යෙරෙමියා
23 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ තණබිමේ සිටි බැටළුවන්ට පහර දී උන්ව විසුරුවාහරින එඬේරුන් අද්දකින විපත මොන තරම්ද!”+
2 ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා ඔහුගේ සෙනඟව බලාගැනීමට පත් කර ඇති අයට විරුද්ධව පවසන්නේ මෙයයි. “ඔබ මාගේ බැටළුවන්ව සීසීකඩ විසුරුවාහැර තිබේ. ඔබ ඔවුන්ව රැකබලා ගන්නවා වෙනුවට ඔවුන්ව අතරමං කර ඇත.”+
“එබැවින් ඔබේ නපුරු ක්‍රියාවලට මම ඔබට දඬුවම් කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+ 4 ඔවුන්ව හොඳින් රැකබලා ගැනීමට මම එඬේරුන්ව පත් කරන්නෙමි.+ ඔවුහු තවදුරටත් බිය වන්නේවත් තැතිගන්නේවත් නැත.+ ඔවුන්ගෙන් කිසිවෙක් මංමුළා වන්නේද නැත” කියා යෙහෝවා දෙවි පවසන්නේය.
5 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “මම දාවිත්ගේ පෙළපතින් ධර්මිෂ්ඨ තැනැත්තෙකු* බිහි වීමට සලස්වන්නෙමි.+ ඔහු නුවණැතිව රජකම් කරනු ඇත.+ යුක්තිය ඉටු කරමින් ධර්මිෂ්ඨ ලෙස පාලනය කරනු ඇත.+ 6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.”
7 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මතු දවස්වලදී ඊශ්‍රායෙල් සෙනඟ ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරන විට මම ඊජිප්තු දේශයෙන් සෙනඟව පිටතට ගෙනා ආකාරය සිහි නොකරනු ඇත.+ 8 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. ඔවුහු තමන්ගේම දේශයේ වාසය කරනු ඇත.”+
9 අනාගතවක්තෘවරුන් නිසා මගේ සිතට මහත් වේදනාවක් දැනෙන්නේය. මගේ ඇටකටු පවා වෙවුලන්නේය. යෙහෝවා දෙවිගෙන් ලැබුණු ශුද්ධ පණිවිඩ නිසා මම වයින්වලින් මත් වූ මිනිසෙකු මෙන් සිටිමි.+ 10 අනාචාරයේ යෙදෙන්නන්ගෙන්+ දේශය පිරී තිබේ.+ ශාපය නිසා මුළු දේශයම හඬා වැලපෙන්නේය.+ තණබිම් සියල්ල වියළී ගොස් ඇත.+ සෙනඟ හැසිරෙන්නේ ඉතා දුෂ්ට ලෙසය. ඔවුන් තම බලය පාවිච්චි කරන්නේ වැරදි ආකාරයටය.
11 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “අනාගතවක්තෘවරු හා පූජකයෝ දූෂිත දේවල් කරති.+ මාගේ ගෘහයේ සිටම ඔවුන් කරන නපුරුකම් මා දැක තිබේ.+ 12 එබැවින් ලිස්සනසුලු,+ අඳුරු මාර්ගවල ගමන් කිරීමට ඔවුන්ට සිදු වන්නේය. එවැනි මාර්ග වෙතට ඔවුන්ව පන්නා දමනු ඇත. එහිදී ඔවුහු නිසැකවම ලිස්සා වැටෙන්නෝය.”+
“ඔවුන්ගේ නපුරුකම්වලට දඬුවම් දෙන කාලයේදී මම ඔවුන් පිටට විපත්ති ගෙනෙන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය. 13 “සමාරියේ අනාගතවක්තෘවරු+ පිළිකුල්සහගත ලෙස හැසිරෙන්නෝය. ඔවුහු බාල් දෙවියාට සේවය කරමින් ඔහුගේ නාමයෙන් අනාවැකි කියන්නෝය.+ ඔවුහු මාගේ සෙනඟ වන ඊශ්රායෙල්වරුන්වද මුළා කරති.+ 14 යෙරුසලමේ අනාගතවක්තෘවරු ඊටත් වඩා වැඩියෙන් පිළිකුල්සහගත ලෙස ක්‍රියා කරන්නෝය.+ අනාචාරයේ යෙදෙන ඔවුහු+ බොරු දේවල් උගන්වති.+ දුෂ්ටයන් තමන්ගේ වැරදි මාර්ගවලින් ඉවත්ව නොයන ලෙස අනාගතවක්තෘවරු ඔවුන්ගේ වැරදි ක්‍රියාවලට තව තවත් රුකුල් දෙති.+ මට ඔවුන් සෑම කෙනෙකුම සොදොම්හි වැසියන් මෙනි.+ යෙරුසලමේ වැසියන් මට ගොමෝරාවේ වැසියන් මෙනි.”+
