යොෂුවා
21 ලෙවී ගෝත්‍රයේ පවුල්වල ප්‍රධානීන් පූජක එලියාසර්වයි,+ නූන්ගේ පුතා වන යොෂුවාවයි, අනිත් ගෝත්‍රවලට අයිති පවුල්වල ප්‍රධානීන්වයි හම්බ වෙන්න ගියා. 2 එයාලා කානාන් දේශයේ ෂීලෝ+ නගරයට ගිහින් ඒ අයට මෙහෙම කිව්වා. “යෙහෝවා මෝසෙස්ට කිව්වා අපිට ජීවත් වෙන්න නගරත් අපේ සත්තුන්ට තණබිමුත් දෙන්න කියලා.”+ 3 ඉතින් යෙහෝවා දෙවියන් අණ කරපු විදිහට ඊශ්‍රායෙල්වරු එයාලට ලැබුණ උරුමයෙන් ලෙවීවරුන්ට+ නගර සහ තණබිම් දුන්නා.+
4 දාදු දාලා කෝහාත්වරුන්ට+ ලැබෙන නගර වෙන් කළා. කෝහාත්වරුන්ගේ පවුල් අතරින් පූජක ආරොන්ගෙන් පැවතෙන අයට නගර 13ක් ලැබුණා. එයාලට ඒවා ලැබුණේ යූදා,+ සිමියොන්+ සහ බෙන්ජමින්+ ගෝත්‍රවලට අයිති නගරවලින්.
5 දාදු දාලා කෝහාත්වරුන්ගේ ඉතුරු පවුල්වලටත් නගර දහයක් බෙදලා දුන්නා. එයාලට ඒවා ලැබුණේ එෆ්‍රායිම් ගෝත්‍රයට,+ දාන් ගෝත්‍රයට සහ මනස්සේ ගෝත්‍රයෙන් එක් කොටසකට+ අයිති නගරවලින්.
6 ඊටපස්සේ දාදු දාලා ගේර්ෂොන්වරුන්ට+ නගර 13ක් බෙදලා දුන්නා. එයාලට ඒවා ලැබුණේ ඉසකාර්, ආෂෙර් සහ නෆ්තලී ගෝත්‍රවලටත් බාෂාන්වල හිටපු මනස්සේ ගෝත්‍රයේ අයටත් අයිති නගරවලින්.+
7 රූබෙන්, ගාද් සහ සෙබ්‍යූලන් ගෝත්‍රවලට+ අයිති නගරවලින් නගර 12ක් මෙරාරීවරුන්ට+ බෙදලා දුන්නා.
8 යෙහෝවා දෙවියන් මෝසෙස්ට අණ කරපු විදිහට ඊශ්‍රායෙල්වරු දාදු දාලා ඒ නගර සහ ඒවා අවට තියෙන තණබිම් ලෙවීවරුන්ට දුන්නා.+
9 යූදා සහ සිමියොන් ගෝත්‍රවල අය ලෙවීවරුන්ට දීපු නගරවල නම් පහත සඳහන් වෙනවා.+ 10 දාදු දාද්දී මුලින්ම තේරුණේ කෝහාත්වරුන්ගේ පවුල් අතරින් පූජක ආරොන්ගෙන් පැවතෙන අයවයි. ඒ නිසා ඒ නගර දුන්නේ එයාලට. 11 යූදාවල කඳුකර ප්‍රදේශයේ තියෙන කිර්යත්අර්බා+ නගරය සහ ඒ අවට තණබිම් එයාලට ලැබුණා. කිර්යත්අර්බා හෙබ්‍රොන්+ විදිහටත් හඳුන්වනවා. (අර්බා කියන්නේ අනාක්වරුන්ගේ තාත්තා.) 12 ඒත් ඒ නගරයට අයිති කෙත්වතු සහ ගම්මාන යෙෆුන්නෙගේ පුතා වන කාලෙබ්ට උරුමයක් විදිහට දුන්නා.+
13 පූජක ආරොන්ගෙන් පැවතෙන අයට හෙබ්‍රොන්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. හෙබ්‍රොන් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම ලිබ්නා,+ 14 යත්තීර්,+ එෂ්තෙමෝවා+ සහ ඒ නගර අවට තියෙන තණබිම්, 15 හෝලොන්,+ දෙබීර්+ සහ ඒ නගර අවට තියෙන තණබිම්, 16 ආයින්,+ යුත්තා,+ බෙත්ෂෙමෙෂ් සහ ඒ නගර අවට තියෙන තණබිම් දුන්නෙත් එයාලට. ඒ නගර නවය එයාලට දුන්නේ යූදා සහ සිමියොන් ගෝත්‍රවලට අයිති නගරවලින්.
17 එයාලට බෙන්ජමින් ගෝත්‍රයෙන් ගිබියොන්,+ ගෙබා,+ 18 අනාතොත්+ සහ අල්මොන් කියන නගර හතරත් ඒ අවට තියෙන තණබිමුත් ලැබුණා.
19 පූජකයන් වුණ ආරොන්ගෙන් පැවතෙන අයට නගර 13ක් සහ ඒවාට අයිති තණබිම් ලැබුණා.+
20 ලෙවී ගෝත්‍රයට අයිති කෝහාත්වරුන්ගේ ඉතුරු පවුල්වලට එෆ්‍රායිම් ගෝත්‍රයට අයිති නගරවලින් කීපයක් දාදු දාලා බෙදලා දුන්නා. 21 එෆ්‍රායිම්ට අයිති කඳුකර ප්‍රදේශයේ තියෙන ෂීකෙම්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් එයාලට ලැබුණා. ෂීකෙම් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම ගෙෂෙර්,+ 22 කිබ්ෂයිම්, බෙත්හෝරොන්+ කියන නගර සහ ඒ නගර අවට තියෙන තණබිම් අයිති වුණෙත් එයාලට. එෆ්‍රායිම් ගෝත්‍රයෙන් එයාලට නගර හතරක් ලැබුණා.
