හිතෝපදේශ
18 අනිත් අයගෙන් ඈත් වෙලා ඉන්න කෙනා තමන්ගෙම ආත්මාර්ථකාමී ආශාවන් පස්සේ යනවා.
එයා නැණවත් මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවා.*
2 වටහාගැනීමේ හැකියාව දියුණු කරගන්න අඥානයාට කිසිම උවමනාවක් නැහැ.
එයාට ඕනෙ එයාගේ හිතේ තියෙන අදහස් කියකිය යන්නයි.+
4 මිනිසෙක්ගේ වචන ගැඹුරු ජලය වගේ.+
ප්‍රඥාව කියන උල්පතින් නොනවත්වාම දිය උනනවා.
8 බොරු කියලා අපහාස කරන කෙනාගේ වචන කෑදරකමින් ගිලලා දාන රස කෑමක් වගේ.+
ඒක ගිල්ලාට පස්සේ ඇඟට හොඳින් උරාගනියි.+
10 යෙහෝවාගේ නම ශක්තිමත් බලකොටුවක්.+
ධර්මිෂ්ඨයා ඒකට දුවලා ගිහින් ආරක්ෂාව ලබයි.*+
15 කාරණා හොඳින් තේරුම්ගන්න කෙනා දැනුම තවත් වැඩි කරගන්නවා.+
ප්‍රඥාවන්තයාගේ කන දැනුමට යොමු කරලා තියෙනවා.
17 කාරණයකදී මුලින්ම කතා කරන කෙනා හරියි කියලා පෙනෙයි.+
ඒත් තව කෙනෙක් ඇවිත් එයාගෙන් ප්‍රශ්න කරද්දී කාරණයේ අනිත් පැත්ත හෙළි වෙයි.+
19 අමනාපයෙන් ඉන්න සහෝදරයෙක්ව දිනාගන්න එක
බලකොටුවකින් වට වුණ නුවරක් අල්ලගන්නවාට වඩා අමාරුයි.+
සමහර වාදවිවාද හරියට බලකොටුවක සවිමත් දොරගුලු වගේ.+
20 මිනිසෙක්ගේ කටින් පිට වෙන වචන හරියට බඩ පිරෙන්න කන කෑමක් වගේ.+
කටින් පිට වෙන දේට අනුව එයාට ප්‍රතිඵල විඳින්න වෙයි.
21 කෙනෙක්ව මරලා දාන්න හරි ජීවත් කරවන්න හරි දිවට බලය තියෙනවා.+
කතාවට කැමති අයට තමන් කියන දේවල ප්‍රතිඵල විඳින්න වෙනවා.+
23 දුප්පතා දෙයක් ඉල්ලන්නේ බැගෑපත් විදිහටයි.
ඒත් පොහොසතා සැරෙන් උත්තර දෙයි.