15 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි අනාගතවක්තෘවරුන් ගැන මෙසේ පවසන්නේය. “යෙරුසලමේ සිටින අනාගතවක්තෘවරුන් දෙවිට විරුද්ධව කරන කැරලිගැසීම+ දේශය පුරාම පැතිර ගොස් ඇත. එබැවින් මම අනාගතවක්තෘවරුන්ට තිත්ත දේ කන්න දෙමි. බීමට විෂ මිශ්‍ර වතුර දෙමි.”+
16 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තවදුරටත් ඔවුන් ගැන පවසන්නේ මෙයයි. “ඔබට අනාවැකි පවසන ඒ අනාගතවක්තෘවරුන්ට ඇහුම්කන් නොදෙන්න.+ ඔවුන් ඔබව පොලඹවන්නේ නිෂ්ඵල දේ කිරීමටය.+ ඔවුන් ප්‍රකාශ කරන්නේ ඔවුන්ගේම සිතේ තිබෙන දේ+ මිස යෙහෝවා දෙවි වන මාගේ පණිවිඩ නොවේ.+ 17 මට අගෞරව කරන අයට ඔවුහු නැවත නැවතත් මෙසේ පවසති. ‘“ඔබට සාමයෙන් ජීවත් වීමට හැකි වෙනවා”+ කියා යෙහෝවා දෙවි පැවසුවා.’ එමෙන්ම ඔවුහු, ‘ඔබ පිටට කිසි විපත්තියක් පැමිණෙන්නේ නැහැ’+ කියා මුරණ්ඩු ලෙස හැසිරෙන සියලුදෙනාට පවසති.+ 18 යෙහෝවා දෙවි වන මාගේ වදන් අසා එය තේරුම්ගත හැකි,+ මට සමීප කිසිවෙක් සිටීද?+ මාගේ වදන්වලට උනන්දුවෙන් සවන් දෙන කවුරුන් හෝ සිටීද?+ 19 දුෂ්ටයන්ට සිදු වන දේ දෙස බලන්න! යෙහෝවා දෙවි වන මාගේ උදහස දරුණු සුළිසුළඟක් මෙන්+ ඔවුන් වෙතට හමා එනු ඇත.+ 20 යෙහෝවා දෙවි වන මා අරමුණු කළ දේ සම්පූර්ණයෙන්ම ඉටු වන තුරු+ මාගේ උදහස පහව නොයයි.+ අවසාන කාලයේදී ඔබ එය හොඳින් තේරුම්ගනු ඇත.+
21 “අනාවැකි පැවසීමට මම අනාගතවක්තෘවරුන්ව යැව්වේ නැත. නමුත් ඔවුහු ගියෝය. මම ඔවුන්ට කිසිවක් පැවසුවේ නැත. නමුත් ඔවුහු අනාවැකි පැවසුවෝය.+ 22 ඔවුන්ට මා සමඟ කිට්ටු මිත්‍රත්වයක් තිබුණා නම්+ මාගේ වදන් සෙනඟට පවසා, සෙනඟ ගිය වැරදි මාර්ගවලින් ඔවුන්ව ඉවත් කරගැනීමට ඔවුන්ට හැකි වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දුෂ්ට ක්‍රියා අත්හැර ඔවුන්ව යහමඟට ගැනීමටද ඔවුන්ට හැකි වනු ඇත.”+
23 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මා දකින්නේ මා ආසන්නයේ සිදු වන දේවල් පමණක් නොවේ. බොහෝ දුර ඈත සිදු වන දේවල් පවා දැකීමට මට හැකියාව තිබේ.”+
24 “කිසි මිනිසෙකුට මාගෙන් සැඟවී සිටිය හැකිද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය.
යෙහෝවා දෙවි මෙසේද අසන්නේය. “මාගේ අවධානයට හසු නොවන කිසිම දෙයක් ස්වර්ගයේවත් පොළොවේවත් තිබේද?”+ 25 “බොරු අනාගතවක්තෘවරුන්, ‘අපි සිහිනයක් දුටුවා! අපි සිහිනයක් දුටුවා’+ කියා මාගේ නාමයෙන් කියන බොරු අනාවැකි මට ඇසිණ.+ 26 තමන්ගේ වංචනික සිතුවිලිවලට අනුව බොරු අනාවැකි ප්‍රකාශ කරන මේ අනාගතවක්තෘවරුන් තව කොපමණ කාලයක් මෙසේ ක්‍රියා කරයිද?+ 27 මාගේ සෙනඟගේ මුතුන්මිත්තන් බාල්ට නමස්කාර කළ නිසා ඔවුන්ට මාගේ නාමය අමතක වුණාක් මෙන්+ මේ අනාගතවක්තෘවරුන්ද උත්සාහ කරන්නේ තමන් දුටු සිහින ගැන මාගේ සෙනඟට පවසා මාගේ නාමය ඔවුන්ට අමතක කරවීමටය.+ 28 සිහින දකින අනාගතවක්තෘවරු ඔවුන් දුටු දේවල් පවසනු ලබත්වා! නමුත් මාගේ පණිවිඩ ලැබූ තැනැත්තා එය විශ්වාසවන්තව ප්‍රකාශ කරනු ලැබේවා!”+
යෙහෝවා දෙවි මෙසේ අසන්නේය. “පිදුරු ධාන්‍යවලට සමාන කළ හැකිද?”+
29 “මාගේ පණිවිඩය ගින්නකට සමාන නොවේද?+ පර්වත කුඩු කරන කුළු ගෙඩියකට සමාන නොවේද”+ කියා යෙහෝවා දෙවි අසන්නේය.
