දේශනාකාරයා
2 පසුව මම මටම මෙසේ කියාගතිමි.+ “විනෝදබර ජීවිතයක් ගත කර+ මට සතුට ලබාගත හැකිදැයි සොයා බලන්නෙමි.”+ නමුත් එයත් ඉතා නිෂ්ඵල දෙයක් බව මට වැටහුණි. 2 මම සිනාවට කතා කර, “මෙය මහා මෝඩකමකි”+ කියා පැවසුවෙමි. විනෝදයට+ කතා කර, “මෙයින් ඇති ප්‍රයෝජනය කුමක්ද” කියා ඇසුවෙමි.
3 විනෝදබර සැහැල්ලු ජීවිතයක් ගත කිරීමෙන් අත් වන ප්‍රයෝජන තේරුම්ගැනීමට මම වයින් පානය කරමින් ජීවිතය සතුටින් ගත කළෙමි.+ එසේ කළත් මම ප්‍රඥාවන්ත මාර්ගයෙන් ඉවත් නොවුණෙමි.+ මෙලෙස, මිනිසා තම ජීවිතය ගත කළ යුත්තේ කෙසේදැයි මම තේරුම්ගතිමි.+ 4 මම නොයෙකුත් වැඩවල යෙදුණෙමි.+ මම මටම කියා ගෙවල් ගොඩනඟා ගත්තෙමි.+ මිදිවතු වවාගත්තෙමි.+ 5 වතුද උයන්ද සාදා+ නානාවිධ පලතුරු ගස් වැවුවෙමි. 6 වනාන්තරයේ ගස් වැල්වලට වතුර සැපයීම සඳහා+ පොකුණුද සාදාගත්තෙමි.+ 7 මට බොහෝ සේවක සේවිකාවෝ සිටියෝය.+ මගේම ගෙයි උපන් සේවකයෝද සිටියෝය.+ යෙරුසලමේ ජීවත් වූ වෙන කිසිම කෙනෙකුට වඩා විශාල ගව රැළවල්ද එළු බැටළු රැළවල්ද මට සිටියෝය.+ 8 මම බොහෝ රන්ද රිදීද රැස් කරගතිමි.+ රජවරුන්ට අයිති ඉඩම්ද විවිධ පළාත්වල තිබූ වටිනා ඉඩම්ද මම හිමි කරගතිමි.+ ගායක ගායිකාවෝද+ පිරිමින්ගේ සිත්ගත්+ බොහෝ කාන්තාවෝද මට සිටියෝය.+ 9 මට කලින් යෙරුසලමේ ජීවත් වූ අන් සියලුදෙනාටම වඩා මම ඉතා ශ්‍රේෂ්ඨ, බලවත් කෙනෙක් වුණෙමි.+ මට තරම් වත්කමක් වෙන කිසිවෙකුට තිබුණේ නැත. මම සැමවිටම ප්‍රඥාවන්තව ක්‍රියා කළෙමි.+
10 මාගේ ඇස්වලට ප්‍රිය කළ සෑම දෙයක්ම මම ලබාගතිමි.+ මම හිතේ හැටියට සතුටු වුණෙමි. මන්ද වෙහෙස මහන්සි වී කළ සෑම වැඩකින්ම මම තෘප්තියක් ලැබුවෙමි.+ මගේ දෑතේ උත්සාහයෙන් කළ සියලු වැඩවලින් මට ලැබුණු ප්‍රතිඵලය එයයි.+ 11 එහෙත් මා ඉටු කළ සෑම දෙයක් දෙසද මගේ දෑතේ උත්සාහයෙන් කළ සෑම වැඩක් දෙසද ආපසු හැරී බලද්දී+ ඒ සියල්ලත් නිෂ්ඵල බව මට පෙනුණි. එය සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් විය.+ ඉර යට කෙරෙන කිසි වැඩකින් ප්‍රයෝජනයක් නැති බව මට පෙනී ගියේය.+
12 එවිට මම ප්‍රඥාව ගැනත්+ මෝඩකම ගැනත් සිහිවිකල්ව+ කටයුතු කරන කෙනෙකුගේ ජීවන රටාව ගැනත් කල්පනා කළෙමි. සාමාන්‍ය මිනිසෙකු රජුගේ තැනට පත් වුණොත් ඔහුට කළ හැක්කේ කුමක්ද? මේ දක්වාම මිනිසා කර තිබෙන දේවල්ම නොවේද? 13 අඳුරට වඩා ආලෝකයෙන් ප්‍රයෝජනයක් තිබෙන්නා සේම+ මෝඩකමට වඩා ප්‍රඥාව ප්‍රයෝජනවත් වන බව මම වටහාගතිමි.+
