සෙකරියා
“යෙහෝවා දෙවි ඊශ්‍රායෙල්හි සියලු ගෝත්‍ර ගැනත් පොළොවේ සියලු වැසියන් ගැනත් විමසිල්ලෙන් සිටියි.+ එබැවින් යෙහෝවා දෙවි හද්‍රාක් දේශයටත් දමස්කයටත්,+ 2 ඇගේ* දේශ සීමාවේ පිහිටි හමාත් දේශයටත්+ විරුද්ධව තීන්දුවක් දී තිබේ. ඉතා බුද්ධිමත් වැසියන් සිටින බවට ප්‍රසිද්ධ වී සිටින+ තීර්+ හා සීදොන්+ නුවරවලට විරුද්ධවත් ඒ තීන්දුව ප්‍රකාශ කර තිබේ. 3 තීර්හි වැසියෝ විශාල බලකොටුවක් සාදාගත්තෝය. ඔවුහු පස් ගොඩගසන්නාක් මෙන් රිදී ගොඩගැසුවෝය. මඩ ගොඩගසන්නාක් මෙන් රන්ද ගොඩගැසුවෝය.+ 4 නමුත් යෙහෝවා දෙවි ඒ නුවර විනාශ කර දමන්නේය. එහි හමුදාවට මුහුදේදී පහර දී ඔවුන්ව සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරන්නේය.+ මුළු නගරයම ගින්නෙන් දවා දමන්නේය.+ 5 තීර්ට සිදු වූ දේ ගැන අසා අෂ්කෙලොන් භයෙන් වෙවුලනු ඇත. ගාසා නුවරේ වැසියෝද මේ දේවල් නිසා දැඩි සිත් වේදනාවකට පත් වන්නෝය. තීර් මත විශ්වාසය තැබූ+ එක්‍රොන් නුවරේ වැසියන්ගේ+ බලාපොරොත්තු සුන් වී යන්නේය. ගාසා නුවර පාලනය කිරීමට කිසිවෙක් ඉතුරු වන්නේ නැත. අෂ්කෙලොන් නුවර සම්පූර්ණයෙන්ම පාළු වී යන්නේය.+ 6 අෂ්දොද් නගරයට+ අවජාතක දරුවෙක්+ පැමිණෙනු ඇත. පිලිස්තිවරුන් ආඩම්බරයෙන් සැලකු දේ නැති කර දමනු ඇත.+ 7 ලේ තැවරුණු මස් ඇතුළු සියලු පිළිකුල්සහගත කෑම ඔවුන්ගේ කටින් ඉවත් කරනු ඇත.+ ඉන්පසු ඔවුන්වද අපේ දෙවිට සේවය කිරීමට තෝරාගනු ලබයි. ඔවුහු යූදා දේශයේ+ අධිපතීන්+ හා සමානව කටයුතු කරන්නෝය. එක්‍රොන් දේශයේ වැසියෝද යෙබූසිවරුන්+ මෙන් ක්‍රියා කරන්නෝය. 8 ‘සතුරන් මාගේ සෙනඟට කරන්න හදන දේ මම හොඳින් දනිමි.+ එහෙයින් මම ඔවුන්ගේ දේශය ළඟින්ම කඳවුරු බැඳගෙන රැකවලෙකු සේ කටයුතු කරන්නෙමි.+ තමන්ගේ කැමැත්ත පරිදි ඒ දේශය හරහා ගමන් කිරීමට මම කිසිවෙකුට ඉඩ දෙන්නේ නැත. මම නැවත කිසිවෙකුට ඔවුන්ගෙන් බලෙන් වැඩ ගැනීමට ඉඩ නොදෙන්නෙමි.+
9 “‘සියොන් දියණිය, ප්‍රීතියෙන් ඉපිල යන්න.+ යෙරුසලම් දියණිය, ප්‍රීති ඝෝෂා නඟන්න.+ මන්ද ඔබේ රජ+ බූරුවෙකු* පිට නැඟී+ ඔබ වෙතට එන්නේය.+ ඔබේ රජු ධර්මිෂ්ඨ, නිහතමානී රජෙකි.+ ඔහු සතුරන්ගෙන් ජය ලබා+ ඔබ වෙතට එන්නේය. 10 මම එෆ්‍රායිම් දේශයේ ඇති යුධ රථ විනාශ කර දමන්නෙමි. යෙරුසලමේ සිටින අශ්වයන්ව පන්නා දමන්නෙමි.+ ඔවුන්ගේ දුනු+ සුනුවිසුනු කර දමන්නෙමි. ඔබේ රජ ජාතීන්ට සාමය ප්‍රකාශ කරනු ඇත.+ සයුරෙන් සයුරටද මහ ගඟේ* සිට පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.+
11 “‘සියොන් දියණිය, වතුර සිඳී ගිය ගැඹුරු වළක සිර කර තැබූ ඔබේ සෙනඟව+ මම මුදවාගන්නෙමි. මා එසේ කරන්නේ ඔබ සමඟ ලෙයින් ඇති කරගත් ගිවිසුම+ පදනම් කරගෙනය.
