යෙසායා
3 සැබෑ ස්වාමීන්ද+ ස්වර්ගයේ සේනාවල අධිපතිද වන යෙහෝවා දෙවි, යෙරුසලමේ සහ යූදා දේශයේ වැසියන්ගේ පැවැත්මට අවශ්‍ය වූ සියල්ලද ඔවුන් විශ්වාසය තැබූ සියල්ලද ඉවත් කරන්නේය.+ ඔවුන්ට ආහාර පාන නොලැබෙන්නේය.+ 2 ඔවුන්ගේ බලවන්තයන්ව, යුධ දක්ෂයන්ව, විනිශ්චයකරුවන්ව, අනාගතවක්තෘවරුන්ව,+ මන්තර ගුරුකම් කරන අයව හා වැඩිමහල්ලන්වද දෙවි නැති කර දමන්නේය.+ 3 හමුදාවේ නිලධාරීන්වද*+ උත්තමයන්වද උපදේශකවරුන්වද මායාකරුවන්වද දක්ෂ මතුරන්නන්වද+ දෙවි දේශයෙන් ඉවත් කරන්නේය. 4 දෙවි දරුවන්ව පාලකයන් ලෙස පත් කරන්නේය. හිතුමතේට පාලනය කරන අය බලයට පත් වෙති.+ 5 ජනයා එකිනෙකාට පීඩා කරන්නෝය. එක් එක් කෙනා තම තමාගේ අසල්වැසියාට කුරිරුකම් කරන්නෝය.+ දරුවෝ වැඩිහිටියන්ට විරුද්ධවත්+ සාමාන්‍ය මිනිස්සු ගරු කළ යුතු අයට විරුද්ධවත් නැඟී සිට ඔවුන්ට අපහාස කරති.+ 6 ඒ කාලයේදී එක් එක් කෙනා තම තමාගේ පවුලේ කෙනෙකුට කතා කර මෙසේ කියනු ඇත. “ඔබට අඳින්න එක වස්ත්‍රයක්වත් තියෙන නිසා ඔබ අපේ නායකයා+ වෙන්න. අසරණ තත්වයකට වැටී සිටින මේ සෙනඟව රැකබලා ගන්න.” 7 එහෙත් එදිනම ඔහු ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ කියයි. “මාව නායකයෙක් ලෙස පත් කරන්න එපා. මගේ පවුලේ අයට කන්නවත් අඳින්නවත් නැතුව මම කොහොමද වෙනත් අයගේ ගැටලු විසඳන්නේ?”
8 යෙරුසලමේ සහ යූදාහි වැසියන් තමන් කරන කියන සෑම දෙයකින්ම යෙහෝවා දෙවිව අසතුටට පත් කර ඇත.+ ඔවුහු තේජාන්විත තැනැත්තාණන්ට විරුද්ධව කැරලිගැසූහ.+ ඔවුන්ගේ වැටීමට හේතුව එයයි.+ 9 ඔවුන්ගේ මුහුණ බැලූ පමණින්ම ඔවුන්ගේ දුෂ්ටකම පෙනෙයි. ඔවුහු එළිපිටම වැරදි කරන්නෝය.+ ඔවුන්ගේ පාප සොදොම්හි ජනයාගේ පාප තරම් දරුණුය.+ ඔවුන්ට විඳින්න සිදු වන්නේ මොන තරම් දුකක්ද! ඔවුන්ගේ විනාශයට වග කිව යුත්තේ ඔවුන්මය.+
10 ධර්මිෂ්ඨයන්ට හොඳ අනාගතයක් ඇත.+ මන්ද ඔවුහු තමුන්ගේ යහපත් හැසිරීමට අනුව ප්‍රතිඵල ලබන්නෝය.+ 11 නමුත් දුෂ්ටයාට උරුම වන්නේ දුක පමණි. ඔහු කළ නපුරුකම්වලට අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න සිදු වෙයි.+ 12 “මගේ සෙනඟගෙන් වැඩ ගන්නා අය ඔවුන්ට දරුණු ලෙස සලකති. දේශයේ පාලනය දැන් ස්ත්රීන්ගේ අතට පත් වී ඇත.+ මගේ ජනයෙනි, ඔබට මඟ පෙන්වන්නෝ ඔබව මංමුළා කරති.+ ඔබ යා යුතු මඟ ඔබට නොපෙනී ගොස් ඇත්තේ ඒ නිසාය.”+