14 ප්‍රඥාවන්තයා තමන් යන මඟ හොඳින් දකියි.+ එහෙත් මෝඩයා ඇවිදින්නේ අන්ධකාරයේය.+ කෙසේනමුත්, ඒ සියලුදෙනාටම අවසානයේදී සිදු වන්නේ එකම දේ බව මම තේරුම්ගත්තෙමි.+ 15 එවිට මම මටම මෙසේ කියාගතිමි.+ “අවසානයේදී මට සිදු වන්නෙත්+ මෝඩයාට සිදු වන දේමයි.”+ එසේනම්, මෙතරම් ප්‍රඥාවක් ඇතුව සිටීමෙන් මට ඇති ප්‍රයෝජනය කුමක්ද?+ “එයින්ද කිසි පලක් නැත” යයි මම සිතුවෙමි. 16 කල් යත්ම, මෝඩයාව වගේම ප්රඥාවන්තයාවද මිනිසුන්ගේ මතකයෙන් පහ වනු ඇත.+ පසු කලෙකදී සියලුදෙනාවම මතකයෙන් බොඳ වී යන්නේය. ප්‍රඥාවන්තයෙකු මිය යන්නේ කෙසේද? මෝඩයෙකු මිය යන ආකාරයටමය.+
17 මට ජීවිතය එපා විය.+ මන්ද ඉර යට කරන සෑම දෙයකින්ම අත් වන්නේ දුක් කරදර පමණි.+ ඒ සියල්ල නිෂ්ඵලය. සුළඟ පසුපස හඹා යන්නාක් මෙනි.+ 18 ඉර යට මා වෙහෙස මහන්සි වී කළ සියලු වැඩ ගැන+ මම බොහෝ සෙයින් පසුතැවුණෙමි. මන්ද මගෙන් පසුව වෙනත් මිනිසෙකු ඇවිත් ඒ සියල්ල භුක්ති විඳියි.+ 19 එහෙත් ඔහු ප්‍රඥාවන්තයෙකු වේවිද නැතහොත් මෝඩයෙකු වේවිද කියා පැවසිය හැක්කේ කාටද?+ ඔහු කෙබඳු කෙනෙකු වුවද මගේ දෑතේ උත්සාහයෙන් හා ප්‍රඥාවෙන් ලබාගත් සියල්ල හිමි වන්නේ ඔහුටයි.+ මෙයද මහා නිෂ්ඵලකමකි. 20 එබැවින් මම වෙහෙස මහන්සි වී ඉර යට කළ සියලු වැඩ ගැන සිතා කලකිරුණෙමි.+ 21 මන්ද මිනිසෙකු තම ප්‍රඥාවද දැනුමද දක්ෂතාද යොදාගනිමින් වෙහෙස මහන්සි වී වැඩක නිරත වුණත්+ එයින් ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඒ වෙනුවෙන් කිසි උත්සාහයක් නොදැරූ අයෙකි.+ මෙයද මහා නිෂ්ඵලකමක් මෙන්ම දුකකි.+
22 මිනිසෙකු ඉර යට වෙහෙස මහන්සි වී කරන සියලු වැඩවලටත් ඔහුගේ අවංක උත්සාහයටත් ඔහුට ලැබෙන්නේ කුමක්ද?+ 23 ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඔහු කරන සියලු වැඩවලින් ඔහුට ලැබෙන්නේ දුක් කරදර පමණි.+ රාත්‍රියේවත් ඔහුගේ සිතට කිසි විවේකයක් ලැබෙන්නේ නැත.+ මෙයද නිෂ්ඵලකමකි.
24 මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත.+ එය සැබෑ දෙවිගෙන් ලද ආශීර්වාදයකි.+ මමද එය අද්දුටුවෙමි. 25 මන්ද මට වඩා හොඳ කෑම+ බීම ඇත්තේ වෙන කාටද?+
26 දෙවි තමා ඉදිරියේ යහපත්ව හැසිරෙන+ මිනිසාට ප්‍රඥාවද දැනගැන්මද ප්‍රීතියද ලබා දෙයි.+ එහෙත් පව්කාරයා වෙහෙස මහන්සි වී වැඩ කළත් අවසානයේදී ඔහුට සිදු වන්නේ, තමා රැස් කරගත් දේ සැබෑ දෙවි ඉදිරියේ යහපත්ව හැසිරෙන තැනැත්තාට දීමටයි.+ මෙයද සුළඟ පසුපස හඹා යන්නාක් මෙන් වූ නිෂ්ඵල වෑයමකි.+