23 දාන් ගෝත්‍රයට අයිති නගරවලින් එල්තෙකේ, ගිබ්බෙතොන්, 24 ආයාලොන්+ සහ ගාත්රිම්මොන් කියන නගර හතර සහ ඒවා අවට තියෙන තණබිම් එයාලට ලැබුණා.
25 මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකට අයිති නගරවලින් තයනක්+ සහ ගාත්රිම්මොන් කියන නගර දෙක සහ ඒවා අවට තියෙන තණබිම් එයාලට ලැබුණා.
26 කෝහාත්වරුන්ගේ ඉතුරු පවුල්වලට නගර දහයක් සහ ඒවා අවට තියෙන තණබිම් ලැබුණා.
27 ලෙවී ගෝත්‍රයට අයිති ගේර්ෂොන්වරුන්ට+ මනස්සේ ගෝත්‍රයෙන් එක කොටසකට අයිති නගරවලින් නගර දෙකක් ලැබුණා. එයාලට බාෂාන්වල තියෙන ගෝලාන්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. ගෝලාන් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්. බෙයෙෂ්තෙරා නගරය සහ ඒ අවට තියෙන තණබිම් අයිති වුණෙත් එයාලට.
28 ඉසකාර්+ ගෝත්‍රයට අයිති නගරවලින් කිෂියොන්, දාබෙරත්,+ 29 යාමුත් සහ ඒන්ගන්නිම් කියන නගර හතර සහ ඒවා අවට තියෙන තණබිම් එයාලට ලැබුණා.
30 ආෂෙර්+ ගෝත්‍රයට අයිති නගරවලින් මිෂාල්, අබ්දොන්, 31 හෙල්කාත්+ සහ රෙහොබ්+ කියන නගර හතර සහ ඒවා අවට තියෙන තණබිම් එයාලට ලැබුණා.
32 නෆ්තලී ගෝත්‍රයට අයිති නගරවලින් නගර තුනක් එයාලට ලැබුණා. එයාලට ගලීලයේ තියෙන කෙදෙෂ්+ නගරය සහ ඒ අවට තියෙන තණබිම් ලැබුණා. කෙදෙෂ් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්.+ ඒ වගේම හම්මොත්දෝර් සහ කර්තාන් කියන නගර සහ ඒවා අවට තියෙන තණබිම් ලැබුණෙත් එයාලට.
33 ගේර්ෂොන්වරුන්ට නගර 13ක් සහ ඒවා අවට තියෙන තණබිම් ලැබුණා.
34 ලෙවී ගෝත්‍රයේ ඉතුරු අය වන මෙරාරීවරුන්ට+ සෙබ්‍යූලන්+ ගෝත්‍රයට අයිති නගරවලින් යොක්නෙයාම්,+ කර්තා, 35 දිම්නා සහ නහලාල්+ කියන නගර හතර සහ ඒවා අවට තියෙන තණබිම් ලැබුණා.
36 රූබෙන් ගෝත්‍රයට අයිති නගරවලින් බෙෂෙර්,+ යහෂ්,+ 37 කෙදෙමොත් සහ මෙෆයත් කියන නගර හතර සහ ඒවා අවට තියෙන තණබිම් එයාලට ලැබුණා.
38 ගාද්+ ගෝත්‍රයට අයිති නගරවලින් ගිලියද්වල+ තියෙන රාමොත් නගරය සහ ඒ අවට තණබිම් එයාලට ලැබුණා. රාමොත් කියන්නේ මිනී මැරුමකට චෝදනා ලබපු අයට ආරක්ෂාව ලබා දෙන නගරයක්. ඒ වගේම මහනායිම්,+ 39 හෙෂ්බොන්+ සහ යාසෙර්+ කියන නගර සහ ඒවා අවට තියෙන තණබිම් අයිති වුණෙත් එයාලට. රූබෙන් ගෝත්‍රයෙන් එයාලට නගර හතරක් ලැබුණා.
40 ලෙවී ගෝත්‍රයට අයිති මෙරාරීවරුන්ට නගර 12ක් ලැබුණා.
41 ඊශ්‍රායෙල්වරු එයාලට උරුම වුණ නගරවලින් නගර 48ක් සහ ඒවා අවට තියෙන තණබිම් ලෙවීවරුන්ට ලබා දුන්නා.+ 42 එයාලට ලැබුණ ඒ හැම නගරයක් වටේටම තණබිම් තිබුණා.
43 යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ගේ මුතුන්මිත්තන්ට දිවුරලා පොරොන්දු වුණ විදිහටම+ ඊශ්‍රායෙල්වරුන්ට ඒ දේශය උරුම කරලා දුන්නා. එයාලා ඒ දේශය යටත් කරගෙන ඒකේ පදිංචි වුණා.+ 44 යෙහෝවා එයාලාගේ මුතුන්මිත්තන්ට පොරොන්දු වුණ විදිහටම සතුරන්ගෙන් කිසි කරදරයක් නැතුව සාමකාමීව ජීවත් වෙන්න ඊශ්‍රායෙල්වරුන්ට අවස්ථාව දුන්නා.+ ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව නැඟී ඉන්න එයාලාගේ එක සතුරෙක්ටවත් බැරි වුණා.+ යෙහෝවා දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට එයාලාගේ සතුරන් හැමෝවම යටත් කරලා දුන්නා.+ 45 යෙහෝවා ඊශ්‍රායෙල්වරුන්ට දුන්න එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ. ඔහු ඒ හැම එකක්ම ඒ විදිහටම ඉටු කළා.+