13 යෙහෝවා දෙවි විනිශ්චය කිරීමට පැමිණ දඬුවම නියම කරන්නේය.+ 14 යෙහෝවා දෙවි තම සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ටද පාලකයන්ටද විරුද්ධව තීන්දුව ප්‍රකාශ කරන්නේ මෙලෙසය.+
“ඔබ මිදිවත්ත දවා දැමුවහුය. ඔබ අසරණයන්ගෙන් සොරාගත් දේ ඔබේ ගෙවල්වලට ගෙන ගියහුය.+ 15 ඔබ මගේ සෙනඟට මෙතරම් පීඩා කරන්නේ මන්ද? ඇඹරුම් ගලේ දමා අඹරන්නාක් මෙන් අසරණයන්ට හිරිහැර කරන්නේ මන්ද?”+ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපති හා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
16 යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. “සියොන්හි දියණියන්ගේ අහංකාරකම මොන තරම්ද! අහක බලාගෙන ආඩම්බර ලීලාවෙන් ගමන් කරන ඔවුන් ඇස් කරකවමින් ඒ මේ අත පැද්දෙමින් යන්නේ පාද සළංවල හඬ නඟමිනි.+ 17 යෙහෝවා දෙවි වන මම සියොන්හි දියණියන්ගේ හිස පුරාම තුවාල හටගන්න සලස්වන්නෙමි.+ යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ හිස මුඩු කරන්නෙමි.+ 18 ඒ දවසේදී යෙහෝවා දෙවි වන මම ඔවුන්ගේ අලංකාරය පහ කර දමන්නෙමි. ඔවුන්ගේ වළලුද නළල්පටිද අඩසඳ හැඩයෙන් යුත් ආභරණද+ මම ඉවත් කරන්නෙමි. 19 ඔවුන්ගේ කරාබුද වළලුද මුහුණු වැස්මද+ 20 හිස්වැස්මද පාද සළංද ළයවැස්මද+ සුවඳ විලවුන් දැමූ බඳුන්ද සුරද මම ඉවතට ගන්නෙමි.+ 21 ඔවුන්ගේ මුදුද නාස් ආභරණද+ 22 උත්සව ඇඳුම්ද පිට වස්ත්‍රද පොරෝනාද පසුම්බිද 23 අත් කැඩපත්ද+ ඇතුල් වස්ත්‍රද හිස්පළඳනාද+ සළුද+ මම ඉවත් කරන්නෙමි.
24 “බෝල්සම් තෛලයේ+ සුවඳ වෙනුවට පුස් ගඳක් නික්මෙන්නේය. ඉඟපටිය වෙනුවට ලණුවක්ද කොණ්ඩා මෝස්තර වෙනුවට මුඩු හිසක්ද+ වටිනා වස්ත්‍ර වෙනුවට ගෝණි රෙදිද+ රූපශ්‍රීය වෙනුවට ලැජ්ජාවද*+ ඔවුන්ට හිමි වෙයි. 25 ඒ නගරයේ පුරුෂයෝ කඩුවෙන් මැරුම් කන්නෝය. බලවන්තයෝ යුධ පිටියේදී වැටෙන්නෝය.+ 26 සියොන් නුවර බිම හිඳගෙන+ වැලපෙන ස්ත්‍රියක මෙනි. ඇය පාළුවට ගොස් ඇත. ඇගේ දොරටු අසල ඇසෙන්නේ විලාප හඬ පමණි.”+