12 “‘බලාපොරොත්තුවක් ඇතුව සිටින සිරකරුවෙනි,+ දැන් බලකොටුව+ වෙතට පියනඟන්න.
“‘සියොන් දියණිය, ඔබ වින්ද වේදනා වෙනුවට මම ඔබට දෙගුණයක් ආශීර්වාද කරන්නෙමි.+ 13 මම යූදා නමැති මාගේ දුන්න ගෙන* එෆ්‍රායිම් නමැති ඊතලය එහි රඳවන්නෙමි. සියොන් දියණිය, මම ඔබේ පුත්‍රයන්ව+ ග්‍රීසියේ+ හමුදාවට විරුද්ධව නැඟී සිටින්න සලස්වන්නෙමි. යුධ දක්ෂයෙකුගේ කඩුවක් මෙන් මම ඔබව බලවත් කරන්නෙමි.’+ 14 එවිට යෙහෝවා දෙවි තම සෙනඟ සමඟ සිටින බව සියලුදෙනාම පැහැදිලිව දකිනු ඇත.+ දෙවිගේ ඊතලය විදුලිය මෙන් වේගයෙන් ගමන් කරයි.+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි හොරණෑව පිඹ,+ කුණාටුවක් සමඟින් දකුණු දිශාවෙන් පැමිණෙන්නේය.+ 15 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි තම සෙනඟව ආරක්ෂා කරනු ඇත. ඔවුන්ට ගල්පටිවලින් දරුණු ප්‍රහාර එල්ල කළත් ඔවුහු ඒ ප්‍රහාරවලින් ජය ගන්නෝය.+ පූජාසනය+ වෙතට ගෙනෙන භාජන ලෙයින් පිරී තිබෙන්නාක් මෙන්ද ඒ ලේ පූජාසනය පුරාම වත් කරන්නාක් මෙන්ද ඔවුන්ගේ දේශය පුරාම බොහෝ ලේ වගුරුවනු ඇත. එවිට ඔවුහු බොහෝ වයින් පානය කර+ තෘප්තියට පත් වූ අය මෙන් හැසිරෙනු ඇත.
16 “ඒ කාලයේදී, එඬේරෙකු බැටළු රැළ ආදරයෙන් රැකබලා ගන්නාක් මෙන්,+ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන්ව ආරක්ෂා කරනු ඇත.+ ඔටුන්නක තිබෙන මැණික් ගල් මෙන් ඔවුහු දෙවිගේ දේශයේ බැබළෙනු ඇත.+ 17 දෙවි මොන තරම් යහපත්ද!+ ඔහු මොන තරම් තේජාන්විතද!+ ඒ කාලයේදී, ධාන්‍ය හා අලුත් වයින් බහුලව තිබෙන නිසා තරුණ තරුණියෝ කා බී තෘප්තියට පැමිණෙන්නෝය.”+