එළිදරව්
13 ඌ මුහුද අසල වැල්ලේ සිටියේය.+
එවිට මම අං දසයක්ද+ හිස් හතක්ද+ ඇති මෘගයෙකු+ මුහුදෙන් මතු වන ආකාරය දුටුවෙමි.+ උගේ අං මත ඔටුනු දසයක්ද උගේ හිස් මත දෙවිට අපහාසයක් ගෙන දෙන+ නම්ද සටහන් වී තිබිණ. 2 මා දුටු මෘගයා දිවියෙකු වැනිය.+ නමුත් උගේ පාද වලසෙකුගේ පාද මෙන්ද+ උගේ කට සිංහයෙකුගේ+ කට මෙන්ද විය. මකරා+ ඒ මෘගයාට තමාගේ බලයත් තමාගේ සිංහාසනයත් මහත් අධිකාරියත් දුන්නේය.+
3 උගේ හිස්වලින් එකකට මරු පහරක්+ එල්ල වී තිබූ ආකාරය මට පෙනිණ. නමුත් ඌට එල්ල වී තිබූ මරු පහර පසුව සුව විය. මුළු පොළොවම ගෞරවයෙන් යුතුව ඒ මෘගයා පසුපස ගියේය. 4 මකරා, මෘගයාට අධිකාරිය දුන් නිසා ඔවුහු මකරාට නමස්කාර කළෝය. එසේම, “මෘගයාට සමාන කවුද? ඌට විරුද්ධව යුද්ධ කළ හැක්කේ කාටද” යන වචන පවසමින් ඔවුහු මෘගයාටද නමස්කාර කළෝය. 5 එලෙසම පුරසාරම් දෙඩීමට+ හා දෙවිට අපහාස ගෙන දෙන දේවල් පැවසීමට+ හැකි කටක් ඌට දෙන ලදි. මාස හතළිස්දෙකකට+ අධිකාරියද ඌට දෙන ලදි. 6 එවිට ඌ දෙවිට අපහාස කිරීමටත්+ ඔහුගේ නාමයට සහ ඔහුගේ වාසස්ථානයට මෙන්ම ස්වර්ගයෙහි වාසය කරන සියලුදෙනාට අපහාස කිරීමටත් තම කට ඇරියේය.+ 7 ශුද්ධ තැනැත්තන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පරාජය කිරීමටත්+ ඌට අවසර ලැබිණ.+ සියලු ගෝත්‍රයන්ද ජනයන්ද භාෂාවන්ද ජාතීන්ද කෙරෙහි අධිකාරියත් ඌට දෙන ලදි. 8 පොළොවෙහි වාසය කරන සියලුදෙනාද ඌට නමස්කාර කරන්නෝය. මරා දමනු ලැබූ+ බැටළු පැටවාගේ ජීවන ලියවිල්ලෙහි+ ඔවුන් කිසිවෙකුගේ නම් සටහන් වී නැත. එම ලියවිල්ල පිළියෙල කර තිබෙන්නේ පොළොවේ දරුවන් බිහි වූ දා* සිටය.+
9 පවසනු ලබන දේට සවන් දී එය තේරුම්ගැනීමට උත්සාහ කරන්න.+ 10 යමෙකු වහල්කමට නියම වී ඇත්නම් ඔහු වහල්කමට යනු ඇත.+ යමෙක් අන් අයව කඩුවෙන් මරා දමනවා නම් ඔහුවත් කඩුවෙන් මරා දැමිය යුතුයි.+ ඒ අනුව ශුද්ධ තැනැත්තන්+ අනිවාර්යයෙන්ම විඳදරාගත යුතු අතර+ ඔවුන් ස්ථිර විශ්වාසයකින්ද සිටිය යුතුයි.+
11 මම තවත් මෘගයෙකු+ දුටුවෙමි. ඌ මතු වූයේ පොළොවෙනි.+ ඌට බැටළු පැටවෙකුගේ අං දෙකක් හා සමාන අං තිබිණ. නමුත් ඌ මකරෙකු මෙන් කතා කරන්න පටන්ගත්තේය.+ 12 ඌ මුල් මෘගයා සතු පූර්ණ අධිකාරිය ඒ මෘගයා ඉදිරියෙහිම ක්‍රියාත්මක කරන්නේය.+ මීට අමතරව ඌ, මාරක පහර ලබා සුව වූ ඒ මුල් මෘගයාට+ නමස්කාර කිරීමට පොළොවටද එහි වාසය කරන අයටද බල කරන්නේය. 13 එලෙසම ඌ මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරමටම මහත් ලකුණු සිදු කරන්නේය.+
14 මෘගයා ඉදිරියෙහි ලකුණු සිදු කිරීම සඳහා ඌට දෙන ලද අවසරය යොදාගෙන ඌ පොළොවේ වාසය කරන අයව නොමඟ යවන්නේය. කඩු පහර ලැබූ+ නමුත් නැවත ජීවනය ලැබූ මෘගයාගේ රූපයක් සෑදීමටද+ ඌ පොළොවේ වාසය කරන අයට පවසන්නේය. 15 එලෙසම මෘගයාගේ එම රූපයට පණ දීමටත් ඌට අවසර දෙන ලදි. එහි ප්‍රතිඵලයක් ලෙස මෘගයාගේ රූපයට කතා කිරීමේ හැකියාවද තම රූපයට කිසි ලෙසකින් හෝ නමස්කාර නොකරන සියලුදෙනාව මරණයට පත් කිරීමේ හැකියාවද ඒ රූපයට ලැබේ.+
16 ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස හා නිර්දාසයන් යන සියලු තරාතිරම්වල මිනිසුන් තම දකුණතෙහි හෝ තම නළලෙහි සලකුණක් දමාගත යුතුයි+ කියා ඌ ඒ සියලුදෙනාට බල කරන්නේය.+ 17 ඒ සලකුණ එනම්, මෘගයාගේ නම+ හෝ උගේ නමෙහි අංකය+ හෝ ඇති යමෙකුට මිස වෙන කිසිවෙකුට කිසිවක් මිල දී ගැනීමටවත් විකිණීමටවත් හැකියාවක් ලැබෙන්නේ නැත. 18 යමෙකුට ප්‍රඥාව අවශ්‍ය වන්නේ මෙහිදීය. බුද්ධිමත් තැනැත්තා මෘගයාගේ අංකය කුමක්ද කියා ගණන් බැලිය යුතුයි. මන්ද එය මිනිසුන්ගේ අංකයකි.+ උගේ අංකය හයසිය හැටහය වේ.+