1 රාජාවලිය
9 සලමොන් රජ, යෙහෝවා දෙවිගේ ගෘහයත් රජමාලිගාවත්+ සාදා නිම කළේය.+ ඉන්පසු ගොඩනැඟීමට ආශාවෙන් සිටි අනිකුත් ගොඩනැඟිලිද ඔහු සාදා නිම කළේය.+ 2 ඒ සියල්ල නිම කළ පසු යෙහෝවා දෙවි ගිබියොන්හිදී සලමොන් රජුට කතා කළ ලෙසම නැවත වරක් ඔහුට කතා කළේය.+ 3 යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “ඔබ කළ යාච්ඤාවට මම සවන් දුනිමි.+ ඔබට කරුණාව පෙන්වන්න කියා ඔබ මගෙන් කළ ඉල්ලීමත් මට ඇසිණ. ඔබ ගොඩනැඟූ මෙම ගෘහය මම තේජසට පත් කළෙමි.+ මන්ද මේ ගෘහය සදහටම මාගේ නාමය දරන්නේය.+ මම මේ ගෘහය රැකබලා ගන්නෙමි. කිසිදා එය අමතක නොකරන්නෙමි.+ 4 ඔබත් ඔබේ පියා වූ දාවිත්+ මෙන් මුළු හදවතින්ම+ මා ඔබට අණ කළ සෑම දෙයකටම එකඟව+ ජීවත් වෙමින්+ මාගේ අණපනත් රක්ෂා කරන්න.+ මාගේ තීන්දුවලට+ කීකරු වන්න. ඔබ එසේ කරමින් මා ඉදිරියේ නිර්දෝෂ ජීවිතයක් ගත කළොත්+ 5 මම ඔබේ රාජකීය පෙළපත ස්ථිර කරන්නෙමි. ඊශ්‍රායෙල් කෙරෙහි ඔබේ රාජ්‍යය සදාකාලයටම පවතිනු ඇත. ‘ඊශ්‍රායෙල්හි රජකම කවදාවත් ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට පත් නොවන්නේය’ කියා ඔබේ පියා වූ දාවිත්ට පොරොන්දු වූ දේ මම එලෙසම ඉටු කරන්නෙමි.+ 6 නමුත් ඔබත් ඔබේ පුත්‍රයනුත් මා ඔබට දුන් ආඥා සහ පනත් කඩ කර මාව අත්හැර ගොස්+ වෙනත් දෙවිවරුන්+ ඉදිරියේ වැඳ වැටී නමස්කාර කළොත් 7 මම ඊශ්‍රායෙල් ජාතියට දුන් දේශයෙන් ඔවුන්ව පන්නා දමන්නෙමි.+ මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා ගොඩනැඟූ මේ ගෘහයද මම අත්හරින්නෙමි.+ එවිට ඊශ්‍රායෙල් ජනයා අනිවාර්යයෙන්ම වෙනත් ජාතීන්ගේ නින්දා*+ අපහාසවලට ලක් වනු ඇත. 8 මේ ගෘහයද නටබුන් ගොඩක් වන්නේය.+ එය පසු කර යන සියල්ලෝ පුදුමයෙන් ඒ දෙස බලා+ උසුළුවිසුළු කරමින්, ‘මේ දේශයටත් මේ ගෘහයටත් යෙහෝවා දෙවි මෙවැනි දෙයක් කළේ ඇයි’+ කියා විමසනු ඇත. 9 එවිට, ‘ඊශ්‍රායෙල් සෙනඟ තම මුතුන්මිත්තන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනා තම දෙවි වන යෙහෝවාව අත්හැර+ වෙනත් දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටී+ නමස්කාර කළ නිසයි යෙහෝවා දෙවි මේ සියලු විපත්ති ඔවුන් පිට ගෙනැවිත් තිබෙන්නේ’ කියා ඔවුහු කියන්නෝය.”+
10 සලමොන් රජුට යෙහෝවා දෙවිගේ ගෘහය+ සහ රජමාලිගාව+ ගොඩනැඟීමට අවුරුදු විස්සක් ගත විය. 11 පසුව සලමොන් රජ තීර්හි රජු වූ හීරාම්ට ගලීල දේශයේ+ පිහිටි නුවරවල් විස්සක් දුන්නේය. (හීරාම් රජ,+ සලමොන් රජුට+ අවශ්‍ය පමණින් දේවදාර ලීද ජුනිපර් ලීද රන්ද සපයා තිබිණ.)+ 12 සලමොන් රජු තමාට දුන් නුවරවල් දැක බලා ගැනීමට හීරාම් රජ තීර් සිට පිටත්ව ආවේය. එහෙත් ඔහු ඒ නුවරවල් ගැන සෑහීමට පත් වූයේ නැත.+ 13 එබැවින් ඔහු මෙසේ කීවේය. “මගේ සහෝදරයා, ඔබ මට නුවරවල් කියා මොනවද මේ දුන්නේ?” ඔහු එලෙස පැවසූ නිසා ඒ නුවරවල් කාබුල් දේශය* කියා අද දක්වා හැඳින්වේ.
