යෙසායා
54 “දරුවන් බිහි නොකළ වඳ ස්ත්‍රිය, ප්‍රීති ඝෝෂා නඟන්න!+
කවදාවත් ප්‍රසව වේදනා නොවිඳපු තැනැත්තිය,+ සතුටු වෙන්න! සතුටින් කෑගහන්න!+
මොකද ස්වාමිපුරුෂයෙක්* ඉන්න ස්ත්‍රියට වඩා
අත්හැරපු ස්ත්‍රියට බොහෝ පුතුන්* ඉන්නවා”+ කියලා යෙහෝවා දෙවියන් කියනවා.
2 “ඔබේ කූඩාරම තවත් විශාල කරගන්න.+
ඔබේ තේජවත් කූඩාරමේ තිර රෙදි දිගහැර
හැකි තාක් දුරට එහි සීමා පුළුල් කරන්න. එහි ලණු දික් කරන්න.
කූඤ්ඤත් සවිමත් විදිහට ගහන්න.+
3 මොකද ඔබේ මායිම් දකුණටත් වමටත් පැතිරිලා යයි.
ඔබෙන් පැවතෙන අය ජාතීන්ව යටත් කරගනියි.
පාළුවට ගිය නගරවල ඔවුන් පදිංචි වෙයි.+
4 බය වෙන්න එපා.+ මොකද ඔබව ලැජ්ජාවට පත් කරන්නේ නැහැ.+
ඔබ නින්දාවට පත් වෙලා කියලා හිතන්න එපා. මොකද ඔබට අගෞරව කරන්නේ නැහැ.
තරුණ කාලේදී ඔබ අද්දැක්ක ලැජ්ජාව ඔබට අමතක වෙයි.
වැන්දඹුවක් විදිහට ඔබ අද්දැක්ක නින්දාව ආයේ කවදාවත් ඔබට සිහි වෙන්නේ නැහැ.”
5 “මොකද ඔබේ ශ්‍රේෂ්ඨ සැදුම්කරු+ ඔබට ස්වාමිපුරුෂයෙක්*+ වගෙයි.
ඔහුගේ නම ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.
ඔබේ මිදුම්කරු ඊශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැත්තායි.+
මිනිස්සු ඔහුව මුළු පොළොවේම දෙවියන් කියලා හඳුන්වයි.+
6 යෙහෝවා ඔබට අඬගහද්දී ඔබ හිටියේ අත්හැරලා දාපු බිරිඳක් වගෙයි. ඔබ හිටියේ ශෝකයෙන් සහ වේදනාවෙන්.+
හරියට තරුණ වයසේදී විවාහ වෙලා අත්හැරලා දාපු බිරිඳක් වගේ” කියලා ඔබේ දෙවියන් කියනවා.
8 මම ලොකු කේන්තියකින් මොහොතකට මගේ මූණ ඔබෙන් ඉවතට හරවගත්තා.+
ඒත් සදා නොමියන මගේ ආදරය* නිසා මම ඔබට දයාව පෙන්නනවා.”+ එහෙම කියන්නේ ඔබේ මිදුම්කරු+ වන යෙහෝවායි.
9 “ඒක හරියට නෝවාගේ කාලේ සිද්ධ වුණ දේ වගෙයි.+
නෝවාගේ දවස්වලදී ඇති වුණා වගේ ජලගැල්මක් ආයේ ඇති වෙන්නේ නැහැ කියලා මම දිවුරලා පොරොන්දු වුණා.+
ඒ විදිහටම මම දිවුරලා කියනවා ආයේ ඔබ එක්ක කේන්ති ගන්නෙවත් ඔබට දඬුවම් කරන්නෙවත් නැහැ කියලා.+
10 කඳු අයින් කරලා දායි.
හෙල් දෙදරුම් කයි.
ඒත් මම ඔබට නොසැලෙන ආදරයක් පෙන්නනවා. ඒක කවදාවත් නවත්තන්නේ නැහැ.+
මම ඔබ එක්ක ඇති කරගත්ත සාම ගිවිසුමත් කවදාවත් කැඩිලා යන්නේ නැහැ”+ කියලා ඔබට දයාව පෙන්නන තැනැත්තා වන යෙහෝවා+ කියනවා.
11 “අනේ, දුක් පීඩා විඳින තැනැත්තිය,+ කුණාටුවකට අහු වෙලා ඒ මේ අත වීසි වෙන, සනසන්න කවුරුත් නැති තැනැත්තිය,+
මම ඔබව ගල් සහ බදාම දාලා ගොඩනඟනවා.
ඔබේ අත්තිවාරම නිල් මැණික්වලින් දානවා.+
12 ඔබේ පවුරු රතු කැටවලිනුත්
ඔබේ දොරටු ගින්දර වගේ දීප්තිමත් ගල්වලිනුත්
ඔබේ මායිම් සියල්ල වටින මැණික්වලිනුත් මම ගොඩනඟනවා.
14 ධර්මිෂ්ඨකම මාර්ගයෙන් ඔබව ස්ථිරව පිහිටුවයි.+
කිසිම කෙනෙක් ඔබට හිංසා කරන්නේ නැහැ.+
ඔබ කිසිම දේකට බය වෙන්නේ නැහැ. බයෙන් වෙවුලන්න හේතුවක් නැහැ.
මොකද බයගන්වන කිසිම දෙයක් ඔබට ළං වෙන්නෙවත් නැහැ.+
15 කවුරු හරි ඔබට පහර දුන්නොත්
ඒ මගේ අණ පිට නෙමෙයි.
ඔබට පහර දෙන්න එන ඕනෙම කෙනෙක් පරාජය වෙනවා.”+
ආයුධවලින් විනාශයක් කරන කෙනාව හැදුවෙත් මමයි.+
17 ඔබට විරුද්ධව හදන කිසිම ආයුධයක් කොහොමටවත් සාර්ථක වෙන්නේ නැහැ.+
ඔබව විනිශ්චය කරන්න ඔබට විරුද්ධව කට අරින හැමෝවම බොරුකාරයෝ කියලා ඔබ ඔප්පු කරයි.
යෙහෝවා වන මගේ සේවකයන්ට මම දෙන උරුමය ඒකයි.
මම ඔවුන්ව සලකන්නේ නිර්දෝෂ අය විදිහටයි” කියලා යෙහෝවා කියනවා.+