හෙබ්‍රෙව්
11 විශ්වාසය+ යනු තමන් බලාපොරොත්තු වන දේවල් ඉටු වන බව කිසි ලෙසකින්වත් සැක නොකිරීමයි.+ එසේම තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.+ 2 පුරාණයේ විසූ මිනිසුන්ට එවැනි විශ්වාසයක් තිබුණු නිසා දෙවි තමන්ව පිළිගත් බවට ඔවුන්ට දෙවිගෙන් සාක්ෂි ලැබිණ.+
3 දෙවිගේ අණ පරිදි+ මුළු මහත් විශ්වයම* සාදනු ලැබූ බව අප වටහාගන්නේ අප තුළ ඇති විශ්වාසය නිසාය.+ ඒ අනුව අප නොදකින දේවලින් අප දකින සෑම දෙයක්ම බිහි වී ඇති බව අපට වැටහෙයි.+
4 ආබෙල් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු කායින්ට වඩා වටිනා පූජාවක් දෙවිට ඔප්පු කළේය.+ ඔහු තුළ එවැනි විශ්වාසයක් තිබුණු නිසා ඔහු දුන් පරිත්‍යාගය දෙවි පිළිගත් බවට ඔහුට සාක්ෂියක් ලැබුණු අතර+ ඔහු ධර්මිෂ්ඨයෙකු බවටත් ඔහුට සාක්ෂියක් ලැබිණ. ඔහු මිය ගියත් ඔහු තුළ තිබූ විශ්වාසය ඔහු වෙනුවෙන් තවමත් කතා කරයි.+
5 ඒනොක්+ තුළ තිබූ විශ්වාසය නිසා ඔහුව දෙවි විසින් ගෙන යන ලදි. එමනිසා ඔහු සාමාන්‍ය මරණයක් අද්දුටුවේ නැත. දෙවි ඔහුව ගෙන ගිය නිසා+ ඔහුව සොයාගත නොහැකි විය. නමුත් ඔහුව ගෙන යෑමට කලින් තමා දෙවිව සතුටු කර තිබූ බවට ඔහු සාක්ෂි ලැබුවේය.+ 6 ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම්+ ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.+ මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත්+ දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට+ ඔහු ආශීර්වාද කරන බවත්+ විශ්වාස කළ යුතුයි.
7 නෝවා+ තුළ තිබූ විශ්වාසය නිසා ඒ වන තුරු නුදුටු දේවල් ගැන දෙවිගෙන් අනතුරු ඇඟවීමක් ලැබූ විට+ ඔහු දේවගරුබිය පෙන්වමින් තම පවුලට අයත් අයගේ ගැලවීම සඳහා නැවක් සෑදුවේය.+ ඔහුට තිබූ විශ්වාසය නිසා එවකට පැවති ලෝකය දඬුවම් ලැබීමට සුදුසු බව ඔහු ඔප්පු කළ අතර+ එය ඔහුව ධර්මිෂ්ඨ කෙනෙකු ලෙස සැලකීමට මඟ පෑදුවේය.+
8 ආබ්‍රහම්+ තුළ තිබූ විශ්වාසය නිසා ඔහුව කැඳවනු ලැබූ විට තමාට උරුමයක් ලෙස ලැබීමට නියමිතව තිබුණු ස්ථානයකට පිටත්ව යෑමෙන් ඔහු තම කීකරුකම පෙන්නුම් කළේය. තමන් කොතැනට යනවාද කියා නොදැන සිටියත් ඔහු පිටත්ව ගියේය.+ 9 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වෙනත් රටක ජීවත් වන කෙනෙකු මෙන් තමාට පොරොන්දු වූ දේශයෙහි විදේශිකයෙකු ලෙස වාසය කළ අතර+ එම පොරොන්දුවට ඔහු සමඟ උරුමකම් කියන+ ඊසාක්+ සහ යාකොබ්+ සමඟ කූඩාරම්වල වාසය කළේය.+ 10 මන්ද ඔහු බලා සිටියේ සැබෑ අත්තිවාරමක් ඇති නුවර+ පිහිටුවන තුරුය. ඒ නුවරෙහි නිර්මාතෘ සහ සැදුම්කරු දෙවිය.+
11 සාරා+ තුළ තිබූ විශ්වාසය නිසා පොරොන්දුව දුන් තැනැත්තාණන් එය විශ්වාසවන්තව ඉටු කරයි කියා ඇය දැන සිටියාය.+ වයස් සීමාව පසු කර සිටියත්+ දරුවෙකු පිළිසිඳගැනීමට ඇයට හැකියාව ලැබිණ. 12 එහෙයින් මළ කෙනෙකු හා සමාන වූ+ එක් පුරුෂයෙකුගෙන්+ අහසේ තාරකා මෙන් අසංඛ්‍යාත වූ, මුහුදු වෙරළේ වැලි මෙන් ගණන් කළ නොහැකි තරම් වූ දරුවෝ බිහි වූහ.+
