යෙසායා
“බය වෙන්න එපා. මොකද මම ඔබව මුදවගෙනයි තියෙන්නේ.+
මම ඔබේ නමින් ඔබට අඬගැහුවා.
ඔබ අයිති මටයි.
ඔබ ගිනි ජාලා මැදින් ගමන් කරද්දීත් ඒ ගින්නට පිච්චෙන්නේ නැහැ.
ගිනිදලුවලින් ඔබට කිසිම හානියක් වෙන්නේ නැහැ.
3 මොකද මම ඔබේ දෙවි වන යෙහෝවායි.
ඔබේ ගැලවුම්කරු වන ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තායි.
මම ඔබව ගලවගන්න වන්දියක් විදිහට ඊජිප්තුව දුන්නා.
ඔබ වෙනුවට ඉතියෝපියාව සහ සෙබාව දුන්නා.
ඒ නිසයි ඔබ වෙනුවට වෙන දේශවල වැසියන්ව දීලා මම ඔබව ගලවගන්නේ.
ඔබ වෙනුවට වෙන ජාතීන්ව දීලා ඔබේ ජීවිතය බේරගන්නේ.
5 බය වෙන්න එපා. මොකද මම ඔබ එක්ක ඉන්නවා.+
මම ඔබේ දරුවන්ව නැඟෙනහිර දිශාවේ ඉඳන් අරගෙන එනවා.
ඔවුන්ව බස්නාහිර දිශාවෙන් එකතු කරගෙන එනවා.+
6 මම උතුරට කියනවා ‘ඔවුන්ව නිදහස් කරන්න’+ කියලා.
දකුණට මෙහෙම කියනවා. ‘ඔවුන්ට යන්න දෙන්න.
ඈත ඉන්න මගේ පුතුන්ව එක්කගෙන එන්න. පොළොව කෙළවරේ ඉන්න මගේ දියණියන්ව අරන් එන්න.+
මට ගෞරවයක් ගේන්න මම හදපු,
මම බිහි කරපු ඒ හැමෝවම අරගෙන එන්න.’+
ඒ වගේ දේවල් වෙයි කියලා කියන්න ඔවුන් අතරේ ඉන්න කාට හරි* පුළුවන් වුණාද?
එහෙම නැත්නම් ඊළඟට මොනවාද වෙන්නේ කියලා ඔවුන්ට කියන්න පුළුවන්ද?+
සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කරලා ඔවුන් නිවැරදියි කියලා ඔප්පු කරන්න කියන්න.
එහෙම නැත්නම් ඒ සාක්ෂිවලට සවන් දෙන්න තවත් අයට ඉඩ දෙන්න. ‘ඒක තමයි ඇත්ත’ කියලා ඔවුන්වත් කියයිද?”+
10 යෙහෝවා මෙහෙම කියනවා. “මගේ සාක්ෂිකරුවන් ඔබයි.+
මම තෝරගත්ත මගේ සේවකයා ඔබයි.+
එහෙම කළේ මාව දැන හඳුන ගෙන මං ගැන විශ්වාසය තියන්න* ඔබට පුළුවන් වෙන්නයි.
මම කිසිදා වෙනස් වෙන්නේ නැහැ+ කියලා තේරුම්ගන්න ඔබට උදව් කරන්නයි.
මට කලින් කිසි දෙවි කෙනෙක් හිටියේ නැහැ.
මට පසුව වෙන කිසිම දෙවි කෙනෙක් ආවෙත් නැහැ.+
11 මම, ඔව් මම තමයි යෙහෝවා.+ මං හැර වෙන කිසිම මිදුම්කරුවෙක් නැහැ.”+
12 “වෙන්න යන දේ ගැන දැන්නුවේ මමයි. ඔබව බේරගත්තෙත් ඒ ගැන හෙළි කළෙත් මමයි.
මම එහෙම කළේ ඔබ අතරේ වෙන කිසිම දෙවි කෙනෙක් හිටියේ නැති කාලෙක.+
ඒ නිසා මගේ සාක්ෂිකරුවන් ඔබයි. මම තමයි දෙවියන්”+ කියලා යෙහෝවා කියනවා.
