේ යෙෂ්රෙයෙල්ට+ පහළින් පිහිටි ෂාරෙතාන්+ අසලය.) 13 රාමොත්-ගිලියද් නුවර+ භාරව සිටියේ ගෙබර්ගේ පුත්‍රයාය. (ගිලියද්හි+ පිහිටි, මනස්සේ ගෝත්‍රයට අයත් යායිර්ගේ කූඩාරම් ගම්මානද+ ඔහුගේ භාරයේ තිබිණ. බාෂාන්හි+ පිහිටි අර්ගොබ්+ පළාතද ඔහුට භාර විය. පවුරුවලින් වට වූ තඹ දොර අගුල් සහිත විශාල නුවරවල් හැටක් එහි තිබිණ.) 14 මහනායිම් නුවර+ භාරව සිටියේ ඉද්දෝගේ පුත් අහිනදාබ්ය. 15 නෆ්තලී දේශය+ භාරව සිටියේ අහිමයාෂ්ය. (මොහුද සලමොන්ගේ දියණියක විවාහ කරගත්තේය.+ ඇගේ නම බසෙමත්ය.) 16 ආෂෙර් දේශය+ සහ බෙයාලොත් නම් පළාත භාරව සිටියේ හූෂයිගේ පුත් බානාය. 17 ඉසකාර් දේශය+ භාරව සිටියේ පරුවාගේ පුත් යෙහෝෂපාට්ය. 18 බෙන්ජමින් දේශය+ භාරව සිටියේ ඒලාගේ පුත් ෂිමෙයිය.+ 19 ගිලියද් දේශය+ භාරව සිටියේ උරීගේ පුත් ගෙබර්ය. මෙය කලින් අමෝරිවරුන්ගේ රජු වූ+ සීහොන්+ විසින්ද බාෂාන්හි රජු වූ+ ඕග්+ විසින්ද පාලනය කරන ලදි. ඒ දිසාපතීන් සියලුදෙනාව අධීක්ෂණය කිරීම සඳහා එක් නිලධාරියෙකුව පත් කර තිබිණ.
20 යූදා සහ ඊශ්‍රායෙල් දේශයේ ජනගහනය මුහුදු වෙරළේ වැලි මෙන් ගණනින් බොහෝ සේ වර්ධනය වූහ.+ ඒ කාලයේදී ඔවුන්ට කෑම බීම නොඅඩුව තිබුණු අතර ඔවුහු සතුටින් ජීවිතය ගත කළෝය.+
21 මහ ගංගාවේ*+ සිට පිලිස්තිවරුන්ගේ දේශය දක්වාද ඊජිප්තුවේ දේශ සීමාව දක්වාද තිබුණු සියලු රාජ්‍යයන් සලමොන් රජුගේ පාලනය යටතේ තිබිණ. සලමොන් රජුගේ මුළු ජීවිත කාලය පුරාම ඒ ඒ රාජ්‍යයන් ඔහුට කප්පම් ගෙවූ අතර ඔවුහු ඔහුට සේවය කළෝය.+
22 සලමොන් රජුගේ මාලිගාවට දිනකට අවශ්‍ය වූ ආහාර ද්‍රව්‍ය මේවාය. සිහින් පිටි කෝර් මිනුම්*+ තිහක්ද සාමාන්‍ය පිටි කෝර් මිනුම් හැටක්ද අවශ්‍ය විය. 23 තර කළ ගවයන් දසදෙනෙක්ද තණබිමෙන් ගත් ගවයන් විසිදෙනෙක්ද බැටළුවන් සියදෙනෙක්ද මුවන්ද*+ තර කළ කුරුල්ලන්ද කෑමට පිළියෙල කරනු ලැබීය. 24 තිප්සා සිට ගාසා+ දක්වා තිබූ මහා ගඟෙන්+ මෙගොඩ පිහිටි මුළු ප්‍රදේශයම ඔහුගේ අණසක යටතේ තිබිණ. එම ප්‍රදේශවල විසූ සියලු රජවරුද ඔහුට යටත්ව සිටියෝය.