යෙසායා
32 ඒ කාලයේදී, ධර්මිෂ්ඨකමින්+ පාලනය කිරීමට රජෙකුවද+ යුක්තිය ඉටු කිරීමට පාලකයන්වද+ පත් කරනු ලබයි. 2 ඒ සෑම කෙනෙක්ම සුළඟින් මුවා වීමට ස්ථානයක් මෙන්ද කුණාටුවෙන් සැඟවීමට රක්ෂස්ථානයක් මෙන්ද වන්නෝය.+ ඔවුහු වියළි දේශයක ගලා බසින දිය පහරවල් මෙන්ද+ කාන්තාර ප්‍රදේශයක මහා පර්වතයකින් ලැබෙන සෙවණක් මෙන්ද+ වන්නෝය.
3 ඒ කාලයේදී ඇස් පෙනෙන අයගේ පෙනීම දුර්වල නොවෙයි. කන් ඇසෙන අය හොඳ අවධානයකින් සවන් දෙනු ඇත.+ 4 ඉක්මන් වී කටයුතු කරන තැනැත්තා පවා අවබෝධයෙන් යුතුව ක්‍රියා කරයි.+ ගොතගසන අය පැහැදිලිව හා චතුර ලෙස කතා කරති.+ 5 දුෂ්ටයාව තවදුරටත් ත්‍යාගශීලී කෙනෙකු ලෙස ගණන් ගනු නොලබයි. නීච ලෙස හැසිරෙන තැනැත්තාව තවත් උසස් කරනු නොලබයි.+ 6 දුෂ්ටයා කතා කරන්නේ දුෂ්ට දේමය.+ ඔහු තම සිතින් නපුරු දේ කුමන්ත්‍රණය කරයි.+ ඔහු යෙහෝවා දෙවිට ද්‍රෝහිව කටයුතු කර+ දෙවි ගැන නින්දාසහගත දේ කතා කරන්නේය. ඔහු කුසගින්නෙන් පෙළෙන අයට කෑමවත් පිපාසයෙන් සිටින අයට දිය බිඳක්වත් නොදෙන්නේය.+ 7 නින්දිතව හැසිරෙන තැනැත්තා මොන යම් ක්‍රමයකින් හෝ තම අරමුණු ඉටු කරගනියි.+ ඔහු නපුරු දේ කිරීමට අනුන්වද පොලඹවයි.+ ඔහු පීඩාවට පත් වූ තැනැත්තාට හානියක් කිරීමේ අදහසින් බොරු කියයි.+ සාධාරණ පැමිණිල්ලක් කරන දුප්පතාගේ අයිතිවාසිකම් පවා පැහැරගනියි.
8 ත්‍යාගශීලී තැනැත්තා ත්‍යාගශීලී වීමට අන් අයවත් දිරිගන්වයි. ඔහු නොමසුරුව අන්‍යයන් සමඟ දේවල් බෙදාගනියි.+
9 “සැප පහසු ජීවිතයක් ගත කරන කාන්තාවෙනි, මා කියන දේට හොඳින් සවන් දෙන්න.+ වගකීමකින් තොරව කටයුතු කරන තරුණියෙනි, මට ඇහුම්කන් දෙන්න. 10 තව අවුරුද්දකින් පමණ ඔබට ඉතා කටුක ජීවිතයක් ගත කරන්න සිදු වෙයි.+ මිදි අස්වැන්න නෙළන කාලය අවසන් වුවත් මිදිගෙඩියක්වත් ඔබට නොලැබෙයි.+ 11 සැප පහසු ජීවිත ගත කරන කාන්තාවෙනි, භයෙන් වෙවුලන්න! වගකීමකින් තොරව කටයුතු කරන තරුණියෙනි, ශෝක වන්න! ඔබ ඇඳගෙන සිටින වස්ත්‍ර ඉවතලා ගෝණි රෙදි ඇඳගන්න.+ 12 සාරවත්ව තිබුණු කෙත්වතු+ දෙසත් මිදිවැල් දෙසත් බලා පපුවට ගසාගෙන වැලපෙන්න.+ 13 මාගේ සෙනඟගේ ප්‍රීතිමත් නුවර දැන් පාළුවට ගිය ස්ථානයකි. ඔවුන්ගේ ඉඩම් පුරාම කටු පඳුරු හටගෙන තිබේ.+ ඔවුන් විනෝදයෙන් කල් ගෙවූ ගෙවල් පවා කටුවැල්වලින් වැසී ගොස් ඇත.+ 14 ඔවුන්ගේ බලකොටුව අත්හැර ගොස්+ ඇති අතර ජනාකීර්ණ නුවර පවා නිහඬව පවතියි. ඕෆෙල්+ නම් ප්‍රදේශයත් මුරකොටුවත් සදහටම පාළුවට ගොස් ඇත. ඒ ස්ථානවල සීබ්රාවුන්, ගවයන් හා බැටළුවන් වැනි සත්තු නිදැල්ලේ ගැවසෙති. 15 එහෙත් දෙවි නැවතත් තම බලය ලබා දෙමින් අපට ආශීර්වාද කරන්නේය.+ එවිට පාළුවට ගිය දේශය සරුසාර උයනක් බවට පත් වෙයි. උයන සශ්‍රීකව වැඩෙන වනාන්තරයක් බවට පත් වෙයි.+
16 “පාළුකරයේ යුක්තිය රජයයි. සරුසාර උයන ධර්මිෂ්ඨ ජනයාගෙන් පිරී ඉතිරෙයි.+ 17 ධර්මිෂ්ඨකම රජයන නිසා සාමය උදා වෙයි.+ ධර්මිෂ්ඨ සමාජයක් බිහි වන නිසා ජනයා සදහටම කිසි කරදරයක් නොමැතිව සුරක්ෂිතව කල් ගෙවනු ඇත.+ 18 මාගේ සෙනඟ තම නිවහන්වල සාමකාමීව කල් ගෙවන්නෝය. ඔවුහු කිසි බියක් සැකක් නොමැතිව සුවසේ ජීවත් වන්නෝය.+ 19 නමුත් හිම කැට වර්ෂාවකින් ගන කැලෑවද නුවරද පොළොවටම සමතලා වී යයි.+
20 “දිය පහරවල් අසල බීජ වපුරමින්+ කෙතට ගවයන්ව හා බූරුවන්ව රැගෙන යන+ ජනයා සන්තෝෂවත්ය.”