13 පොරොන්දු ඉටු වන අයුරු ඔවුන්ට දැකගැනීමට නොහැකි වුවත්+ ඔවුහු සියලුදෙනාම විශ්වාසයකින් කටයුතු කළ අය ලෙස මිය ගියෝය.+ මන්ද ඒවා ඉටු වන අයුරු ඔවුන් කලින්ම තේරුම්ගත් අතර+ ඒ ගැන බොහෝ සෙයින් ප්‍රීතිමත් වී තමන් ජීවත් වූ ඒ දේශයෙහි ආගන්තුකයන් හා තාවකාලික පදිංචිකරුවන් ලෙස ජීවත් වූ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය.+ 14 එසේ පැවසීමෙන් ඔවුන් ඔප්පු කර පෙන්වූයේ තමන්ට අයිති වීමට තිබෙන වාසස්ථානය ගැන ඔවුන් මහත් ඕනෑකමකින් බලා සිටින බවය.+ 15 ඔවුන් පිටත්ව ආ දේශය ගැන සිතමින් ළත වූවා නම්+ ආපසු එහි යෑමට ඔවුන්ට ප්‍රස්තාව තිබිණ.+ 16 නමුත් දැන් ඔවුන් හා සමානව සිටින අය ඊටත් වඩා උතුම් ස්ථානයක් එනම්, ස්වර්ගයට අයත් ස්ථානයක් අත් කරගැනීමට වෑයම් කරති.+ එහෙයින් දෙවි ඔවුන් ගැන ලැජ්ජා නොවන අතර ඔවුන්ගේ දෙවි ලෙස හඳුන්වනු ලැබීමටද සතුටු වෙයි.+ මන්ද ඔහු ඔවුන් වෙනුවෙන් නුවරක්+ සූදානම් කර ඇත.
17 ආබ්‍රහම් තුළ තිබූ විශ්වාසය කොතරම් ශක්තිමත්ද කියා සෝදිසි කරනු ලැබූ අවස්ථාවේදී+ ඔහු ඊසාක්ව පූජා කිරීමට වුවත් පසුබට වූයේ නැත. ඊසාක් ගැන පොරොන්දු වී තිබූ දේවල් ඔහු සතුටින් පිළිගෙන තිබුණත් ඔහු තම එකම පුත්‍රයාව ඔප්පු කිරීමට සූදානම් විය.+ 18 ඔහු එසේ කළේ, “‘ඔබට පොරොන්දු වූ තැනැත්තා’ පැවතෙන්නේ ඊසාක්ගෙන්ය” කියා ඔහුට පවසා තිබියදීමය.+ 19 මන්ද ඊසාක්ව මරණයෙන් පවා නැඟිටුවන්න දෙවිට හැකි බව ඔහු තේරුම්ගෙන සිටියේය.+ ඇත්තෙන්ම ඔහුගේ පුත්‍රයාව මරණයෙන් මුදා ඔහුට නැවත භාර දෙනු ලැබූ අතර එයින් යමක් සංකේතවත් කරන ලදි.+
20 ඊසාක් තුළ තිබූ විශ්වාසය නිසා පැමිණීමට නියමිත දේවල් පදනම් කරගෙන ඔහු යාකොබ්ට+ සහ ඒසව්ට+ ආශීර්වාද කළේය.
21 යාකොබ් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු මරණාසන්නව සිටියදී+ යෝසෙප්ගේ පුත්‍රයන් දෙදෙනාට වෙන වෙනම ආශීර්වාද කර+ තම සැරයටිය ආධාරයෙන් නැමී දෙවිට නමස්කාර කළේය.+
22 යෝසෙප් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ජීවිතයේ අවසන් කාලයට පැමිණි විට ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව යන අවස්ථාව+ ගැන සඳහන් කර තමාගේ ඇටකටු සම්බන්ධයෙන් කළ යුතු දේ ගැන ආඥාවක් දුන්නේය.+
23 මෝසෙස්ගේ දෙමාපියෝද විශ්වාසයකින් යුතුව ක්‍රියා කළෝය. එමනිසා ඔහුගේ උපතින් පසු ඔහු ලස්සන දරුවෙකු බව දුටු ඔවුහු,+ රජුගේ ආඥාවට බිය නොවී+ ඔහුව මාස තුනක් සඟවාගෙන සිටියෝය.+ 24 මෝසෙස් තුළ තිබූ විශ්වාසය නිසා ඔහු වැඩිහිටියෙකු වූ විට+ පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළ අතර,+ 25 පව්කාර දේවල් කරමින් තාවකාලික සැප භුක්ති විඳිනවා වෙනුවට දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තේය. 26 ඔහු එසේ කළේ ඊජිප්තුවේ වස්තුවලට වඩා අභිෂේක ලැබූ කෙනෙකු* ලෙස නින්දා අපහාස විඳීම+ උතුම් දෙයක් ලෙස සැලකූ නිසාය. මන්ද තමාට ලැබෙන ත්‍යාගය දෙස ඔහු ඕනෑකමින් බලා සිටියේය.