19 බොරු කියන මෝඩයෙක් වෙනවාට වඩා+
දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න දුප්පතෙක් වෙන එක හොඳයි.+
2 දැනුම නැතුව ඉන්න එක හොඳ දෙයක් නෙමෙයි.+
හිතන්නේ බලන්නේ නැතුව වැඩ කරන එකත් වරදක්.
3 කෙනෙක්ගේ ජීවිතේ අවුල් වෙන්නේ එයාගෙම මෝඩකම නිසයි.
ඒත් එයා ඒකට දොස් කියන්නේ යෙහෝවාටයි.
4 පොහොසත් අය යාළුවන්ගෙන් වට වෙලා ඉන්නවා.
ඒත් දුප්පතාට ඉන්න යාළුවොත් එයාව අත්හරිනවා.+
5 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් වෙන්නේ නැහැ.+
හැම තිස්සේම බොරු කියන කෙනාට ගැලවීමක් නැහැ.+
6 හැමෝම බලන්නේ හොඳ පිළිගැනීමක් තියෙන කෙනාගේ හිත දිනාගන්නයි.
තෑගිබෝග දෙන කෙනා හැමෝගෙම යාළුවෙක්.
7 දුප්පතාගේ සහෝදරයෝ පවා එයාව හෙළා දකිනවා.+
එහෙනම් එයාගේ යාළුවෝ එයාගෙන් ඈත් වෙන එක පුදුමයක්ද?+
එයා දිගින් දිගටම උදව් ඉල්ලුවත් කවුරුත් එයාට පිහිට වෙන්නේ නැහැ.
8 තමන්ට ආදරේ කරන කෙනා සිහිකල්පනාවෙන් වැඩ කරන්න ඉගෙනගන්නවා.+
වටහාගැනීමේ හැකියාවට ප්රිය කරන කෙනා සාර්ථක වෙනවා.+
9 බොරු සාක්ෂිකරුවෙක් දඬුවමින් නිදහස් වෙන්නේ නැහැ.
හැම තිස්සේම බොරු කියන කෙනාට අත් වෙන්නේ විනාශයයි.+
10 සැපපහසු ජීවිතයක් ගත කරන එක මෝඩයෙක්ට වටින්නේ නැහැ.
එහෙනම් අධිපතීන්ව පාලනය කරන එක, දාසයෙක්ට කොහොමටවත් වටිනවාද?+
11 වටහාගැනීමේ ශක්තිය තියෙන කෙනා ඉක්මනින් කේන්ති ගන්නේ නැහැ.+
වරද අමතක කරලා දාන එක එයාට තියෙන ලස්සන ගුණාංගයක්.+
12 රජෙක්ගේ කේන්තිය සිංහයෙක්ගේ ගර්ජනාව වගේ.+
ඒත් එයාගේ කරුණාව ගස් වැල් මත වැටෙන පිනි වගේ.
13 මෝඩ පුතෙක් නිසා තාත්තා කරදරේ වැටෙයි.+
රණ්ඩුවට බර බිරිඳක් කොයි වෙලෙත් වතුර වැටෙන කැඩිච්ච වහලක් වගේ.+
14 නිවසයි, වස්තුවයි තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන උරුමයක්.
ඒත් බුද්ධිමත් බිරිඳක් ලැබෙන්නේ යෙහෝවාගෙන්.+
15 කම්මැළියා බර නින්දකට වැටෙයි.
ඈලිමෑළි කෙනාට ඉන්න වෙන්නේ බඩගින්නේ.+
16 ආඥාව පිළිපදින්නා ජීවිතේ රැකගනියි.+
තමන් කරන කියන දේවල් ගැන කිසි ගාණක් නැති අයට අත් වෙන්නේ මරණයයි.+
17 දුප්පතාට කාරුණිකව සලකන කෙනා යෙහෝවාට ණයට දෙයි.+
දෙවියන් ඒ ණය ආපහු ගෙවයි.+
18 ඔයාගේ පුතාව හරි මඟට ගන්න හැකියාව තියෙද්දී එයාව හික්මවන්න.+
එයාගේ මරණයට වග කිව යුත්තෙක් වෙන්න එපා.+
19 ඉක්මනින් කේන්ති ගන්න කෙනාට දඬුවම් ලැබෙයි.
එයාව බේරගන්න හැදුවොත් ඒක ඔයාට ආයේ ආයේ කරන්න වෙයි.+
20 උපදෙස්වලට ඇහුම්කන් දීලා හික්මවීම් පිළිගන්න.+
එතකොට ඔයා අනාගතයේදී ප්රඥාවන්තයෙක් වෙයි.+
21 මිනිසෙක් හුඟක් දේවල් සැලසුම් කළත්
අන්තිමට වෙන්නේ යෙහෝවා කැමති දේ.+
22 නොසැලෙන ආදරේ, කෙනෙක්ට තියෙන ලස්සන ගුණාංගයක්.+
බොරුකාරයෙක් වෙනවාට වඩා දුප්පතෙක් වෙන එක හොඳයි.
23 යෙහෝවා ගැන ගරුබිය තියෙන කෙනාට ජීවනය ලැබෙයි.+
එයා සුවෙන් නිදාගනියි. එයාට කිසි අනතුරක් වෙන්නෙත් නැහැ.+
24 කම්මැළියා කෑම බඳුනට අත දැම්මත්
ඒක කටට දාගන්න තරම්වත් උවමනාවක් එයාට නැහැ.+
25 සමච්චල් කරන්නාට පහර දෙන්න.+ අද්දැකීම් අඩු කෙනා ඒක දැකලා බුද්ධිමත් වෙයි.+
දේවල් හොඳින් තේරුම්ගන්න කෙනාට අවවාද කරන්න. ඒකෙන් එයාගේ දැනුම වැඩි වෙයි.+
26 තාත්තාට කුරිරු විදිහට සලකන, අම්මාව එළවලා දාන පුතෙක්
පවුලේ අයට නින්දාවක්. ලැජ්ජාවක්.+
27 මගේ පුතේ, ඔයා හික්මවීම් පිළිගන්න එක අත්හැරියොත්
ඔයා කරන්නේ නැණවත් වදන්වලට පිටු පාන එකයි.
28 කිසි වැඩකට නැති සාක්ෂිකරුවෙක් යුක්තිය සුළු කරනවා.+
නපුරු දේ කරන එක දුෂ්ටයාට රස කෑමක් කනවා වගේ.+
29 සමච්චල් කරන අයට දඬුවම් කරන්නත්+
මෝඩයන්ට පහර දෙන්නත්+ නියම කරලයි තියෙන්නේ.