+ ඒ මුළු ප්‍රදේශය පුරාම සාමය පැවතිණ.+ 25 යූදා+ සහ ඊශ්‍රායෙල් දේශවල විසූ ජනයා සුරක්ෂිතව කල් ගෙවූහ.+ සලමොන් රජකම් කළ මුළු කාලය පුරාම දාන් සිට බෙයර්-ෂෙබා+ දක්වා වාසය කළ සියලුදෙනා තම තමාගේ මිදිවැල යටද තම තමාගේ අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.+
26 සලමොන් රජුට අසරුවන් දොළොස්දහසක් සිටි අතර ඔහුගේ අශ්ව රථ+ ඇදගෙන ගිය අශ්වයන් සඳහා ගාල් හතළිස්දහසක් තිබිණ.+
27 දිසාපතීහු+ සියලුදෙනාම සලමොන් රජු සඳහාත් ඔහුගේ මේසයෙන් කන සියලුදෙනා සඳහාත් තම තමාට නියමිත මාසයේදී කිසි අඩුපාඩුවක් නැතුව ආහාර සැපයුවෝය. 28 හමුදාවට යොදාගත් අශ්ව කණ්ඩායම්වලට+ හා අනිකුත් අශ්වයන්ට අවශ්‍ය වූ බාර්ලි සහ පිදුරු සැපයීමට වගබලා ගත්තේද එම දිසාපතීන්මය. ඔවුහු එක් එක් කෙනා තම තමන්ට පවරා තිබුණු ප්‍රදේශය සඳහා ඒ ආහාර ද්‍රව්‍ය සැපයුවෝය.+
29 දෙවි, සලමොන් රජුට ප්‍රඥාවත්+ තේරුම්ගැනීමේ හැකියාවත්+ නොඅඩුව දුන්නේය. මුහුදු වෙරළේ වැලිවලට සමාන වූ+ පුළුල් අවබෝධයක්ද*+ දෙවි ඔහුට ලබා දුන්නේය. 30 සලමොන් රජුට තිබූ ප්‍රඥාව පෙරදිග රටවල විසූ සියලු වැසියන්ගේ+ හා ඊජිප්තුවේ විසූ සියලු වැසියන්ගේ+ ප්‍රඥාව අභිභවා ගියේය.+ 31 ඒ කාලයේ ජීවත් වූ සියලු මිනිසුන්ට වඩා ඔහු ප්‍රඥාවන්තයෙකු විය. ඔහු සේරාගෙන් පැවතෙන්නෙකු වූ ඒතන්ටද+ මාහොල්ගේ පුත්‍රයන් වූ හේමාන්ටද+ කල්කොල්ටද+ දර්දාටද වඩා ප්‍රඥාවන්ත විය. ඔහුගේ කීර්තිය සියලු දේශවල පැතිර ගියේය.+ 32 හිතෝපදේශ තුන්දහසක් පැවසීමට ඔහුට හැකියාව තිබිණ.+ ඔහු ගීතිකා+ එක්දහස්පහක් රචනා කළේය. 33 ලෙබනොන්හි වැඩෙන දේවදාර වැනි අතිවිශාල ගස්+ ගැන පමණක් නොව බිත්තිවල වැවෙන හිසොප්+ වැනි කුඩා පැළ ගැනද ඔහු විස්තර කළේය. එමෙන්ම මෘගයන්+ ගැනත් පක්ෂීන්+ ගැනත් කුඩා සතුන්+ ගැනත් මත්ස්‍යයන්+ ගැනත් විස්තර කිරීමේ හැකියාව ඔහුට තිබිණ. 34 සියලු ජාතීන්ට අයත් ජනයා සලමොන් රජුගේ ප්‍රඥාව ගැන දැනගන්නා පිණිස ඔහු වෙත පැමිණියෝය.+ ඔහුගේ ප්‍රඥාව ගැන ආරංචි වී සෑම රටකම සිටි රජවරුද ඔහු වෙතට තම දූතයන් එවූහ.+