හිතෝපදේශ
2 මාගේ පුත්‍රය, මාගේ වචන පිළිගෙන+ මාගේ ආඥා නිධානයක් මෙන් රැකගන්න.+ 2 ප්‍රඥාවට ඔබේ සවන් යොමු කර+ වටහාගැනීමේ හැකියාව දියුණු කරගැනීමට අදිටන් කරගන්න.+ 3 අවබෝධය ලබා දෙන මෙන් හඬ නඟා අයැදින්න.+ වටහාගැනීමේ හැකියාවද නිරතුරුවම ඉල්ලන්න.+ 4 රිදී සොයන්නාක් මෙන්ද+ සැඟවුණු නිධාන සොයන්නාක් මෙන්ද දිගටම ඒ දේවල් සොයන්න.+ 5 එසේ කරනවා නම් ඔබ යෙහෝවා දෙවිට ගරුබිය දැක්වීමට ඉගෙනගෙන+ දෙවිව දැන හඳුනා ගනු ඇත.+ 6 මන්ද ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි.+ දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය.+ 7 ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට දෙන පිණිස දෙවි තම වස්තු ගබඩාවේ ප්‍රඥාව* සුරැකිව තබාගන්නේය.+ විශ්වාසවන්තව කටයුතු කරන අයට ඔහු පලිහක් මෙන් වන්නේය.+ 8 දෙවි යුක්තියේ මාවත් රක්ෂා කරන්නේය.+ ඔහු තමන්ට පක්ෂපාතව සිටින අයගේ ගමන් මඟ සුරකින්නේය.+ 9 ඔබ එලෙස හැසිරෙන්නේ නම් යහපත් ජීවිතයක් ගත කිරීමට ඇතුළත් වන සියල්ල එනම්, ධර්මිෂ්ඨකම, යුක්තිය සහ අවංකකම ගැන ඔබට හොඳ අවබෝධයක් ලැබෙනු ඇත.+
10 ඔබ ප්‍රඥාව සිතට ගෙන+ දැනුමෙන් ප්‍රීතියක් ලබන්නේ නම්+ 11 සිතීමේ හැකියාව ඔබව සුරකිනු ඇත.+ වටහාගැනීමේ හැකියාවද ඔබට ආරක්ෂාවක් වනු ඇත.+ 12 එවිට සියලු දුෂ්ට මාර්ගවලින්ද+ වංචනික දේ කතා කරන තැනැත්තාගෙන්ද ඔබ ගැලවෙනු ඇත.+ 13 අඳුරු මාවත්වල+ ගමන් කරන පිණිස ධර්මිෂ්ඨ මාවත් අත්හැර යන අයට ඔබ හසු වන්නේද නැත. 14 දුෂ්ටකම් කිරීමෙන් ප්‍රීතියක් ලබන අයගෙන්ද+ පහත් දේවලින් සතුටක් ලබන අයගෙන්ද+ 15 වංක මාවත්වල ගමන් කරන අයගෙන්ද වංචනික ලෙස හැසිරෙන අයගෙන්ද ඔබ ආරක්ෂා වනු ඇත.+ 16 මිහිරි බස් පවසන+ දුරාචාරයේ යෙදෙන* ස්ත්‍රියගෙන්ද ඔබ ආරක්ෂා වන්නහුය.+ 17 තරුණ කාලයේදී විවාහ කරගත් තම පුරුෂයාට* ද්‍රෝහි වෙමින්+ දෙවිට වූ ගිවිසුම කඩ කරන්නාවූ+ ස්ත්‍රියට ඔබ හසු නොවන්නහුය. 18 ඇගේ නිවස බැස යන්නේ මිනී වළටයි. ඇය පියමං කරන්නේ මිය ගිය අය වෙතටයි.+ 19 ඇය සමඟ අනාචාරයේ යෙදෙන කිසිවෙකුට ආපසු හැරී ඒමට නුපුළුවන. ජීවතුන්ගේ මාවත් යළි සොයාගැනීමට ඔවුන්ට නොහැකි වනු ඇත.+
20 ඔබට මේ උපදෙස් දී තිබෙන්නේ යහපතුන්ගේ අඩිපාරේ ඇවිදීමට+ හා ධර්මිෂ්ඨයන්ගේ මාවත්වල ගමන් කිරීමට ඔබට උපකාර කිරීමටයි.+ 21 මන්ද ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අය දිගු කල් ජීවත් වන්නෝය.+ පොළොව මත බේරී ජීවත් වන්නේ නිර්දෝෂ අයයි.+ 22 නමුත් දුෂ්ටයන්ව පොළොවෙන් තුරන් කරනු ලබන්නේය.+ ද්‍රෝහිකම් කරන්නන්වද පොළොවෙන් උදුරා දමනු ලබන්නේය.+