යෙසායා
60 “ස්ත්‍රිය,+ නැඟිටින්න! ආලෝකය විහිදුවන්න! මොකද ඔබට ආලෝකය උදා වෙලා.
යෙහෝවා දෙවියන්ගේ තේජස ඔබ මත බැබළෙනවා.+
2 මොකද පොළොව අන්ධකාරයෙන් වැහිලා යයි.
ගන අඳුර ජාතීන්ව වෙළාගනියි.
ඒත් ඔබ මත යෙහෝවා ඔහුගේ ආලෝකය බබළවයි.
ඔහුගේ තේජස ඔබෙන් දකින්න පුළුවන් වෙයි.
4 ඔබේ ඇස් ඇරලා වටපිට බලන්න!
ඔවුන් හැමෝවම එකට රැස් කරලා. ඔවුන් එන්නේ ඔබ ළඟටයි.
5 ඒ කාලේදී මේක දැකලා ඔබේ මුහුණ සතුටින් බැබළෙයි.+
ඔබේ සිත සතුටින් පිරිලා ඉතිරිලා යයි.
මොකද මුහුදේ සම්පත් ඔබ වෙතට ගලාගෙන එයි.
ජාතීන්ගේ වස්තු ඔබ ළඟට ගෙන එයි.+
ෂෙබාවලින් විශාල පිරිසක් එයි.
රත්තරන් සහ කට්ටකුමංජල් අරගෙන ඔවුන් එයි.
ඔවුන් ප්‍රසිද්ධියේ යෙහෝවාට ප්‍රශංසා කරයි.+
7 කේදාර්වරුන්ගේ+ හැම සත්ව රැළක්ම එකට එකතු කරලා ඔබ වෙතට අරන් එයි.
නෙබායොත්වරුන්ගේ+ බැටළුවන්ව ඔබ ළඟට ගෙනෙයි.
8 වලාකුළු වගේ එන මේ අය කවුද?
කූඩුවලට පියාඹන කොබෙයියන් වගේ එන මේ අය කවුද?
9 දූපත් මං ගැන බලාපොරොත්තු තියයි.+
තර්ෂිෂ් නැව් ඉදිරියෙන්ම එයි.
ඒවා දුර ඈත ඉන්න ඔබේ පුතුන්ව රැගෙන එනවා.+
ඔවුන්ගේ රන් සහ රිදීත් රැගෙන එනවා.
ඔවුන් එන්නේ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා සහ ඔබේ දෙවි වන යෙහෝවාගේ නාමයට ප්‍රශංසා කරන්නයි.
10 විදේශිකයන් ඔබේ පවුරු ගොඩනඟයි.
ඔවුන්ගේ රජවරු ඔබට සේවය කරයි.+
මොකද මම කේන්තියෙන් ඔබට පහර දුන්නා.
ඒත් මම ඔබ ගැන සතුටු වෙන නිසා ඔබට දයාව පෙන්නනවා.+
11 ඔබේ දොරටු නිතරම විවෘත කරලා තියෙයි.+
රෑ දවල් දෙකේම ඒවා වහන්නේ නැතුව තියෙයි.
එහෙම කරන්නේ ජාතීන්ගේ වටින වස්තු ඔබ වෙතට රැගෙන එන්නයි.
ඔවුන්ගේ රජවරු ඒ වෙනුවෙන් පෙරමුණ ගනියි.+
13 ලෙබනොන්වල අලංකාර ගස් ඔබ වෙතට ගෙනෙයි.+
මගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන්න
ජුනිපර්, ඈෂ් සහ සයිප්‍රස් ගස් ඔබ වෙතට ගෙනෙයි.+
මගේ පා පුටුව මම ගෞරවයට පත් කරනවා.+
14 ඔබට පීඩා කරපු අයගේ දරුවෝ ඔබ ළඟට ඇවිත් ඔබ ඉදිරියේ දණ නමයි.
ඔබට අගෞරව කරන අය ඔබේ පාමුල වැටෙයි.
ඔවුන්ට සිද්ධ වෙයි ඔබව යෙහෝවාගේ නුවර කියලත්
ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තාට අයිති සියොන්+ කියලත් හඳුන්වන්න.
15 ඔබව අත්හැරලා දැම්මා. ඔබ වෛරයට ලක් වුණා. මිනිස්සු ඔබ හරහා යන එන එක නතර කළා.+
ඒ වුණත් මම ඔබව හැමදාටම මිනිස්සුන්ගේ ප්‍රශංසාව ලබන තැනක් කරනවා.
පරම්පරාවෙන් පරම්පරාවට මිනිස්සුන්ගේ සතුටට හේතු වෙන තැනක් කරනවා.+
16 ඔබ ජාතීන්ගේ කිරි උරා බොයි.+
යෙහෝවා වන මම ඔබේ ගැලවුම්කරු කියලා එදාට ඔබ අනිවාර්යයෙන්ම දැනගනියි.
යාකොබ්ගේ බලවත් තැනැත්තා ඔබේ මිදුම්කරු කියලා ඔබ දැනගනියි.+
17 මම තඹ වෙනුවට රත්තරනුත්
යකඩ වෙනුවට රිදීත්
ලී වෙනුවට තඹත්
ගල් වෙනුවට යකඩත් ගේනවා.
මම සමාදානය, ඔබව රැකබලා ගන්න අය විදිහටත්
ධර්මිෂ්ඨකම, වැඩ පවරන අය විදිහටත් පත් කරනවා.+
18 ඔබේ දේශයේදී ප්රචණ්ඩ දේවල් ගැන ආයේ අහන්න ලැබෙන්නේ නැහැ.
ඔබේ දේශ සීමා ඇතුළේ විනාශයක් ගැනවත් විපත්තියක් ගැනවත් අහන්න ලැබෙන්නේ නැහැ.+
ඔබේ පවුරු ගැලවීම කියලත්+ ඔබේ දොරටු ප්‍රශංසාව කියලත් හඳුන්වයි.
19 දවාලේදී ඔබට තවදුරටත් ආලෝකය ලැබෙන්නේ හිරුගෙන් නෙමෙයි.
රාත්රියේදී ඔබට එළිය ලැබෙන්නේ බැබළෙන සඳුගෙන් නෙමෙයි.
යෙහෝවා සදහටම ඔබට ආලෝකයක් වෙයි.+
ඔබේ දෙවියන් ඔබේ අලංකාරය වෙයි.+
20 ඔබේ හිරු ආයේ බැස යන්නේ නැහැ.
ඔබේ සඳුගේ ආලෝකය නැති වෙන්නේ නැහැ.
යෙහෝවා සදහටම ඔබේ ආලෝකය වෙයි.+
ඔබ වැලපෙන දවස් අවසන් වෙලා තියෙයි.+
21 ඔබේ සෙනඟ හැමෝම ධර්මිෂ්ඨ අය වෙයි.
ඔවුන් දේශය සදහටම උරුම කරගනියි.
22 කුඩා තැනැත්තා දහසක් වෙයි.
දුර්වල තැනැත්තා බලවත් ජාතියක් වෙයි.
යෙහෝවා වන මම නියම කාලෙට මේ හැම දෙයක්ම වේගයෙන් සිද්ධ වෙන්න සලස්වනවා.”