රෝම
12 එහෙයින් සහෝදරයෙනි, දෙවි අපට මෙතරම් දයානුකම්පාවක් පෙන්වා ඇති නිසා මා ඔබෙන් යටහත්ව ඉල්ලා සිටින්නේ මෙයයි. එනම් ඔබේ ශරීර+ ජීවමාන,+ ශුද්ධ+ මෙන්ම දෙවිට පිළිගත හැකි+ පූජාවක් ලෙස+ ඔප්පු කරන්න කියායි. ඔබ එසේ කළොත් බුද්ධිමත් ලෙස+ දෙවිට පරිශුද්ධ සේවයක් පිරිනමන්න+ ඔබට හැකි වනු ඇත. 2 තවදුරටත් අප ජීවත් වන මේ සමාජයේ රැල්ලට අනුව හැඩගැසීමෙන් වළකින්න.+ ඒ වෙනුවට ඔබේ පෞද්ගලිකත්වය මුළුමනින්ම වෙනස් කරගෙන අලුත් ආකාරයකින් සිතීමට පුරුදු වන්න.+ එසේ කිරීමෙන් දෙවිගේ යහපත් වූ ප්‍රසන්න වූ සම්පූර්ණ කැමැත්ත+ කුමක්ද කියා හොඳින් වටහාගැනීමට ඔබට හැකි වනු ඇත.+
3 දෙවිගේ මහත් කරුණාව අද්දකින මා, ඔබ සියලුදෙනාටම කියන්නේ තමන් ගැන වුවමනාවට වඩා නොසිතන්න+ කියාය. ඒ වෙනුවට සාධාරණව සිතීමට පුරුදු වන්න. එලෙසම හොඳ සිහිකල්පනාවෙන් කටයුතු කරන්න.+ දෙවි ඔබ එකිනෙකා තුළ ඇති කර තිබෙන+ විශ්වාසයට+ එකඟව එසේ කිරීමට වගබලා ගන්න. 4 උදාහරණයකට එකම ශරීරයේ අවයව බොහොමයක් තිබුණත්+ ඒ අවයව සියල්ලෙන් එකම කාර්යයක් සිදු වන්නේ නැත. 5 අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු.+ එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.+ 6 ඒ අනුව අපට විවිධාකාර දීමනා ලබා දී ඇත.+ ඒ ඔහුගේ මහත් කරුණාව නිසාය.+ එහෙයින් අපට අනාවැකි කීමේ හැකියාව ලබා දී ඇත්නම් අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට එකඟව අපි දිගටම අනාවැකි කියමු. 7 අපට සේවයක් පිරිනැමීමේ ප්‍රස්තාව ලැබී ඇත්නම් ඒ සේවය දිගටම ඉටු කරමු.+ එසේ නැතහොත් කෙනෙක් උගන්වනවා නම්+ ඔහු දිගටම තම ඉගැන්වීමේ කාර්යයෙහි නිරත විය යුතුයි.+ 8 කෙනෙක් උපදෙස් හා අවවාද ලබා දෙනවා නම් ඔහු දිගටම එලෙස කළ යුතුයි.+ අනුන්ට අවශ්‍ය දේ ලබා දෙන තැනැත්තා එය ත්‍යාගශීලීව කළ යුතුයි.+ අන් අය අතර පෙරමුණ ගන්නා තැනැත්තා+ තම වගකීම කඩිසරව ඉටු කළ යුතුයි. එලෙසම අනුන්ට දයාව පෙන්වන තැනැත්තා+ එය සතුටින් කළ යුතුයි.
9 ඔබට තිබිය යුත්තේ සැබෑ ප්‍රේමයකි.+ එය පෙන්විය යුත්තේ කුහකකමින් තොරවය.+ දුෂ්ට දේවල් පිළිකුල් කරන්න.+ අත් නෑර යහපත් දේවලට ඇලුම් වන්න.+ 10 ඔබේ සහෝදර ප්‍රේමයට+ සාක්ෂියක් ලෙස එකිනෙකාට ගැඹුරු ස්නේහය පෙන්වන්න. එකිනෙකාට ගෞරවය පෙන්වීමේදී+ පෙරමුණ ගන්න. 11 දෙවිගේ බලය ලබා උද්යෝගිමත් වන්න.+ කම්මැළි නොවී+ යෙහෝවා දෙවි වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න.+ 12 ඔබට තිබෙන බලාපොරොත්තුව ගැන ප්‍රීති වන්න.+ පීඩා පැමිණෙන විට විඳදරාගන්න.+ නොකඩවාම යාච්ඤා කරන්න.+ 13 ශුද්ධ තැනැත්තන්ගේ අවශ්‍යතා තේරුම්ගෙන ඔවුන් සමඟ ඒ අවශ්‍ය දේවල් බෙදා හදා ගන්න.+ නිතරම ආගන්තුක සත්කාරය පෙන්වීමට පුරුදු වන්න.+ 14 ඔබට පීඩා කරන්නන්ට නොකඩවාම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න.+ ඔවුන්ට ශාප නොකර+ දිගටම දෙවිගේ ආශීර්වාද ඉල්ලන්න.+ 15 ප්‍රීති වන අයත් සමඟ ප්‍රීති වන්න.+ හඬන අයත් සමඟ හඬන්න. 16 තමන් ගැන සිතන ආකාරයටම අනුන් ගැනත් සිතන්න.+ උඩඟු ලෙස නොසිතා+ නිහතමානීව ජීවත් වන්න.+ ඔබ ඉතා ඥානවන්තයි කියා නොසිතන්න.+
17 කාටවත් නපුරට නපුර නොකරන්න.+ සියලුදෙනාම යහපත්යයි සලකන දේවල්ම කරන්න. 18 මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.+ 19 හිතවත් සහෝදරයෙනි, පළිගැනීමෙන් වළකින්න.+ ඒ වෙනුවට දෙවිට සෑම දෙයක්ම භාර දී ඔහුට තම උදහස ප්‍රකාශ කිරීමට ඉඩ දෙන්න.+ මන්ද ලියවිලිවල සඳහන් ආකාරයට, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. දඬුවම් කරන්නේ මමය කියා යෙහෝවා දෙවි පවසන්නේය.”+ 20 එහෙයින්, “ඔබේ සතුරා බඩගින්නෙන් සිටී නම් ඔහුට කන්න දෙන්න. ඔහු පිපාසයෙන් සිටිනවා නම් ඔහුට බොන්න යමක් දෙන්න.+ යකඩ* මත ගිනි අඟුරු ගොඩගසනවා හා සමානව ඔහුගේ දැඩි සිත මොළොක් කිරීමට ඔබට හැක.”+ 21 නපුරු දේවලට ඔබව පරාජය කරන්න ඉඩ නොදෙන්න. දිගටම යහපතින් නපුරු දේවල් පරාජය කරන්න.+