+ 27 ඔහු තුළ තිබූ විශ්වාසය නිසා ඔහු ඊජිප්තුව අත්හැර ගියේය.+ ඔහු එසේ කළේ රජුගේ කෝපයට බිය වූ නිසා+ නොව නොපෙනෙන තැනැත්තාණන්ව දකිනවා හා සමාන විශ්වාසයකින් ඔහු දිගටම ස්ථිරව සිටි නිසාය.+ 28 තම විශ්වාසයට අනුව ක්‍රියා කළ ඔහු, පාස්කුව පැවැත්වූ අතර+ දේවදූතයා ඔවුන්ගේ කුලුඳුලන්ව මරණයට පත් නොකිරීම සඳහා+ ඔහු උළුවහුවල ලේ තැවරීමට පියවර ගත්තේය.+
29 ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ+ රතු මුහුද මැදින් ගමන් කළෝය. නමුත් ඊජිප්තුවරුන් ඒ මැදින් යෑමට උත්සාහ කළ විට මුහුද ඔවුන්ව ගිලගත්තේය.+
30 ඔවුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුන් දවස් හතක් පුරා යෙරිකෝවේ පවුරු වටා ගමන් කළ පසු ඒවා බිඳ වැටුණේය.+ 31 ගණිකාවක් වූ රාහබ්ද+ විශ්වාසයකින් යුතුව ක්‍රියා කළාය. ඇය ඔත්තුකාරයන්ව සාදරයෙන් පිළිගත් නිසා අකීකරුව ක්‍රියා කළ අය සමඟ විනාශ නොවූවාය.+
32 මා තව කුමක් කියන්නද? මන්ද ගිඩියොන්ද+ බාරාක්ද+ සැම්සන්ද+ යෙප්තාද+ දාවිත්ද+ සාමුවෙල්+ සහ අනිකුත් අනාගතවක්තෘවරුන්ද+ ගැන කීමට පටන්ගත්තොත් මට කාලය මදි වෙයි. 33 ඔවුන් තුළ තිබූ විශ්වාසය කොතරම්ද කිවහොත් ඔවුහු රාජ්‍යයන් පවා පරාජය කළෝය.+ ධර්මිෂ්ඨකමින් ක්‍රියා කළෝය.+ පොරොන්දු ලැබුවෝය.+ එලෙසම සිංහයන්ගේ කටවල් පියෙව්වෝය.+ 34 බලවත් ගින්නකින් පවා ගැලවුණෝය.+ කඩු මුවහතින්ද බේරුණෝය.+ දුර්වලව සිටියත් බලවත් වූ අතර+ යුද්ධයේදී නිර්භීතව සටන් කළෝය.+ විදේශීය සේනා පලවාහැරියෝය.+ 35 එසේම ස්ත්රීන්ගේ දරුවන් මිය ගිය විට ඔවුන්ව නැවත නැඟිටුවන ලදි.+ තවත් අය ප්‍රතිපත්ති පාවා දීමක් මගින් යම් නිදහසක් ලබාගැනීමට තිබූ අවස්ථා ප්‍රතික්ෂේප කළ නිසා බොහෝ වධ හිංසාවලට ලක් වූහ. ඔවුන් එසේ ක්‍රියා කළේ වඩාත් උතුම් නැවත නැඟිටීමක් ලබාගැනීම සඳහාය. 36 තවත් සමහර අය සමච්චලයට ලක් වී කස පහර ලැබූහ. ඔවුන්ගේ අත් පාවලට විලංගු දමා+ සිරගෙවල්වලදී පීඩා කරන ලදි.+ 37 ඔවුන්ට ගල්වලින් ගසන ලදි.+ ඔවුන් දැරූ ස්ථාවරය අත්හැරීමට බල කරමින් ඔවුන්ට පීඩා කරන ලදි.+ ඔවුන්ව කියතෙන් දෙකට ඉරනු ලැබීය. ඔවුහු කඩුවෙන් මැරුම් කෑවෝය.+ අගහිඟකම්වලින් පෙළෙමින් පීඩා+ සහ වධ හිංසාද විඳිමින්+ බැටළු හම්+ හා එළු හම් ඇඳගෙන අසරණව+ තැනින් තැන ඇවිද්දෝය. 38 එවැනි අය මෙම ලෝකයට යහපත් වැඩිය. ඔවුහු පාළු තැන්වලද කඳුවලද සැරිසරමින් ගුහාවලද+ බිම්ගෙවල්වලද ජීවත් වූහ.
39 ඔවුන් සියලුදෙනා තිබූ විශ්වාසය නිසා ඔවුන්ට දුන් පොරොන්දු ඉටු වන බවට සාක්ෂි ලැබුණත් ඒවායේ ඉටු වීම ඔවුන් දුටුවේ නැත.+ 40 එසේ වූයේ දෙවි අප සඳහා+ වඩා උතුම් දෙයක් දීමට+ කල්තියාම තීරණය කළ නිසාය. මන්ද අපට කලින් ඔවුන්ට+ පරිපූර්ණත්වය ලබා දීමට+ දෙවි අදහස් නොකළේය.+