14 හීරාම් රජ රන් තලෙන්ත* එකසිය විස්සක් සලමොන් රජුට එව්වේය.+
15 යෙහෝවා දෙවිගේ ගෘහයද+ තමාගේ මාලිගාවද නුවරේ සීමාද*+ යෙරුසලමේ පවුරද+ හාෂොර්,+ මෙගිද්දෝ+ සහ ගෙෂෙර්+ යන නුවරවල්ද ගොඩනැඟීම සඳහා සලමොන් රජ කම්කරුවන්ව බඳවාගත්තේය.+ 16 (ඊජිප්තුවේ රජු වූ පාරාවෝ, ගෙෂෙර් නුවර අල්ලාගෙන එය ගිනිබත් කර, එහි වාසය කළ කානානිවරුන්ව+ ඝාතනය කර තිබිණ. ඉන්පසු ඔහු ඒ නුවර සලමොන්ගේ බිරිඳ වූ තම දියණියට+ ඇගේ විවාහ දිනයේදී තෑග්ගක් ලෙස දී තිබිණ.) 17 සලමොන් රජ, ගෙෂෙර් සහ පහළ බෙත්-හෝරොන්+ නම් නුවරවල් නැවත ගොඩනැඟුවේය. 18 ඔහු බාලාත්+ සහ ඒ දේශයේ තිබූ පාළුකරයේ පිහිටි තාමර් නම් නුවරද 19 තමන් අයිති කරගත් සියලුම ගබඩා නුවරවල්ද+ අශ්ව රථ නවතා තැබීමට නුවරවල්ද+ අසරුවන් පදිංචි කිරීම සඳහා නුවරවල්ද ගොඩනැඟුවේය. සලමොන් රජ, යෙරුසලමෙහිත් ලෙබනොන්හිත් තමාගේ පාලනය යටතේ තිබූ සියලු දේශයන්වලත් තමන් කැමති සියලු දේ ගොඩනැඟුවේය.+ 20 ඊශ්‍රායෙල් ජාතිකයන් නොවූ+ අමෝරිවරුන්,+ හිත්තීවරුන්,+ පෙරිස්සිවරුන්,+ හිවීයවරුන්+ සහ යෙබූසිවරුන්+ යන ජාතිකයන්ගෙන් ඉතුරු වූ අයව 21 එනම්, ඊශ්‍රායෙල්වරුන් දේශය අත් පත් කරගන්නා විට නොමරා ඉතුරු කළ අයගේ+ පුත්‍රයන්ව සලමොන් රජ මෙහෙකාරකමට ගත්තේය. අද දක්වාම ඔවුහු මෙහෙකාරකම් කරති.+ 22 නමුත් සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ගෙන් කිසිවෙකුව මෙහෙකාරකමට නොගත්තේය.+ ඔවුහු යුධ භටයන් ලෙසද ඔහුගේ සේවකයන් හා නිලධාරීන් ලෙසද අධිපතීන් ලෙසද ඔහුගේ අශ්ව රථ පදවන්නන්ගේ සහ අසරුවන්ගේ ප්‍රධානීන් ලෙසද සේවය කළෝය.+ 23 සලමොන් රජ තම කම්කරුවන්ගේ වැඩ අධීක්ෂණය කිරීමට ප්‍රධාන නිලධාරීන්+ පන්සිය පනස්දෙනෙකුව පත් කර තිබිණ.
24 දාවිත්ගේ නුවරේ+ පදිංචි වී සිටි පාරාවෝගේ දියණිය,+ සලමොන් රජු ඇය වෙනුවෙන් සෑදූ මාලිගාවට ගොස් පදිංචි වූවාය. සලමොන් රජ නුවරේ සීමාවල*+ ඉදි කිරීම් කටයුතු ඇරඹුවේ ඉන්පසුවය.
25 සලමොන් රජ ගෘහය සාදා නිම කළේය.+ ඔහු යෙහෝවා දෙවි උදෙසා ගොඩනැඟූ පූජාසනය මත අවුරුද්දකට තුන් වතාවක්+ දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළේය.+ යෙහෝවා දෙවි ඉදිරියේ තිබූ එම පූජාසනය+ මත ප්‍රසන්න සුවඳක් ගෙනෙන පූජා ඔප්පු කරන ලදි.
26 සලමොන් රජ, එෂියොන්-ගෙබෙර්හිදී නැව් ගණනාවක්ම සෑදුවේය. එෂියොන්-ගෙබෙර්+ පිහිටා තිබෙන්නේ ඒදොම් දේශයේ රතු මුහුදු වෙරළෙහි+ පිහිටි ඒලොත්+ අසලය. 27 හීරාම් රජ, සලමොන් රජුගේ සේවකයන්+ සමඟ මුහුද ගැන මනා දැනුමක් ඇති නාවිකයන් කිහිපදෙනෙකුව ඒ නැව්වල පිටත් කර හැරියේය. 28 ඔවුහු නිතරම ඕෆීර් නම් ස්ථානයට+ ගමන් කර එතැනින් රන් තලෙන්ත+ හාරසිය විස්සක් සලමොන් රජු වෙතට ගෙනාවෝය.