ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. දාවිත් රචනා කරපු ගීයක්.
139 යෙහෝවා දෙවියනි, ඔබ මාව සෝදිසි කරලා බලලා මාව හොඳින් හඳුනගත්තා.+
2 මම ඉඳගත්තත් හිටගත්තත් ඔබ ඒක දන්නවා.+
දුර ඈතක හිටියත් මං හිතන දේ ඔබ දන්නවා.+
5 ඔබ හැම පැත්තකම ඉඳන් මාව ආරක්ෂා කරනවා.
ඔබේ අතින් මාව අල්ලගන්නවා.
6 ඔබට මං ගැන තියෙන අවබෝධය හිතාගන්නවත් බැරි තරම්.
මට ඒක තේරුම්ගන්න බැරි තරම් ගැඹුරුයි.+
7 මට ඔබේ බලයෙන් බේරිලා යන්න පුළුවන් තැනක් තියෙනවාද?
ඔබෙන් පලා ගිහින් හැංගිලා ඉන්න පුළුවන් තැනක් තියෙනවාද?+
9 මං අරුණාලෝකයේ පියාපත් මත නැඟලා
සාගරයේ දුර ඈත තැනකට පියාඹලා ගියත්
10 එහෙදීත් ඔබේ අතින් ඔබ මට මඟ පෙන්වයි.
ඔබේ දකුණතින් මාව තදින් අල්ලගනියි.+
11 “අන්ධකාරය මාව වෙළාගනියි” කියලා මං කිව්වොත්
රාත්රිය වුණත් ආලෝකයට හැරෙයි.
12 මොකද අඳුර ඇත්තටම ඔබට අඳුරක් නෙවෙයි.
එතකොට රාත්රිය ඔබට මහ දවාල වගේ පෙනෙයි.+
ඔබට අඳුරත් එළිය වගේ පෙනෙයි.+
14 දෙවියනි, ඔබ මාව හදලා තියෙන්නේ මොන තරම් පුදුමාකාර විදිහටද!+
ඒ ගැන හිතද්දී මගේ හිතේ ඔබ ගැන ඇති වෙන්නේ ලොකු ගරුබියක්.
ඒ නිසා මම මුළු හිතින්ම ඔබට ප්රශංසා කරනවා.
ඔබේ ක්රියා ඇත්තටම පුදුමාකාරයි!+ ඒක මම හොඳින්ම දන්නවා.
15 කාටත් නොපෙනෙන්න මං වැඩෙද්දී,
මව්කුසේ මම ටිකෙන් ටික වැඩෙද්දී*+
මගේ ඇටකටුත් ඔබෙන් සැඟවිලා තිබුණේ නැහැ.
16 මං කලලයක් වෙලා ඉද්දීත් ඔබට මාව පෙනුණා.
ඒකේ හැම අවයවයක්ම හැදෙන්නත් කලින්
ඒ එක එක අවයවය ගැනත් ඒවා හැදෙන අවස්ථාව ගැනත්
ඔබේ පොතේ ලියලා තිබුණා.
17 දෙවියනි, ඔබේ අදහස් මට කොයි තරම් වටිනවාද!+
ඒවා ගණන් කරන්න බැරි තරම්!+
18 මං ඒවා එකින් එක ගණන් කරන්න හැදුවත් ඒවා වැලි කැටවලටත් වඩා වැඩියි!+
උදෑසන අවදි වෙද්දීත් මට ඒවා ගණන් කරලා ඉවර කරන්න බැරි වෙයි.*+
19 අනේ දෙවියනි, ඔබ දුෂ්ටයන්ව විනාශ කරලා දැම්මොත්+
මං වටේ ඉන්න දාමරිකයොත්* නැති වෙලා යයි.
20 ඔවුන් නරක චේතනාවෙන්* ඔබට විරුද්ධව කතා කරනවා.
ඔබට අගෞරවයක් වෙන විදිහට ඔබේ නම පාවිච්චි කරන ඔවුන් ඔබේ සතුරෝ!+
23 අනේ දෙවියනි, මාව සෝදිසි කරලා මගේ හදවතේ තියෙන දේ දැනගන්න.+
මං ගැන හොයලා බලලා මගේ හිතට වධ දෙන සිතුවිලි දැනගන්න.+