මම පියවර ගද්දී ඒකට හරස් වෙන්න පුළුවන් කාටද?”+
14 ඔබේ මිදුම්කරු+ සහ ඊශ්‍රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැත්තා+ වන යෙහෝවා මෙහෙම කියනවා.
“මම ඔබ වෙනුවෙන් හමුදාවක් බැබිලෝනියට යවලා ඔවුන්ගේ දොරටුවල අගුලු කඩලා දානවා.+
කල්දිවරු තමන්ගේ නැව්වල ඉඳන් විලාප නඟයි.+
15 මම යෙහෝවා. ඔබේ ශුද්ධ තැනැත්තාත්+ ඊශ්‍රායෙල්වරුන්ගේ නිර්මාතෘත්+ ඔබේ රජත්+ මමයි.”
16 මුහුද මැදින් මාර්ගයකුත්
සැඩ පහරවල් හරහා මාර්ගයකුත්+ හදපු තැනැත්තා වන යෙහෝවා මෙහෙම කියනවා.
17 යුධ රථ සහ අශ්වයන් පිටතට ගෙනාව,+
රණශූරයන් එක්ක මුළු සේනාවම පිටතට ගෙනාව තැනැත්තා මෙහෙම කියනවා.
“ඔවුන් වැටිලා යනවා. ආයේ කවදාවත් නැඟිටින්නේ නැහැ.+
පහන් තිරයක් නිවලා දානවා වගේ ඔවුන්වත් නැති කරලා දානවා.”
18 “අතීතයේ වුණ දේවල් සිහි කරන්න එපා.
දැන් ඒ දේවල් ගැන හිතහිත ඉන්න එපා.
ඔබට ඒක තේරුම්ගන්න බැරිද?
20 වනසත්තු මට ගෞරව කරයි.
හිවලුන් සහ පැස්බරුන් පවා මට ගෞරව කරයි.
මොකද මම පාළුකරයේදී වතුර ලබා දෙනවා.
කාන්තාරයේදී ගංගාවන් ගලා බහින්න සලස්වනවා.+
එහෙම කරන්නේ මගේ සෙනඟගේ, මම තෝරගත්ත තැනැත්තාගේ+ පිපාසය නිවන්නයි.
21 ඔවුන් මටම කියලා වෙන් කරගන්න මම බිහි කරපු සෙනඟයි.
මම ඔවුන්ව බිහි කළේ මට ප්‍රශංසා කරන්න ඔවුන්ට පුළුවන් වෙන්නයි.+
23 ඔබ දවන පූජා විදිහට බැටළුවන්ව මං ඉස්සරහට ගෙනාවේ නැහැ.
ඔබේ පූජාවලින් මාව ගෞරවයට පත් කළෙත් නැහැ.
මට තෑග්ගක් ගේන්න කියලා මම ඔබට බල කළේවත්
කට්ටකුමංජල්+ ගේන්න කියලා ඔබට කරදර කළේවත් නැහැ.
24 ඔබේ සල්ලිවලින් ඔබ මට පූජා කරන්න සුවඳ පැළෑටි මිල දීලා ගත්තෙවත්
ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැහැ.+
ඔබේ වැරදි දැන් මට ලොකු බරක්.
ඒවා නිසා දැන් මට වෙහෙසයි.+
25 ඔබේ වැරදි* මකලා දාන්නේ+ මමයි. මම එහෙම කරන්නේ මගේ නම වෙනුවෙනුයි.+
ඔබ කරපු වැරදි මම ආයේ මතක් කරන්නේ නැහැ.+
26 එන්න, අපි දෙගොල්ලොම අපේ නඩුව ඉදිරිපත් කරමු.
ඔබ නිර්දෝෂයි කියලා කියන්න තියෙන කරුණු කියන්න. ඒවා මට අමතක වෙලා නම් මතක් කරලා දෙන්න.