30 යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මාගේ වදන් එකිනෙකාගෙන් සොරාගන්නා+ අනාගතවක්තෘවරුන්ට විරුද්ධව මම ක්‍රියා කරමි.”+
31 “‘මට දෙවිගෙන් පණිවිඩයක් ලැබුණා’+ යයි පවසමින් තමන්ගේම අදහස් ප්‍රකාශ කරන අනාගතවක්තෘවරුන්ට විරුද්ධව මම ක්‍රියා කරමි” කියා යෙහෝවා දෙවි පවසන්නේය.
32 “තමන් දුටු බොරු සිහින අනාවැකි ලෙස ප්‍රකාශ කරන්නන්ට විරුද්ධව මම ක්‍රියා කරමි. මන්ද ඔවුහු ඒ බොරු සිහින ගැන පවසමින්,+ පුරසාරම් දොඩමින්+ මාගේ සෙනඟව මුළා කරන්නෝය” කියා යෙහෝවා දෙවි පවසන්නේය.
“අනාවැකි ප්‍රකාශ කිරීමට මම ඔවුන්ව එව්වේවත් එසේ කරන ලෙස මම ඔවුන්ට අණ කළේවත් නැත. ඒ නිසා ඔවුන් පවසන දේවලින් මේ සෙනඟට කිසිම ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැත”+ කියාද යෙහෝවා දෙවි පවසන්නේය.
33 “‘යෙහෝවා දෙවිගේ පණිවිඩය අපට මහත් බරක්’+ කියා මේ සෙනඟ හෝ අනාගතවක්තෘවරයෙකු හෝ පූජකයෙකු හෝ ඔබට පවසන විට ඔබ ඔවුන්ට මෙසේ කියන්න. ‘“ජනයෙනි, ඔබ මට මහත් බරක්!+ එබැවින් මම ඔබව අත්හැර දමන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.’ 34 සෙනඟගෙන් යම් කෙනෙකු හෝ අනාගතවක්තෘවරයෙකු හෝ පූජකයෙකු හෝ, ‘යෙහෝවා දෙවිගේ පණිවිඩය මහත් බරක්’ කියා පැවසුවොත් මම ඒ තැනැත්තාටත් ඔහුගේ ගෙයි වැසියන්ටත් දඬුවම් කරන්නෙමි.+ 35 සෙනඟ තම සහෝදරයාගෙන්ද මිතුරාගෙන්ද ඇසිය යුත්තේ මෙයයි. ‘යෙහෝවා දෙවි අපට දුන් පිළිතුර කුමක්ද? යෙහෝවා දෙවි පවසා තිබෙන්නේ කුමක්ද?’+ 36 නමුත් ජනයෙනි, යෙහෝවා දෙවිගේ පණිවිඩය මහත් බරක්+ කියා තවදුරටත් නොකියන්න.+ ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි ජීවමාන දෙවිද වන යෙහෝවාගේ පණිවිඩ වෙනස් කර+ ඔබ ඔබේම අදහස් ප්‍රකාශ කරන නිසයි දෙවිගේ පණිවිඩ ඔබට මහත් බරක් වී තිබෙන්නේ.+
37 “ඔබ ගොස් අනාගතවක්තෘවරුන්ගෙන් මෙසේ අසන්න. ‘යෙහෝවා දෙවි ඔබට දුන් පිළිතුර කුමක්ද? යෙහෝවා දෙවි පැවසුවේ කුමක්ද?+ 38 “යෙහෝවා දෙවිගේ පණිවිඩය මහත් බරක්” කියා ඔබ දිගින් දිගටම පවසන්නේ නම් යෙහෝවා දෙවි ඔබට මෙසේ පවසන්නේය. “‘යෙහෝවා දෙවිගේ පණිවිඩය මහත් බරක්’ කියා නොකියන ලෙස මම නිතර නිතර ඔබට දැන්වුවත් ඔබ, ‘යෙහෝවා දෙවිගේ පණිවිඩය මහත් බරක්’ කියා දිගින් දිගටම පවසන නිසා 39 මම ඔබව අමතක කර දමන්නෙමි.+ ඔබව සම්පූර්ණයෙන්ම අත්හරින්නෙමි. ඔබට හා ඔබේ මුතුන්මිත්තන්ට දුන් නගරයත් අත්හැර දමන්නෙමි.+ 40 සදාකාලයටම ඔබට නින්දාවත් ලැජ්ජාවත් අත්විඳීමට සලස්වන්නෙමි. ඔබට සිදු වන දේ කිසිදා අමතක නොවනු ඇත.”’”+